FBI එකට වැඩිපුරම අවශ්‍ය අපරාධකරුවන් 8ක්

ජේසන් ඩෙරෙක් බ්‍රවුන්

www.straitstimes.com

ජේසන් ඩෙරෙක් බ්‍රවුන්ව FBI මගින් සොයනු ලබන්නේ එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් හී සිදුවූ මිනීමැරුමක් හා අපරාධයක් සම්බන්ධවයි. මෙය සිදු වී ඇත්තේ 2004 නොවැම්බර් මාසයේ දීයි. ඔහු විසින් සිනමා ශාලාවක දී වෙඩි තබා, මිනීමැරුම සිදුකර මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා. ජේසන් බ්‍රවුන් චතුරව ප්‍රංශ භාෂාව හසුරුවන අතර අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් ද ඔහු සතුයි. එසේම ඔහු ගොල්ෆ් ක්‍රීඩා භාණ්ඩ ආනයනකරුවෙක්, ගොල්ෆ් ක්‍රීඩා ලෝලියෙක් මෙන්ම හිමමත ලිස්සා යාමේ හපනෙක් ලෙස ද සැලකෙනවා. FBI විසින් මොහුව සොයා ගැනීම වෙනුවෙන් සෘජු ඔත්තුවක් ලබාදෙන අයෙකුට ලබාදෙන මුදල ඇමරිකානු ඩොලර් දෙලක්ෂයක්.   

සැන්ටියාගෝ විලල්බා මේඩරොස්

ytimg.com

මොහු ගැන නිවැරදි ඔත්තුවක් ලබා දෙන අයෙකුට FBI ආයතනය විසින් ලබා දෙන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂයක් වෙනවා. මොහු Eastside Lokotes Sureno නම් කල්ලියේ සාමාජිකයෙක්. මොහුට එරෙහිව ඇති චෝදනාවන් කිහිපයක් තිබෙනවා. ඒ සියල්ලම 2010 වසරේදී වොෂින්ටන් හි දී සිදුව තිබෙනවා. 2010 පෙබරවාරි මාසයේදී මෝටර් රථයකට වෙඩි තබා 20 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීම හා ඇයගේ සහෝදරයාට බරපතල තුවාල කිරීම ඉන් එකක් වනවා. අනිත් චෝදනාව වන්නේ 2010 මාර්තු මාසයේදී ගැටුමක් අතරතුර 21 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමයි.

විලියම් බ්‍රැඩ්ෆර්ඩ් බිෂොප් (කණිෂ්ට)

staticflickr.com

තම 37 හැවිරිදි බිරිඳ, අවුරුදු 68 වියැති මව හා පිළිවලින් වයස අවුරුදු 5,10, හා 14 වන දරුවන් තිදෙනාගේ මරණය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. මොහු විසින් මේ ඝාතන 1976 මාර්තු මස පළමුවෙනිදා මේරිලන්ඩ් හි බෙතෙස්ඩාහි දී සිදුකර තිබෙනවා. ඉන්පසු එම සිරුරු උතුරු කැරොලිනාවේ  කොලම්බියා හි නොගැඹුරු වලක වළලා පුළුස්සා තිබෙනවා. බිෂොප් එළිමහන් කටයුතු හා කඳු තරණය සඳහා ප්‍රියතාවයක් දක්වන කඳවුරුකරුවකු බව පැවසෙනවා. තවද ඔහු යේල් හා වර්මොන්ට් විශ්වවිද්‍යාල වලින් උපාධි වලට හිමිකම් කියනවා. ඔහුට ගුවන් යානා පැදවීමේ බලපත්‍රයක් පවා සතුයි. මොහු ගැන නිවැරදි ඔත්තුවක් ලබාදෙන අයෙකු වෙනුවෙන් FBI ආයතනය විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් පිරිනැමීමට සුදානමින් සිටිනවා.

රොබට් විලියම් ෆිෂර්

nydailynews.com

මොහු උපත ලබා ඇත්තේ 1961 අප්‍රේල් 13 වෙනිදායි. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ තම බිරිඳ හා දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන් ජීවත් වූ නිවස ගිනි තැබීමයි. මෙම සිදුවීම 2001 අප්‍රේල් මාසයේ සිදුව ඇත්තේ ඇරිසෝනා ප්‍රාන්තයේ දීයි. ෆිෂර් දඩයක්කරුවෙකු ලෙස හා ධීවරයෙකු ලෙස සැලකෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට නිවැරදි ඔත්තුවක් සපයන අයෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් හිමි වෙනවා.

එඩුවාඩෝ රවෙලෝ

www.fbi.gov

රවෙලෝ විසින් මෙතෙක් උපන් දින 4ක් භාවිතා කර තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා මිනීමැරුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස චෝදනා කර තිබේනවා. එමෙන්ම ප්ලාස්ටික් සැත්කමක් මගින් ඇඟිලි සලකුණු වෙනස් කරගෙන ඇතැයිද සැක කෙරෙනවා. ටෙක්සාස්හි Barrio Azteca නම් කණ්ඩායමක් හා සම්බන්ධව ඔවුන්ගේ කළු සල්ලි ජාවාරම් කිරීම, වංචාවන්, හා මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධ කටයුතු වලට මොහු සහභාගී වී තිබෙනවා. මොහු පිළිබඳව ලබාදෙන නිවැරදි තොරතුරක් වෙනුවෙන් ඔබට ඩොලර් ලක්ෂයක්  FBI මගින් ලබා දෙනවා.

ඇලෙක්සිස් ෆ්ලොරස්

www.fbi.gov

ෆ්ලොරස් හොන්ඩියුරානු ජාතිකයෙක්. FBI විසින් මොහු ගැන නිවැරදි තොරතුරක් සඳහා ප්‍රදානය කරන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂයක්. 2000 වසරේ පෙන්සිල්වේනියාවේ අවුරුදු පහක කුඩා ගැහැණු දරුවෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව මොහු වරදකරු වෙනවා.

යසර් අබ්දල් සයීඩ්

www.fbi.gov

තමන්ගේ තරුණ වයසේ පසුවුණු දියණියන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා. මෙය සිදුව තිබෙන්නේ 2008 ජනවාරි පළමුවෙනිදා ටෙක්සාස් ජනපදයේ අර්වින්හි දීයි. 1957 දී උපත ලද ඊජිප්තු ජාතිකයෙකු වන මොහු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් FBI විසින් ලබා දෙනවා.

භද්‍රේෂ්කුමාර් චේතන්භායි පටේල්

www.fbi.gov

මේ අපේ අසල්වැසි ඉන්දියානුවෙක්. හැනෝවර්හි ඩෝනට් වෙළඳසැලක සේවය කරමින් සිටිය දී සිය බිරිඳට පහර දී මරාදැමීම නිසා FBI විසින් මොහුව සොයමින් සිටිනවා. 1990 දී උපත ලබා ඇති මොහු අවසන් වරට දැක ඇත්තේ නිව් ජර්සිහි නිවර්ක් ප්‍රදේශයේ දී යි. මොහු ගැන ඔත්තුවක් ලබාදෙන අයෙකුට FBI විසින් ප්‍රදානය කරන මුදල ඇ. ඩොලර් ලක්ෂයක්.

Related Articles