Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවූ ප්‍රකට​ අතුරුදහන් වීම කීපයක්

1. ෆ්ලයිට් 19 අතුරුදහන් වීම

wikimedia.org

1945 දෙසැම්බර් මස 05 වන දින ගුවන් බලගණ කීපයක් පුහුණු මෙහුයුමක් ආරම්භ කරන ලදී. මෙම මෙහෙයුම නම් කර තිබුණේ Navigation Problem Number One ලෙසයි. මෙම පුහුණුවේ අරමුණ වුයේ ඉලක්කයට බෝම්බ දැමීම අලුතෙන් බැඳුනු ගුවන් නියමුවන්ට පුහුණු කිරීමයි. ෆ්ලයිට් 19 බලගණයට බෝම්බ දමන ගුවන් යානා 5ක් අයත් විය. මෙම බලගණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ චාල්ස් කැරොල්ය. බලගණයේ සාමාජිකයින් ගණන 14කි. මෙහෙයුම සාර්ථකව නිම කළ යානා වලට නැවත මුලස්ථානයට වාර්තා කිරීමට නොහැකි විය. ඊට හේතුව ඔවුන් නැවත පැමිණෙන විට බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළ අහසේදී ෆ්ලයිට් 19ට අයත් යානා සියල්ලම කිසිම සාක්ෂියක් ඉතිරි නොකර අතුරු දහන් වීමයි. යානා සෙවීමට මෙහෙයුම් සිදු කළද කිසිඳු යානයක සුන්බුන් හමුවී නොමැත.

2. මේරි සෙලස්ට් අතුරුදහන් වීම

sometimes-interesting.com

මෙම සිදුවීම වාර්තා වන්නේ 1872 වසෙරේ දෙසැම්බර් මස 4 වන දිනයි. මෙහිදී “මේරි සෙලස්ට්” යන නැව මුහුදේ තනිවම පාවෙවී තියන අවස්ථාවක වෙනත් නැවකට හමුවී තිබේ. මේරි සෙලස්ට් නැව හමුවන අවස්ථාවේ එහි මිනිසුන් කිසිවෙකුත් ඉඳ නොමැත. මිනිස්සු නැති වෙනකොට අපිට සිතෙන්නේ නැව මුහුදු මංකොල්ලකරුවන්ට​ අසුවී ඇති බවයි. නමුත් පුදුමය වන්නේ මේ නැවේ කිසිම භාණ්ඩයක් හොරකම් කර නොමැති වීමයි. මේ නැවේ කට්ටිය අතුරුදහන් වීම අදටද​ අබිරහසක්.

3. ඩිරින්ග් අතුරුදහන් වීම

lifedaily.com

1920 වර්ෂයේ අනතුරට මුහුණ දුන් ඩිරින්ග් නෞකාව රුවල් නැවකි. මෙය යොදා ගන්නා ලද්දේ ගල් අඟුරු ප්‍රවහනයටයි. එක් අනතුරකින් බේරී ගමනාන්තයට ලංවෙමින් සිටින විට මෙය අතුරුදහන් වී ඇත. පසුව මෙම නැව සෙවීම සඳහා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1921දි මුහුදේ පාවෙමින් තිබියදී මෙම නැව සොයාගෙන ඇත. සොයාගන්නා අවස්ථාව වන විට නැවේ කිසිවෙකුත් සිට නැත.

4. එලන් ඔස්ටින් අතුරුදහන් වීම

americanflare.com

මෙය ඇමරිකාවට අයත් ද්විත්ව කුඹල් නැවකි. මෙය මුහුදේ අතරමන් වී පාවෙමින් තිබියදී වෙනත් නැවක් විසින් සොයාගන්නා ලදී. සොයාගන්නා විට මෙහි කිසිඳු පුද්ගලයෙක් නොසිටි නිසා ආධාරක නැවේ කපිතාන් වරයා තමාගේ නැවේ නාවිකයන් කීපදෙනෙකු ඔස්ටින් නැවේ සේවයට යොදවා ඇත. ඔවුන්ට උපදෙස් ලැබුණේ නිව්යෝක් බලා යාත්‍රා කිරීමටයි. ගමන අතරතුර දරුණු සුළි කුණාටුවකට මුහුණ දීමට ඔස්ටින් නැවට සිදු විය. ඉන් පසු යාත්‍රාව හා එයට යෙදවූ කාර්යමණ්ඩලය අතුරුදහන් විය.

 5. ෆ්ලයිට් 441 අතුරුදහන් වීම

thequesterfiles.com

මෙම අනතුර සිදු වුයේ 1954දිය. මෙය ඇමරිකාව සතුවූ විශාල ප්‍රවාහන ගුවන් යානයකි. මගින් 42ක් රැගත් මෙම යානය බර්මියුඩා ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයට ඇතුළු විය. පසුව පාලක මැදිරිය හා තිබු සම්භන්දය බිඳ වැටුණු අතර යානය හෝ මගින් සොයාගැනීමට නොහැකි විය.

6. යු එස් එස් සයික්ලොප්ස් අතුරුදහන් වීම

navyhistory.org

මෙය ඇමරිකානු නාවික හමුදාවට අයත් විශාල ගල් අඟුරු ප්‍රවාහන නැවකි. 1918දි මිනිසුන් 309 සමඟ මෙම නැව ගමන් ආරම්භ කරන ලදී. බර්මියුඩා ත්‍රිකෝණය තුලදී මෙම නැව එක් වරම අතුරුදහන් වූ අතර කෙතරම් මෙහෙයුම් දියත් කළත් එයට සිදු වූ දෙයක් අනාවරණය කර ගැනීමට නාවික හමුදාවට හැකිවුයේ නැත.

7. විච්ක්‍රාෆ්ට් අතුරුදහන් වීම

allforwoman.club

1967 වසරේ අතුරුදහන් වූ මෙය අඩි 23කින් යුතු කුඩා යාත්‍රාවකි. මියාමි මුහුදු තිරයේ යාත්‍රා කරමින් සිටි මෙම නැව යමක ගැටුණු බව හා ඔවුනට උදව් අවශ්‍ය බව මියාමි වෙරළ ආරක්ෂකයන්ට ඇමතුමක් ලැබිණි. ඔව්න් සිටින ස්ථානයට ලඟා වූ වෙරළ ආරක්ෂකයින්ට අතරමන් වූ යාත්‍රාවක සලකුණක් දක්නට නොලැබිණි. ඔවුන්ට අනුව මෙම යාත්‍රාව බර්මියුඩා ත්‍රිකෝණය දෙසට ගමන් කර ඇත.

8. BSSA ස්ටාර් ටයිගර් අතුරුදහන් වීම

thequesterfiles.com

මෙය සිදු වී ඇත්තේ 1948 වසරේ ජනවාරි මසයි. මෙම යානය තුළ මගින් 25ක් හා කාර්යමණ්ඩලයේ 6 දෙනෙක් ගමන් කරන ලදී. මෙම ගුවන් යානය අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී අතුරු දහන් වූ අතර යානය හෝ එහි ගමන් ගත් පිරිස පිලිබඳ කිසිඳු තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.

කවරයේ පින්තුරය – sun-sentinel.com

Related Articles