Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම මත්ස්‍ය වර්ග

අපි ඔයගොල්ලොන්ට පහුගිය කාලය පුරාවට විවිධ විවිධ සතුන් ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් රැගෙන ආවා නේ. අද අපි හිතුවා ලෝකයේ ඉන්න විශාලතම මත්ස්‍ය වර්ග පිළිබඳව තොරතුරු ටිකක් ගෙන එන්න (විශාලත්වය අනුව අනුපිළිවෙලට නොවේ).

01. තල්මස් මෝරා (whale shark)

ලොව වෙසෙන විශාලතම මත්ස්‍යයන් අතර උඩින්ම ඉන්නේ තල්මස් මෝරා. නම කොහොම වුණත්, මොවුන් තල්මසුන් නොවෙයි, මෝරුන්. නමුත් තල්මසුන්ට සමානකම් රාශියක් දක්වනවා. මොවුන් ප්‍රමාණයෙන් මීටර 13කට පමණ ආසන්න දිගකින් යුතු වෙන්න පුළුවන් නමුත්, සාමාන්‍ය දිග මීටර 5.5ත් – 10ත් අතර වෙනවා. මොවුන්ගේ බර සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 18.7ක් පමණ. තල්මස් මෝරුන්ගේ මුඛය මීටර 1.5ක පමණ දිගකින් යුතුයි. ඔවුන්ගේ මුව තුල දත් 300ක් පමණ පවතිනවා.

තල්මස් මෝරුන් තරමක් උණුසුම් ජලය සහිත ප්‍රදේශවල විසීමට විශාල කැමැත්තක් දක්වනවා. එවැනි ජලය සහිත ලොව ඕනෑම තැනක මේ මත්ස්‍යයින් දකින්න පුළුවන්. නමුත් තරමක් ශීත ජලයේ ද මොවුන් වාසය කරන නිසා නවසීලන්තය ආශ්‍රිත මුහුදේ දකින්න පුළුවන්. මනුෂ්‍යයන්ගේ අත්ල සලකුණු එකිනෙකට වෙනස් වෙනවා වගේම මේ මත්ස්‍යයින්ගේ ශරීරයේ ඇති රටාවන් ද එකිනෙකාට වෙනස්. මොවුන්ගෙන් 75%ක්  පමණ ඉන්දියානු හා පැසිෆික් සාගරය ආශ්‍රිතව දකින්නට පුළුවන්. 25%ක් පමණ අත්ලාන්තික් සාගරය අවට වාසය කරනවා.

ub-cool.com

02. යෝධ හබල්මත්ස්‍යයා (Giant Oarfish)

අස්ථික මත්ස්‍යයන් අතරින් විශාලතම මත්ස්‍යයා ලෙසයි යෝධ හබල්මෝරාව සලකන්නේ. එමෙන්ම ලොව හොඳම ශ්‍රවන හැකියාවක් සහිත මත්ස්‍යයා ලෙස ද මොවුන් සැලකෙනවා. මෙම මත්ස්‍යයින්ව මුලින්ම සොයාගනු ලැබුවේ 1772 වසරේ දී යි. මොවුන් සාමාන්‍යයෙන් වාසය කරනු ලබන්නේ මීටර 1000ක් පමණ ගැඹුරු මුහුදේ වන නිසා දැකගන්නට නම් අපහසු යි.

යෝධ හබල්මත්ස්‍යයා දිගින් මීටර 17ක් පමණ විශාල වීමේ හැකියාව පවතිනවා. ඔවුන්ගේ බර කිලෝ 270ක් පමණ වෙනවා. මෙම මත්ස්‍යයින් ගැන අපූරු ජපාන ජනකතාවක් ද තිබෙනවා. එයට අනුව මේ මත්ස්‍යයන් මුහුදු දෙවියන්ගේ මාළිගාවේ පණිවිඩකරුවන්. අතීත විශ්වාසයන්ට අනුව මේ මසුන් භූමිකම්පා වලට පෙර දර්ශනය වන බව කියනු ලබනවා.

angamen.com

03. තපින මෝරා (Basking Shark)

ලොව දැනට සිටින ප්‍රමාණයෙන් දෙවනියට විශාලම මෝර මත්ස්‍යා ලෙස ද තපින මෝරා සැලකෙනවා. මෙම මත්ස්‍යයාගේ විශේෂිතම අංගය ලෙස සැලකෙන්නේ ඔහුගේ මුඛය යි. ප්‍රමාණයෙන් එය මීටරයක් පමණ විශාල වෙනවා. කේතු ආකාර ශරීරයකින් යුතු මේ මත්ස්‍යයාගේ සම ශ්ලේෂ්මලය තට්ටුවකින් වැසී පවතිනවා. අළු හෝ දුඹුරු පැහැති ශරීරයක් හා කළු හෝ සුදු පැහැති උදරයක් මේ සත්ත්වයා යුතුයි. මෙම මත්ස්‍යයාගේ ශරීරයේ බරින් 25%ක් වෙන් වන්නේ ඔහුගේ අක්මාවට යි. සාමාන්‍යයෙන් කිලෝ 3000-6000ත් අතර බරකින් යුතු වෙන ඔවුන් දිගින් මීටර 6.7-8.8ත් අතර වෙනවා. මෙම මසුන් ආහාර සොයාගැනීමට තරමක් අලස බවක් දක්වනවා. තමන්ගේ මුව විවිර කර පිහිනා යන මේ මසුන්, ඒ අතර මුවෙන් ඇතුල් වෙන ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. පසුගිය සියවසක පමණ කාලයක් තිස්සේ තෙල් හා අක්මාව ලබා ගැනීම සඳහා මේ මසුන් ඝාතනය වෙනවා. ඒ නිසා අද වනවිට මොවුන් සීඝ්‍රයෙන් වඳ වී යන තත්ත්වයක් ද උදා වී තිබෙනවා.

r.ddmcdn.com

04. අළු මෝරා (Greenland Shark )

ග්‍රීන්ලන්ත මෝරා ලෙස ද හඳුන්වන මේ මසුන් මිනිසුන්ගේ ඇසට ඉතාමත් විරලව හසුවන මසුන් කොටසක්. මොවුන් බොහෝවිට ගැඹුරු ආර්ටික් සාගරයේ ජීවත්වීම එයට ප්‍රධානතම හේතුවක්. මෙම මසුන්ගේ පළමු පින්තුරය 1995 වසරේ ලබාගෙන තිබූ අතර 2003 වසර වන විට ප්‍රථම වරට ඔවුන් නිදහසේ පිහිනන දර්ශන වීඩියෝ වුණා. සාගර විද්‍යාඥයන් පවසන ආකාරයට මේ සතුන් අවුරුදු 200ක පමණ ආයු කාලයකට හිමිකම් කියනවා. මොවුන් සාමාන්‍යයෙන් මීටර 7ක් පමණ දිගට වර්ධනය වෙනවා. තරමක් සෙමින් පිහිනන මසුන් වර්ගයක් වන මොවුන්ට මීටර 2200ක් පමණ ගැඹුරු මුහුදේ පිහිනීමේ හැකියාවක් පවතිනවා. ලොව අපූරුතම ආහාර රටාවක් සහිත සතුන් විශේෂයක් ලෙස මේ මෝර මසුන් සැලකෙන්නේ යූරියා අධික ආහාර ගැනීමට මොවුන් දැඩි කැමැත්තක් දක්වන නිසා යි. තව ද ඇතැම් අවස්ථාවන්හි මොවුන්ගේ උදරයේ තිබී ධ්‍රැව වලසුන්, අශ්වයන්, හා මුවන් පවා හමුව තිබෙනවා.

vox-cdn.com

05. සුදු තල්මසා (බෙලුගා)

බෙලුගා තල්මසා ආර්ටික් සහ ආර්ක්ටික් ආශ්‍රිත මුහුදුවල වාසය කරන සත්ත්වයෙක්. මොවුන් තනිකරම සුදු පැහැතියි. මෙතෙක් සොයාගෙන ඇති අන්දමට මේ මත්ස්‍යයා අවුරුදු 30 – 50 අතර පමණ කාලයක් ජීවත් වෙනවා. මේ මසුන් වසර මිලියන 200ක් පමණ පැරණියැ යි අනුමාන කෙරෙනවා. මීටර 6ක් පමණ දිගකට හා කිලෝ 1000ක පමණ බරකින් මොවුන් විශාල වෙන්න පුළුවන්.

බෙලුගා තල්මසුන් “Sea Canary” නමින් ද හැඳින්වෙන්නේ ඔවුන්ගේ උච්ච ස්වරයෙන් කෙරෙන හඬගෑම නිසා යි (කැනරි කියන්නේ ගී ගයන කුරුළු විශේෂයක්). සාමාන්‍යයෙන් 10කගේ පමණ කණ්ඩායම් සැදී පිහිනන මොවුන් වේගවත් පිහිණුම්කරුවන් නම් නොවෙයි. නමුත් මුහුද යට මීටර 700ක් පමණ පහළට කිමිදෙන්නට මොවුනට පුළුවන්.

zoofari.ca

Related Articles