Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාව යටතේ ඇති මිනිස් වාසයන් සහිත දිවයින් හතරක්

“ලෝකයේ පොලිස්කාරයා” හෙවත් ලෝක බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් භූමි ප්‍රදේශ ලොව වටා නොයෙකුත් ස්ථානවල පිහිටා තිබෙනවා. එම භූමි ප්‍රදේශයන්වල බොහෝ විට සිදුවන්නේ ඇමෙරිකානු හමුදාවේ වැඩ කටයුතු යි. නොයෙකුත් රටවලින් ලබා ගත් කොටස් හා ඇමෙරිකා එක්සත් ජනපදයට ම සම්පූර්ණයෙන් ම අයත් වන දූපත් මේ අතර තිබෙනවා.

වර්තමානය වන විට එක්සත් ජනපදය සතුව ලෝකය පුරා භූමීන් 16ක් පවතින අතර ඉන් පහක් ම මිනිස් වාසයන් සහිත දිවයින්. තවත් භූමි ප්‍රදේශ 11ක් මිනිස් වාසයකින් තොර යි.

මෙම රටවල බොහෝ විට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ආණ්ඩුකාරවරයෙක් හෝ ආණ්ඩුකාරවරයා සමග දේශීය පාලක මණ්ඩලයක් සමන්විත වෙනවා. සෑම ප්‍රදේශයකට ම පාහේ ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලපානවා.

American Samoa හැර අනෙක් සෑම භූමි ප්‍රදේශයක ම පුරවැසියන්ට ඇමෙරිකානු පුරවැසිභාවය නිතැතින් ම හිමිවෙනවා.

ඉතින් අද ලිස්ට් තුළින් ඔබට ගෙන එන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පාලනය කරන ජනාවාසයන් සහිත භූමි ප්‍රදේශ හතරක් පිළිබඳව යි.

Puerto Rico

CARIBBEAN ISLANDS

ඊසාන කැරබියන් මුහුදේ පිහිටා තිබෙන මෙම දූපතේ බලය අතීතයේ දී හිමි ව පැවතුණේ ස්පාඤ්ඤයට යි. ඇමෙරිකානු – ස්පාඤ්ඤ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ පැරිස් ගිවිසුමට අනුව ස්පාඤ්ඤය විසින් මෙම දූපත ඇමෙරිකානු රජයට පවරා දෙනවා.

යුද සමයේ දී ස්පාඤ්ඤයෙන් නිදහස් වීමට ඇමෙරිකාව සමග සහයෝගයෙන් එරට ජනතාව කටයුතු කරනවා. දිවයින සතුව තවත් කුඩා දූපත් කිහිපයක් තිබෙනවා. ඒවා Mona, Culebra හා Vieques නමින් හඳුන්වනවා.

මෙහි ජනගහනනය මිලියන 3.7ක් පමණ වෙනවා. පවතින යහපත් දේශගුණය, වසර ගණනාවක් පැරණි ඉතිහාසය හා ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාව හේතුවෙන් විශාල සංචාරක ආකර්ෂණයකට ලක් වී තිබෙනවා.

වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයෙක් ලෙස ආණ්ඩුකාරවරයෙක් හා තවත් පාලක මණ්ඩලයක් මේ සඳහා පත් කර තිබෙනවා.

U.S. Virgin Islands

BookIt.com

කැරබියානු මුහුදේ ඇති ඇමෙරිකාවට අයත් දුපත් සමූහයක්. ප්‍රධාන දුපත් වන Saint Croix, Saint John හා Saint Thomasවලට අමතර ව තවත් කුඩා දූපත් සමූහයක් දකින්න පුළුවන්. ජනගහනය ලක්ෂයකට වඩා මඳක් වැඩි අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයෙක් හා පාලන නිලධාරීන් සමූහයක් විසින් පාලනය කිරීම සිදු කරනවා.

ප්‍රධාන අදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තය යි. තව ද, නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත තුළින් ද රටට විදේශ විනිමය ලැබෙනවා.

කොලොම්බස් විසින් මෙම දූපත් සමුහය 1493 දී පමණ සොයා ගත් අතර, දූපත් වාසීන්ට ඇමෙරිකානු පුරවැසිභාවය හිමි වූව ද ඇමෙරිකානු ඡන්ද සඳහා තම මනාප පළ කිරීමට හැකියාවක් නෑ.

Guam

DX-World

බටහිර පැසිෆික් සාගරයේ පිහිටි මෙම දූපතේ ජනගහනය ලක්ෂ 1.5කට වඩා මඳක් වැඩි යි. ඔවුන් උපතින් ම ඇමෙරිකානු ජාතිකයන් බවට පත්වෙනවා. දූපත් කිහිපයක් ඇති අතර වඩා විශාල වන්නේ Mariana දූපත යි. සංචාරක කර්මාන්තය සඳහා මෙම දූපත් සමුහය වඩා ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටිනවා.

අතීතයේ මෙය ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වූ අතර ඇමෙරිකානු-ස්පාඤ්ඤ යුද්ධයෙන් පසු ව එනම්, 1898 දී ගුවාම් දිවයින එක්සත් ජනපදයට පවරා දෙනවා. දෙවන ලෝක යුද සමය තුළ ඇමෙරිකානු හමුදා කඳවුරු ඉදිකරන අතර, අද වන විට එහි විශාල ඇමෙරිකානු හමුදා කඳවුරු දෙකක් පිහිටා තිබෙනවා.

American Samoa

Nations Online Project

දකුණු පැසිපික් සාගරයේ පිහිටා තිබෙන මෙම දූපත් සමූහයට ප්‍රධාන දූපත් පහක් ඇතුළත් වෙනවා. ජනගහනය 50,000ට වඩා මඳක් වැඩි යි.  අනෙක් භූමි ප්‍රදේශ 15ට වඩා වැඩි යුධ හමුදා කඳවුරු ප්‍රමාණයක් ඇමෙරිකානු හමුදා විසින් මෙහි ඉදිකර තිබෙනවා.

ඇමෙරිකාව වෙත ටූනා මත්ස්‍යයා අපනයනය කිරිම මෙහි ප්‍රධාන අදායම් මාර්ගය යි. මෙය අනෙක් දූපත් පාලනයට වඩා වෙනස් ආරක් ගන්නා අතර, ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ලෙසින් ම මෙහි ක්‍රියාත්මක වන්නේ නෑ.

මූලාශ්‍රයයන්:

worldatlas.com/articles/the-territories-of-the-united-states.html

uscis.gov/tools/glossary/us-territories

Related Articles