සමුරායිවරු මධ්‍යතන හා පූර්ව නූතන යුගයේ ජපානයේ විසූ ප්‍රභූන් පිරිසකි. ඔවුන් වටා නිර්මාණය වූ විවිධ කතා තේමාවන්ගෙන් යුතු සිනමා නිර්මාණ ලෝ පුරා බිහි වූ අතර එවැනි නිර්මාණ කිහිපයක් පිළිබඳ විස්තර කිරීමට අප කල්පනා කළා
Seven Samurai – 1954
www.runmovies.eu
මෙම සිනමා නිර්මාණය අදටත් ලොව පුරාම කතා බහට ලක්වන සිනමා නිර්මාණයක්. තමන්ගේ ගම දාමරිකයන් කණ්ඩායමකින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමුරායිවරුන්ගේ සහය ලබා ගන්නා ගමක් ගැන මෙහි කතාංගය නිර්මාණය වී තිබෙනවා. මෙම සිනමා නිර්මාණය පැය 3යි විනාඩි 27ක් පුරාවට දිව යනවා. අති විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන අකිරා කුරෝසාවා විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබෙනවා. එමෙන්ම හොදම කලා අධ්‍යක්ෂණය හා හොදම ඇඳුම් නිර්මාණය යන ඔස්කාර් සම්මාන දෙකට ද මෙම නිර්මාණය නිර්දේශ වී තිබුණා. IMDB වෙබ් අඩවියට අනුව මෙය වෙනුවෙන් ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් 2,000,000ක් පමණ වෙනවා. ජපානයේ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු සුපිරිතම සිනමා නිර්මාණයක් ලෙස මෙන්ම ලොව හොදම සිනමා නිර්මාණ 100න් එකක් ලෙසත් Entertainment Weekly වෙබ් අඩවිය විසින් මෙය නම් කර තිබුණා.
එම සිනමා නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටය (Terailer) –
47 Ronin – 2013
amazon.com
“රොනින්” යනුවෙන් හඳුන්වන්නේ ස්වාමියෙක් නැති සමුරායිවරුන්වයි. මෙම සිනමා පටයේ දැක්වෙන්නේ එවැනි සමුරායිවරුන් සමුහයක් වටා ගෙතුනු කතාවක්. මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කර ඇත්තේ කාල් රින්ස්ච් නම් අධ්‍යක්ෂවරයායි. 2013 දෙසැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කරන ලද මෙම නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 175ක මුදලක් වැය වන්නට ඇතැයි IMDB වෙබ් අඩවිය ඇස්තමේන්තු කර තිබෙනවා. එමෙන්ම එය වාර්ථා කර තිබෙන බොක්ස් ඔෆිස් ආදායම මිලියන 151.8ක්. මිනිත්තු 127 පුරා මෙම සිනමා නිර්මාණය දිව යනවා.
එම සිනමා නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටය (Terailer) –
Yojimbo – 1961
amazon.com
උපායශීලී රොනින්වරයෙකු විසින් නගරයක බලය පතුරා සිටින අපරාධ කණ්ඩායම් දෙකක් එකිනෙක ගැටීමට සලස්වා විනාශ කර නගරය බේරා ගැනීමට උත්සහා කරන කතා තේමාවක් මෙම නිර්මාණයට තේමා වී තිබෙනවා. අකිරා කුරෝසාවා විසින් අධ්‍යක්ෂණය කල තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මෙම නිර්මාණය සැලකෙනවා. මෙය ජපානයේ Toho චිත්‍රාගාරයේ නිර්මාණය කෙරුණා. එමෙන්ම මෙය 1962 ඔස්කාර් සම්මාන උළෙලේ දී කළු-සුදු අංශයේ හොදම ඇඳුම් නිර්මාණය සඳහා වූ සම්මානයටද නිර්දේශ වී තිබුණා.
එම සිනමා නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටය (Terailer) –
13 Assassins -2010 film
amazon.com
යක්ෂ දේවතාවක් ඝාතනය කිරීමට පැමිනෙන සමුරායි පිරිසක් වටා මෙම කතාව ගොඩ නැගී තිබෙනවා. 2010 ප්‍රදර්ශනය ඇරඹි මෙම නිර්මාණය ටකාෂි මිකේගේ අධ්‍යක්ෂණයක් වෙනවා. මෙය 1963 වර්ෂයේ දී එචි කුඩො විසින් නිර්මාණය කරන ලද කළු – සුදු සිනමා පටයේම නව නිෂ්පාදනයක් ලෙස මෙය සළකනු ලබනවා. මිනිත්තු 125ක කාලයක් පුරා මෙම සිනමා නිර්මාණය දිව යනවා. එමෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 6ක වියදමින් නිර්මාණය කරන ලද මෙම සිනමා නිර්මාණය බ්කොස් ඔෆිස් හී ඇමරිකානු ඩොලර් මිලියන 17.5ක ආදායමක් වාර්ථා කර තිබුණා.
එම සිනමා නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටය (Terailer) –
The Twilight Samurai – 2002
dramastyle.com
2002 වසරේ ජපානයේ නිර්මාණය වෙන මෙම සිනමා නිර්මාණය සැලකෙන්නේ 76වන ඇකඩමි සම්මාන උළෙලේ දී විදේශ භාෂාවකින් නිර්මිත හොදම සිනමා නිර්මාණය ලෙස වසර 22ක ජපාන සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට නිර්දේශිත සිනමා නිර්මාණය ලෙසයි. නමුත් මෙම නිර්මාණයට එම සම්මානය නම් දිනා ගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. නමුත් මෙම නිර්මාණය ජපාන ඇකඩමි සම්මාන උළෙලේදී සම්මාන 12කට හිමිකම් කියනු ලැබුවා. එයට හොඳම සිනමා නිර්මාණය, හොදම අධ්‍යක්ෂණය, හොදම නළුවා හා නිලිය යන සම්මාන පමණක් නොව හොදම තිර පිටපතට හිමි සම්මානයද හිමිව තිබුණා. මෙම වෘතාන්ත සිනමා නිර්මාණයට මුල් වී තිබුණේ ශුහෙයි ෆුජිසවාගේ කෙටි සිනමා පටයක් වූ “The Bamboo Sword” නම් සිනමා නිර්මාණයයි. මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කර තිබුණේ ජොජි යමන්ඩා නම් අධ්‍යක්ෂවරයායි. එමෙන්ම මිනිත්තු 129ක් පුරා දිවයන මෙම සිනමාපටය බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් 7,338,987ක් වාර්ථා කොට තිබුණා.
එම සිනමා නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටය (Terailer) –
The Last Samurai – 2003
pinimg.com
ජනප්‍රිය නළු ටොම් කෘස් රංගනයෙන් දායක වන මෙම සිනමා නිර්මාණය ඉතාමත් ජනප්‍රිය වූ සිනමා නිර්මාණයක් වුණා. එඩ්වර්ඩ් ස්වික් විසින් මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කොට තිබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 140ක වියදමින් නිර්මාණය වුනු මේ නිර්මාණය බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 456.8ක් උපයා තිබුණා.
එම සිනමා නිර්මාණයේ පුර්ව ප්‍රචාරක පටය (Terailer) –
තවත් සමුරායිවරු ගැන කියවෙන ඔබ දන්නා සිනමා නිර්මාණත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.
කවරය – wiki