Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර හා අක්ෂ ගුවන් යානා 5ක්

දෙවන ලෝක යුද්ධයේ දී ගුවනේ බලය රැක ගැනීමට මිත්‍ර පාර්ශවය මෙන්ම අක්ෂ පාර්ශවය ද එක ලෙස තම උත්සාහය යොදවනවා. ඒ හේතුවෙන් නවතම ප්‍රහාරක ගුවන් යානා හා ප්‍රවාහන ගුවන් යානා වැඩි වශයෙන් මේ කාලයේ දී නිෂ්පාදනය වෙනවා.

අද ලිස්ට් තුළින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ දෙවන ලෝක යුද සමයේ ඇමෙරිකාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය මෙන්ම ජපාන ගුවන් හමුදා විසින් භාවිතා කළ දෙවන ලෝක යුද්ධය සඳහා වැදගත් මෙහෙයක් ඉටුකළ ගුවන් යානා පහක් පිළිබඳ ව යි.

Soviet Yakovlev Yak-3

Soviet Yakovlev Yak-3 (Revivaler)

සෝවියට් රුසියාව විසින් දෙවන ලෝක යුද්ධයට වසර කිහිපයක කලින් මෙම ගුවන් යානය නිර්මාණය කර තිබුණත් එය කරළියට පැමිණෙන්නේ 1944 දී යි. එම වර්ෂය තුළ පමණක් නිෂ්පාදනය කළ Yakovlev Yak-3 වර්ගයේ ගුවන් යානා ප්‍රමාණය 4848ක් පමණ වෙනවා.

සෝවියට් ගුවන් හමුදා විසින් නිෂ්පාදනය කළ සැහැල්ලු නමුත් ශක්තිමත් ම ගුවන් යානය ලෙස මෙය හඳුන්වා දිය හැකි අතර, ඔවුන් විසින් මෙය යොදා ගන්නේ බලුපොර සඳහා යි (බලුපොර යනු ගුවනේ සිට ගුවන් ගත ව ඇති තවත් ප්‍රහාරක යානාවක් හා සටන් කිරීම යි).

බොහෝ විට නියමුවන් විසින් මෙම ගුවන් යානය අඩි 13,000ට වඩා පහළ අහසේ දී අනෙකුත් ගුවන් යානා විනාශ කිරීම සඳහා යොදා ගන්නවා. දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් පසු ව පෝලන්තයේ හා යුගොස්ලෝවියාවේ ගුවන් හමුදාව විසින් මෙය භාවිතා කළ අතර, 1952 වසරේ දී ගුවන් සේවයෙන් විශ්‍රාම යවනවා.

Messerschmitt Me 262

Messerschmitt Me 262 (Wikipedia)

ජර්මානුවන් විසින් නිර්මාණය කරන ලද Messerschmitt Me 262 ගුවන් යානය දෙවන ලෝක යුද්ධ කාලය පුරාවට ම ගොඩබිමට බෝම්බ හෙලන යානයක් ලෙස ද, ගුවනේ සටන් කරන ප්‍රහාරක යානාවක් ලෙස ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

මිත්‍ර පාර්ශවීය ගුවන් යානාවල වේගය අභිබවා ගමන් කිරීමේ හැකියාවක් 262 සතු ව තිබු බැවින්, මිත්‍ර පාර්ශවීය ගුවන් නියමුවන්ට මෙම ගුවන් යානා විනාශ කිරීමට හැකියාවක් ලැබෙන්නේ භූමියේ නවත්වා ඇති විට දී පමණ යි.

ජර්මානුවන් මෙම යානයෙන් යුද්ධයේ දී නිවැරදි ව ප්‍රයෝජනය ලබා නොගත් බව ඇතැමුන් පවසන අතර, ඒවා නිෂ්පාදනය ද අවම මට්ටමක පැවතුණු බව සඳහන් වෙනවා.

Grumman F6F Hellcat

Grumman F6F Hellcat (YouTube)

දෙවන ලෝක යුද්ධ කාලය පුරාවට ම අමෙරිකානු මැරීන් බළකාය විසින් මෙම ගුවන් යානය භාවිතා කළ අතර, වැඩි වශයෙන් යොදා ගන්නේ භූමියට ප්‍රහාර එල්ල කිරීමට යි.

F6F යානය ඇමෙරිකාව විසින් ඊට ප්‍රථම නිපදවූ Wildcat යානයේ වැඩි දියුණුවක් වූ අතර, Wildcat හි වැඩිමහල් සහෝදරයා ලෙස මෙය බොහෝ දෙනෙකු විසින් හඳුන්වනවා.

F6F ප්‍රහාරක යානය නවීකරණයට ලක් නොවූ අතර, දෙවන ලෝක යුද්ධ කාල සීමාවේ දී වසර දෙකක් ඇතුළත ගුවන් යානා 12,200ක් පමණ නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානුවන් සමත් වෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ව බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව 1954 එවන තුරු තම ගුවන් හමුදාව තුළ මේ යානය භාවිතා කරනවා.

Focke-Wulf Fw-190

Focke-Wulf Fw-190 (Wikipedia)

ජර්මානුවන් විසින් 1941 දී හඳුන්වා දුන් මෙම යානය ගුවන් සටන් යානාවක් ලෙස, භූමියට ප්‍රහාර එල්ල කරන යානාවක් ලෙස, හා යුධ ටැංකි විනාශ කළ හැකි යානාවක් ලෙස ජනප්‍රියත්වය හිමි කරගන්නවා.

මිත්‍ර පාර්ශවික ගුවන් නියමුවන් බිය ගැන්වූ ජර්මානු ගුවන් නියමු Otto Kittel පදවන්නේ මේ වර්ගයේ ගුවන් යානාවක්. ඔහු විසින් මෙම යානාවේ නැඟී මිත්‍ර ගුවන් යානා 267ක් විනාශ කර තිබෙනවා.

තනි නියමු අසුනක් හා BMW තනි එන්ජිමකින් සමන්විත වූ මෙය දිවා හා රාත්‍රී කාල දෙකේ දී ම ප්‍රහාර එල්ල කිරීම සඳහා ජර්මානු ගුවන් හමුදා විසින් භාවිතා කරනවා.

Mitsubishi Zero

Mitsubishi Zero (www.airpowerworld.info)

ජපාන අධිරාජයාගේ ගුවන් හමුදාව විසින් භාවිතා කළ දෙවන ලෝක යුද සමය තුළ අතිශය ජනප්‍රිය වූ ගුවන් ප්‍රහාරක යානාවක් ලෙස Mitsubishi Zero හඳුන්වා දිය හැකි යි.

ජපාන හමුදා විසින් බලුපොර සඳහා යොදාගත් Mitsubishi Zero යානාවක් මිත්‍ර ගුවන් යානාවක් හා සටන්කර විනාශ වීමේ සම්භාවිතාව 1/12ක් වැනි ඉතා අවම අගයක් ගන්නවා.

හඳුන්වා දුන් මුල් කාලයේ දී මේ හා තරග කිරීමට අනෙක් පාර්ශවයේ ප්‍රහාරක ගුවන් යානාවලට හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් 1944 වසරේ අග භාගය වන විට මිත්‍ර පාර්ශවය සතු ව තවත් වැඩි දියුණු කළ යානා සතු වූ අතර, එම කාලයේ දී සතුරු යුධ පෙරමුණේ සිට ඉදිරි ප්‍රහාරවල නිරත වූ Mitsubishi Zero ගුවන් යානා දරුණු පරාජයන් අත්කර ගන්නවා.

යුද්ධයේ අවසන් කාලයේ මෙම යානාව ජපනුන්ගේ කමිකසේ (මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාර)ප්‍රහාර සඳහා භාවිතා කරනවා.

 

Related Articles