Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විවිධ රටවලින් වාර්තා වන සුන්දරත්වයෙන් ඉහළ පාර්ලිමේන්තු ගොඩනැගිලි

01. හංගේරියානු පාර්ලිමේන්තුව, බුඩාපේස්ට්

suwalls.com

ලොව ලස්සනම පාර්ලිමේන්තු ගොඩනැගිලි වලින් එකක් වන්නේ හංගේරියානු පාර්ලිමේන්තුවයි. හංගේරියානු ජාතික සභාව රැස් වන්නේ මෙම ගොඩනැගිල්ල තුළයි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙන්නේ 1885 වසරේදීයි. එහි වැඩ කටයුතු 1904 වසරේදී අවසන්ව තිබෙනවා. මෙම සුන්දර ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ ඩැනියුබ්නමැති ගං ඉවුරේ යි. හංගේරියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හංගේරියාවේ විශාලතම ගොඩනැගිල්ල වන අතරම බුඩාපේස්ට් හි උසම ගොඩනැගිල්ලද වනවා. එමෙන්ම ගොතික් ක්‍රමයට මෙය තනා තිබීමද විශේෂත්වයකි.

02. වෙස්ට්මිනිස්ටර් මාළිගය, ලන්ඩන්

en.wikipedia.org

වෙස්ට්මිනිස්ටර් මාළිගය පිහිටා තිබෙන්නේ තේම්ස් නදිය අසලයි. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සාමි මන්ත්‍රී මණ්ඩලය හමුවන ස්ථානය වන්නේ මෙයයි . එමෙන්ම නියෝ- ගොතික් යන සම්ප්‍රදායට අනුව ඉදි කර තිබෙන අතරම පුස්තකලය, රාජකීය ගැලරිය, ප්‍රභූ රැස්වීම් පොල ආදියෙන් යුක්ත වනවා. මෙහි ලෝක ප්‍රසිද්ධ බිග් බෙන් ඔරලෝසු කුළුන පිහිටා තිබීමත් හේතුවෙන් ලන්ඩනයේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි වී තිබෙනවා.  මෙය නියෝ- ගොතික් යන සම්ප්‍රදායට අනුව ඉදි කර තිබෙනවා.

03. කැපි‍තෝල්, වොෂින්ටන්

nationsonline.org

1793 වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙන අතර 1800 වසර වන විට  වැඩ කටයුතු අවසන් කිරීම සිදු කර තිබෙනවා. මෙහි ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රසය රැස් වන්නේ  මෙහිදී යි. මෙම ගොඩනැගිල්ල සඳහා සුදුසු නිර්මාණය තේරීම සිදු කර තිබෙන්නේ තරඟයකින් බව සඳහන්.

04. රයික්ස්ටාග්, බර්ලින්

german-way.com

කලින් ලද අවසර පතක් මත නැරඹීමේ හැකියාව ලැබෙන මෙම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 1894 වසරේදී විවෘත කරනු ලැබුවා. ගින්නකින් හානි වීම හේතුවෙන් මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව භාවිතා නොකළ බව සඳහන් වන අතරම නැවත 1999 වසරේ සිට භාවිතයට ගනු ලැබ තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් අනතුරුවයි.

05. සෙන්ටර් බ්ලොක්, ඔටාවා

solotripsandtips.com

කැනඩාවේ මූලික නීතිමය කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ගොඩනැගිල්ලේ දී යි.. මෙහි ප්‍රධාන වාස්තු විද්‍යාත්මක ලක්ෂණය වන්නේ සාම කුළුනයි. එමෙන්ම විශාල ඔරලෝසු කුළුණක් ගොඩනැගිල්ල මාධ්‍යයේ පිහිටා තිබෙනවා.

06. මහා ලේකම් ගොඩනැගිල්ල, නව දිල්ලිය

en.wikipedia.org

මෙම ගොඩනැගිල්ල ඉදි කොට තිබෙන්න 1910 වර්ෂයේදීයි. මෙය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ  ශෛලියට අනුව ඉදි කර තිබෙනවා. මෙම ගොඩනැගිල්ල උතුරු සහ දකුණු  යනුවෙන් අංගන දෙකකින් යුක්ත වන බවත් දැක්වෙනවා. එමෙන්ම ඉන්දියාවේ කැබිනට් මණ්ඩලයේ ඉතාමත් වැදගත් අමාත්‍යාංශ කිහිපයක් මෙහි පිහිටා තිබෙනවා.

07. බිනන්හෝෆ්, හේග්

boomsbeat.com

ලෝකයේ දැනට පවතින පැරණිතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වන්නේ නෙදර්ලන්තයේ මෙම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලයි. මෙය ඉදි කර තිබෙන්නේ 13 වන සියවසයේ දී පමණ වනවා. අනතුරුව 1584 වර්ෂයේදී පමණ ලන්දේසි ජනරජයේ දේශපාලනික මධ්‍යස්ථානය බවට පත්ව තිබෙනවා. අද වන විට නෙදර්ලන්තය මෙම ගොඩනැගිල්ලේ දී අග්‍රාමාත්‍යවරයාගේ නිල කාර්යාලීය කටයුතු මෙහි සිදු කෙරෙනවා.

08. පාර්ලිමේන්තු මන්දිරය, බුකරෙස්ට්

worldrecordacademy.com

ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, විශාලතම සිවිල් ගොඩනැගිල්ල, වඩාත්ම මිල අධික පරිපාලන ගොඩනැගිල්ල, හා වඩාත් සාටෝප ගොඩනැගුම සහිත විශාලතම ගොඩනැගිල්ල වන්නේ ද මෙයයි. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙන්නේ 1984 වසරේදී යි. 1997 වසරේ දී මෙහි කටයුතු නිමවා තිබෙනවා. මෙහි ගෘහ නිර්මාණ කටයුතු සිදු වී තිබෙන්නේ 28 හැවිරිදි Anca Petrescu නමැති ගෘහ නිර්මාණ ශිල්පියා අතිනුයි.

09. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, කේප් ටවුන්

travelground.com

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පිහිටා තිබෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කොටස් තුනකින් පමණ සමන්විතයි. මෙම කොටස් තුනේ ඉදිකිරීම් කටයුතු සිදු වෙලා තියෙන්නේ විවිධ කාල වකවානු වලදියි කියලයි දැක්වෙන්නේ. පළමු කොටස 19 වන ශතවර්ෂයේ දීත්, දෙවන කොටස 1920 දීත්, තෙවන කොටස, එනම් අවසාන අදියර, 1980 දීත් පමණ අවසන් කර තිබෙන බවට අන්තර්ජාලය වාර්තා කරනවා. එම යුගයේ දකුණු අප්‍රිකාව යටත් විජිතයක් ලෙස පැවත තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ජාතික සභාව  හා ජාතික පළාත් සභාව මෙහි අන්තර්ගත වන බවද දැක්වෙනවා.

10. බීහයිව්, වෙලින්ග්ටන්

panoramio.com

වෙලින්ග්ටන් හි පිහිටා තිබෙන බීහයිව්e පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙන්නේ 1969 වසරේදී පමණ වනවා. මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට හැකි වී තිබෙන්නේ 1981 වසරේදී පමණ වන විටයි.. මෙම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ සර් බැසිල් ස්පෙන්ස් හටයි. මෙහි හැඩය ඉතාමත් විශේෂ වන්නේ ගොඩනැගිල්ල මී වදයක හැඩය ගන්නා නිසා යි. මෙහි උස මීටර් 72ක් (අඩි 236) පමණ වනවා.

කවරයේ පින්තූරය: wikimedia.org

Related Articles