Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 ප්‍රදර්ශනය අරඹන බොලිවුඩ් සිනමාපට

2018 වසර තුල බොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් එළි දැක්වීමට නියමිතව පවතිනවා. මේ එසේ 2018 බොලිවුඩ් කැලැන්ඩරයේ ප්‍රදර්ශනය ආරම්භ කරන සිනමා නිර්මාණ කිහිපයක්.

01 – Nirdosh

මෙම සිනමාපටය ප්‍රදීප් රන්ග්වානි හා සබ්‍රොටෝ පොල් යන අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද ත්‍රාසයජනක සිනමා නිර්මාණයක්. මෙහි නිෂ්පාදකයා වන්නේද ප්‍රදීප් රන්ග්වානියි. අමිට් ඛාන් විසින් මෙහි තිර පිටපත රචනා කළ අතර ආර්බාස් ඛාන්, මන්ජරි ෆද්නිස්, අශ්මිට් පටෙල් යන නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙම සිනමා නිර්මාණයට මනුෂ්‍ය ඝාතනයක සුලමුල සොයාගෙන යන කතා තේමාවක් පදනම් වී තිබෙනවා. UV Films ආයතනය නිෂ්පාදනය කල මෙම සිනමා පටය 2018 ජනවාරි 19 වෙනිදා ප්‍රදර්ශනය අරඹනු ඇති.

02 – Parmanu: The story of Pokhran

අබිෂේක් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණය 1998 ඉන්දියාවේ රාජස්තාන් හි පොඛ්රාන් ( Pokhran) හි  සාර්ථකව කරන ලද න්‍යෂ්ටික පර්යේෂණ හා සම්බන්ධව නිර්මාණය කර තිබෙනවා. මෙම සිනමාපටය නිෂ්පාදනය කරනු ලැබුවේ Zee Studio, JA Entertainment හා KriArj Entertainment යන සමාගම් විසිනුයි. ජෝන් ඒබ්‍රහම් ,දියානා පෙන්ටි, හා බෝමන් ඉරානී යන නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙහි රූගත කිරීම් වලින් බොහොමයක් දිල්ලිය හා මුම්බාය කේන්ද්‍ර කරගෙන සිදුව තිබෙනවා. 2017 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමට තිබුනත් මෙම සිනමාපටය ප්‍රදර්ශනය 2018 පෙබරවාරි 23 දක්වා ප්‍රමාද වුණා.

03 – Baaghi 2

ක්‍රියාදාම සිනමාපටයක් ලෙස සැලකෙන මෙම සිනමාපටය 2018 අප්‍රේල් 27 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සංජීව් දත්තා විසින් මෙහි තිර රචනය කළ අතර අහ්මෙඩ් ඛාන් විසින් මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.මෙහි පළමු කොටස 2016 වසරේ ප්‍රදර්ශනය වුණා. මෙම සිනමාපටයේ රූගත කිරීම් මුම්බාය, පුනේ, මනාලි, තායිලන්තය, හා චීනයේ සිදුව තිබෙනවා.  

04 – 2.0

මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ ඉහළම මිලක් වියදම් කර නිර්මාණය කරන ලද සිනමා නිර්මණයක් ලෙස සැලකෙන මෙයට වියදම් වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 70ක්. විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක් වන මෙය එස්. ශන්කර් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර තිබෙනවා. එමෙන්ම මෙය සැලකෙන්නේ කෙලින්ම 3D තාක්ෂනයෙන් රූප ගතකරන ලද ප්‍රථම ඉන්දියානු සිනමාපටය ලෙසයි. භාෂා 15කින් ප්‍රදර්ශනය වන මෙම සිනමාපටය 2010 වසරේ නිර්මාණය වූ Enthiran සිනමා පටයට සම්බන්ධ වෙනවා. රජිනිකාන්ත් මෙහි වාසිගරන් නම් වෛද්‍යවරයාගේ හා චිට්ටි යන චරිත දෙකටම පණ පොවනවා. මෙම සිනමාපටය 2018 අප්‍රේල් 14 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

05 – Vishwaroop II

මෙම සිනමාපටය දෙමළ හා හින්දි යන භාෂා දෙකෙන්ම නිර්මාණය කර තිබෙනවා. ත්‍රාසයජනක සිනමා නිර්මාණයක් වන මෙය රචනය හා අධ්‍යක්ෂණය කමල් හසන් විසින් කර තිබෙනවා. මෙහි පළමු කොටස 2013 වසරේ ප්‍රදර්ශනය වුණා. මෙම සිනමා නිර්මාණය මිනිත්තු 184ක කාලයක් පුරා දිව යනවා. මෙය නිෂ්පාදනය කරනු ලැබුවේ Raaj Kamal Films International සමාගමයි.

Related Articles