Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාසල්වල සිදු වූ වෙඩි තැබීමේ අවස්ථා 5ක්

බටහිර රටවල පාසැල්වල වෙඩි තබා ගැනීමේ සිද්ධි බොහෝ ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ දකින්න ලැබුණා. මෙහි විශේෂත්වය වන්නේ යම්කිසි මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන සිසුන් විසින් තම ගුරුවරු හා අනෙකුත් සිසුන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් සිදුකිරීම යි. මේ හේතුවෙන් බොහෝ අවස්ථාවල ශිෂ්‍යයන් හා ගුරුවරුන් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙනවා.

මේ හේතුවෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගිනි අවි භාවිතය පිළිබඳ ව නව රෙගුලාසි ගෙන ඒමට කටයුතු කරනවා. තව ද, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙවැනි අපරාධ වැළැක්වීම පිණිස ගිනි අවි රැගෙන එන ගුරුවරුන්ට ප්‍රසාද දීමනාවක් ලබාදෙන බව වරෙක පවසනවා. පසු ව එය හමුදා පසුබිම ඇති හෝ විශේෂ පුහුණුවක් සහිත ගුරුවරුන් ලෙස නිවැරදි කරනවා.

ඉතින් අද ලිස්ට් තුළින් ඔබ‍ට ගෙන එන්නේ පාසැල් තුළ වෙඩි තැබූ අවස්ථාවල දී වැඩි ම විනාශයක් අත්කර දුන් සිදුවීම් 5ක් පිළිබඳ ව යි.

ටෙක්සාස් හි සැන්ටා ෆේ උසස් පාසල

PBS

2018 මැයි 18 වන දා ඇමෙරිකාවේ සැන්ටා ෆේ උසස් පාසැලට කඩා වදින එම පාසලේ ම ශිෂ්‍යයෙක්, පාසලේ කලා අංශයේ පන්ති කාමරයක දී කළ වෙඩි තැබීමක් හේතුවෙන් 10 දෙනෙක් මිය යනවා. තවත් 13 දෙනෙක් පමණ තුවාල ලබනවා. මියගිය පුද්ගලයන් අතරෙන් 8 දෙනෙක් ශිෂ්‍යයන් වූ අතර, අනෙක් දෙදෙනා ගුරුවරු යි.

දිමීත්‍රියෝස් පැගෝට්සිස් (Dimitrios Pagourtzis) නම් ශිෂ්‍යයා ඔහුගේ පියාට අයත් නිත්‍යනුකූල ගිනි අවි කිහිපයක් යොදාගනිමින් මෙම වෙඩි තැබීම සිදුකරනවා. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ වෙඩි තැබීම සැලසුම් කර තිබූ අතර, ඒ බව ඔහුගේ පරිගණකයේ හා ජංගම දුරකථනයේ සටහන් තබා තිබෙනවා.

Remington Model 870 ෂොට්ගන් ගිනි අවියක් හා 38-caliber රිවෝලරයක් අපරාධය සඳහා ඔහු විසින් භාවිතා කර තිබෙනවා. වෙඩි තැබීමෙන් පසු ව තමනුත් වෙඩි තබාගෙන මියයාමට ශිෂ්‍යයා අදහස් කර ගෙන තිබුණත් අවසානයේ දී ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.

පාර්ක්ලන්ඩ් හි මාජරී ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසල

NBC News

 

2018 පෙබරවාරි 14 වන දා ෆ්ලොරිඩා, පාක්ලන්ඩ් හි පිහිටි මාජරී ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස්, තවත් 17 දෙනෙකු තුවාල ලබනවා. මෙලෙස වෙඩි තබා තිබෙන්නේ එම පාසලේ ම ඉගෙනගත් පසු ව පාසලෙන් නෙරපන ලද නිකොලවුස් කෘස් නම් 19 වැනි වියේ පසුවන ශිෂ්‍යයෙකු යි.

ඔහු මේ සඳහා අර්ධ ස්වයංක්‍රිය AR-15 වර්ගයේ රයිෆලයක් භාවිතා කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මැගසින් විශාල සංඛයාවක් ද ඔහු රැගෙන විත් තිබෙනවා. තුවාල ලබා සිටි ඝාතකයාව වෙඩි තැබීම ආරම්භ කර ස්වල්ප මොහොතකින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වෙනවා.

රෝස්බර්ග් හි අම්ප්ක්වා කොමියුනිටි කොලේජ්

The Hollywood Reporter

2015 ඔක්තෝම්බර් මාසයේ 1 වෙනි දා ඇමෙරිකාවේ රෝස්බර්ග් හි පිහිටි Umpqua Community පාසලට කඩා වදින එම පාසලේ ම ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්, පාසල් පන්ති කාමරයක සිටි දේශකවරයෙක් ඇතුළු ළමුන් 10 දෙනෙකු වෙඩි තබා මරා දමනවා. තවත් 8 දෙනෙකුට බරපතල තුවාල සිදුකරනවා.

මෙම වෙඩි තැබීමෙන් පසු ව තමනුත් වෙඩි තබාගෙන දිවි නසා ගන්නා මෙම තරුණයා අපරාධය සඳහා පිස්තෝලයක්, අර්ධ ස්වයංක්‍රිය රයිෆලයක්, හා රිවෝලරයක් භාවිතා කර තිබෙනවා.

වොෂින්ටන් හි මැරිස්විල් පිල්චක් උසස් පාසල

The Seattle Times

2014 ඔක්තෝම්බර් මාසයේ 24 වන දා වොෂින්ටන් හි Marysville Pilchuck උසස් පාසලට ඇතුළු වෙන 15 හැවිරිදි සිසුවෙක් පාසලේ ආපනශාලාවේ සිටි සිසුන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනවා. තවත් තිදෙනෙකුට තුවාල සිදුකරන ඔහු තම හිසට වෙඩි තබාගෙන මිය යනවා.

කුඩා සිසුවා විසින් භාවිතා කරන ලද ගිනි අවි ඔහුගේ පියාට අයිති ඒවා වුණා. එම ගිනි අවි නිත්‍යනුකූල ඒවා නොවූ බැවින්, වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු ව එම පියාව අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනවා.

වර්ජිනියා හි ඇපලේචන් නීති විද්‍යාලය

Wikiwand

2002 ජනවාරි 16 වන දා වර්ජිනියා හි Appalachian නීති විද්‍යාලයට ඇතුළත් වෙන එම උසස් පාසලේ ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට නොහැකි වූ සිසුවෙක් නීති පිඨයේ ප්‍රධානියා, මහාචාර්යවරයෙක් ඇතුළු තිදෙනෙක් මරා දමනවා. වෙඩි තැබීම හේතුවෙන් තවත් තිදෙනෙක් තුවාල ලබනවා. තම උපාධිය ලබා ගැනීමට නොහැකි වීමේ සිද්ධිය අරබයා මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙම සිදුවීමේ දී ඔහු කිසිදු ශිෂ්‍යයෙක් ඉලක්ක කර නොමැති බවත්, ශිෂ්‍යයන් තුවාල ලබා ඇත්තේ වැරදීමකින් තැබූ වෙඩි පහරවල්වලින් බවත් පසු ව හෙළි වෙනවා.

මූලාශ්‍රයයන් –

edition.cnn.com

time.com

theguardian.com

 

Related Articles