Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුප්‍රසිද්ධ භාණ්ඩ ප්‍රවාහන නෞකා

සාගරයේ විවිධ වර්ගයේ නෞකා ගමන් කරනවා. මේ විමසීම කරනු ලබන්නේ එවැනි විවිධ වර්ගයේ නෞකා කිහිපයක් පිළිබඳව යි.

රෝ – රෝ  (Roll-on/Roll-off)

රෝ-රෝ නෞකාවක, නැව් තට්ටුව (Bluesea Shipping Lines)

රෝ – රෝ යනු මෝටර් රථ, දුම්රිය මැදිරි හා ට්‍රක් රථ ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් සැකසුණු නෞකා වර්ගයක්. මෙම වර්ගයේ නෞකාවල භාණ්ඩ පැටවීම හා ගොඩ බෑම සඳහා ඇතුළත දොඹකර සවි කර නොමැති අතර ඒ සඳහා නෞකාව තුළ රෑම්ප් එකක් නිර්මාණය කර තිබෙනවා. බොහෝ විට එය සකස් කර තිබෙන්නේ නෞකාවේ ඉදිරිපස යි.

19 වන සියවසේ දී රෝ-රෝ මුලින්ම නිෂ්පාදනය වන්නේ දුම්රිය මැදිරි ප්‍රවාහනයට යි. පසුව මෝටර් රථ ප්‍රවාහනය (Pure Car Carriers) සඳහා වෙනම ද, ට්‍රක් රථ ප්‍රවාහනය (Pure Truck Carriers (PTC) සඳහා වෙනම ද රෝ-රෝ නෞකා නිෂ්පාදනය වෙනවා.

රෝ-රෝ නෞකාවක වාහන ගාල් කිරීම සඳහා මං තීරු ඉදිකර තිබෙනවා. වෙනත් නෞකාවල ධාරිතාවය මනිනු ලබන්නේ මෙට්‍රික් ටොන්වලින් වූවත් මෙම වර්ගයේ නෞකාවල ධාරිතාවය මනින්නේ ඇතුළත මං තීරුවල දිග ප්‍රමාණයෙනි.

මෙම නෞකාවලට වැඩි වේගයක් ලබා ගත හැකි ආකාරයෙන් සැලසුම් වී තිබෙනවා. වාහන ගොඩ බැසීම සඳහා ඉතා අඩු කාලයක් ගත වෙන බැවින් එක් වරායක සිට අනෙක් වරායට යාමට ද ගත වෙන්නේ ඉතා කුඩා කාලයක්.

ටෑන්කර් (Tanker)

YouTube

ඛනිජ තෙල්, වායු හා රසායන ද්‍රව්‍යය ප්‍රවාහනය කරන නෞකා මේ නමින් හඳුන්වනවා. මේ සඳහා විශේෂ සැලසුමකින් යුක්ත නෞකා නිපදවෙන අතර ලෝකයේ විශාලම නෞකා අතර වැඩි ප්‍රමාණයක් ටෑන්කර් ලෙස හදුනා ගත හැකි යි. මීට අමතරව එළවළු තෙල් හා වයින් ප්‍රවාහනය සඳහා ද යොදාගන්නේ මෙම නෞකා යි.

ඉතා ආරක්‍ෂිත ආකාරයෙන් නිර්මාණය කළ යුතු බැවින් මීට ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ මිනුම් හා උපදෙස් පිළිපැදිය යුතු යි. මෙම නෞකා වැඩිපුර නිෂ්පාදනය කරන්නේ දකුණු කොරියාව, ජපානය හා චීනය යි.

කන්ටේනර් (Container)

Business Insider

භාණ්ඩ ප්‍රවාහන නෞකා වර්ගයක් ලෙස කන්ටේනර් හැදින්විය හැකි යි. ප්‍රවාහනය කරන භාණ්ඩවල ආරක්ෂාව සඳහාත් නෞකාවේ ඉඩ කළමනාකරණය කර ගැනීම සඳහාත් විවිධ ප්‍රමාණවල කන්ටේනර් පෙට්ටි ඇසිරීමට හැකි නෞකා නිෂ්පාදනය ජනප්‍රිය වන්නේ 1950 වසරෙන් පසුව යි.

අද වන විට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් ආනයන හා අපනයන කිරීම් සිදු කරන්නේ කන්ටේනර් නෞකා හරහා යි. නෞකාවල ධාරිතාවය පැටවිය හැකි අඩි 20 කන්ටේනර් පෙට්ටි ප්‍රමාණයෙන් ප්‍රකාශ වෙනවා. මෙම වර්ගයේ විශාල නෞකාවකට කන්ටේනර් පෙට්ටි 15,000 ත් 16,000 ත් අතර ප්‍රමාණයක් පැටවිය හැකි යි.

පැනමා ඇල මාර්ගයේ මිනුම් අනුව නිර්මාණය කළ කන්ටේනර් නෞකා දැකිය හැකි අතර ඒවා පැනමැක්ස් ලෙස හඳුන්වනවා. සූවස් ඇළ මාර්ගයේ මිනුම් අනුව නිර්මාණය වූ ඒවා සුවස්මැක්ස් ලෙසත් හඳුන්වනවා. ඇතුළත දොඹකර නිර්මාණය කර ඇති හා නැති ලෙස ද කන්ටේනර් නෞකා කොටස් දෙකකට බෙදිය හැකි යි.

කෙසේ නමුත් ඉතා වේගවත් නෞකා වර්ගයක් වන මෙය වර්තමානය වන විට ලෝකය පුරා වේගවත් ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටිනවා.

ඩ්‍රයි – බල්ක්

Sea News

ධාන්‍ය වර්ග, ගල් අඟුරු, ලෝපස්  හා සිමෙන්ති ප්‍රවාහනය සඳහා යොදාගන්නේ මේ වර්ගයේ නෞකා යි. බොහෝ විට අදාළ ද්‍රව්‍යයන් පැටවීම සඳහා මෙහි ඇතුළත දොඹකර සවිකර නොමැති අතර පිටත සිට ඒවා පැටවීම හා බෑම සිදු කරනවා. විශාල ප්‍රමාණයේ බහාලුම් කුටි කිහිපයකින් නෞකාව සමන්විත යි. ඇතැම් නෞකා, නැව් තට්ටුව මත කන්ටේනර් පෙට්ටි හා ඩ්‍රයි-බල්ක් වර්ගයට අයත් නොවන භාණ්ඩ ගබඩා කර ප්‍රවාහනය කිරීම කළ හැකි අයුරෙන් නිපදවා තිබෙනවා.

මෙම වර්ගයේ නෞකා වෙළදපොළේ වැඩිම බලයක් ලබාගෙන තිබෙන්නේ චීනය, ජපානය හා දකුණු කොරියාව යි.

Related Articles