Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව භයානකම මාර්ගයන් 5ක්

01. උතුරු යුන්ගස් මාර්ගය – බොලිවියාව

thesipadvisor / wordpress.com

ලොව වැඩිම අවදානමක් ඇති මාර්ගයක් ලෙස මෙම මාර්ගය සැළකෙනවා. මෙහි යනෙන සංචාරකයන් බොහොමයක් එය ලොව ඉතා නරකම මාර්ගයක් ලෙස වර්ග කරනවා. බොලිවියාවේ ඇති මේ මාර්ගය කිලෝමීටර් 64.3 ක පමණ දුරක් පැතිර පවතිනවා. 1995 දී අන්තර් ආසියානු සංවර්ධන බැංකුව මෙය “මරණයේ මාවතක්” ලෙසත්, ලොව භයානකම මාර්ගයක් ලෙස නම් කර තිබුණා. මෙම මාර්ගය නිර්මාණය වන්නේ වර්ෂ 1930 ගණන් වලයි. ඒ පැරගුවේ සිරකරුවන් අතින්. මෙය මීටර් 3ක් පමණ පළල, තනි තීරුවක, සර්පිලාකාර මාර්ගයක්. මෙම මාර්ගය කන්දක් කපා සාදා තිබෙනවා. මෙම මාර්ගයේ භයානකම කොටස වන්නේ කොරෝයිකෝ සිට ලා පාස් දක්වා ඇති කොටසයි. එම මාර්ගයේ දී භූමියේ උස මීටර 4.267 ක සිට මීටර 304.8 ක් දක්වා තරම් පහළ වූ තියුණු බෑවුමක් හමුවෙනවා.

02. ගුඔලිඇන්ග් උමඟ – ටයිහැන්ග් කඳුවැටිය, චීනය

-bestvideosintheworld.com

1972 දී ඈත ගම්මානයක මිනිසුන් කණ්ඩායමක් විසින් ලොව ආශ්චර්යජනකම මාර්ගයක් නිර්මාණය කරනු ලැබුවා. ඔවුන් පිටත ලෝකය හා පහසුවෙන් සම්බන්ධවීමට සැතපුම් 3/4 ක මාර්ගයක් කන්දක් හරහා කපනු ලැබුවා. එයට පෙර ඔවුන් කන්ද තරණය කොට තම ගමනාගමන කටයුතු සිදුකර තිබුණා. මෙය අඩි 16ක උසකින් හා අඩි 13ක පළලකින් යුතු මාර්ගයක්. එමෙන්ම මෙම මාර්ගය ඉතාම පරීක්ෂාවෙන් යුතුව රථ වාහන ධාවනය කල යුතු මාර්ගයක්. මෙම මාර්ගය නිර්මාණයට වසර 5ක් ගත වී තිබුණා. එය විවෘත කරනු ලැබුවේ 1977 මැයි 01 වෙනිදායි. මෙය නිර්මාණය වෙනුවෙන් ටොන් 12ක පමණ යකඩ ප්‍රමාණයක් වැයවී තිබුණා. 

03. හල්සේමා අධිවේගී මාර්ගය

wp.com

මේ මාර්ගය අයත් වන්නේ පිලිපීනයටයි. මෙය Baguio-Bontoc මාර්ගය ලෙස හෝ කඳුකර අඩි පාර ලෙසද හඳුන්වනවා. මෙම මාර්ගය කිලෝමීටර් 150ක පමණ දුරකින් යුතුයි. එය මංතීරු දෙකේ සිට හතර දක්වා දිවෙන මාර්ගයක්. මෙම මාර්ගය වැටි ඇත්තේ පිලිපීනයේ වඩාත් දුෂ්කර පළාත් හරහායි. සංවර්ධනය වෙමින් පවතින කඳුකර මාර්ග, නායයන ස්ථාන වලින් මෙම මාර්ගය යුතු වෙනවා. එමෙන්ම හදිසියේ කඩා වැටිය හැකි සුන්බුන්වලින් හා විශාල ගල් වලින්ද මෙම මාර්ගය සමන්විතයි. එමෙන්ම ඔබගේ ගමන අඩාල කළ හැකි මිදුමක් ද මේ මාර්ගයේ දී පැමිණිය හැකියි. මාර්ගය විවෘත කරනු ලැබුවේ වර්ෂ 1930 දී වන අතර අදවන විට නම් මෙය දියුණු තත්ත්වයක පවතින මාර්ගයක්.

04. M56 කොල්යාමා ෆෙඩරල් අධිවේගී මාර්ගය

static.keptelenseg.hu

මෙම මාර්ගය සම්බන්ධවන්නේ රුසියාවේ මැගඩන් හා යකුට්ස්ක් වෙතයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ වර්ෂ 1930 – 1950 අතර කාලය තුලයි. සැතපුම් 1200ක් හෙවත් කිලෝමීටර 1931 ක දුරකින් යුතු මෙම මාර්ගය සැළකෙන්නේ “කිසිසේත් විශ්වාස කළ නොහැකි” මාර්ගයක් ලෙසයි. දශක ගණනාවකින් සංවර්ධනය නොවූ මාර්ගයක් ලෙස ද මෙය වාර්තා වෙනවා. මෙම මාර්ගයෙන් විශාල කොටසකට ගල් අතුරා නැහැ. ශීත ඍතුවේදී මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 70කට පමණ පහළ යනවා. ඒ කාලය තුල පස් සීතලෙන් කැටි ගැසෙනවා. නමුත් එම කාලය තුල ගිම්හාන සෘතුවට වඩා පහසුවෙන් ගමනාගමනය කළ හැකියි. එයට හේතුව වන්නේ මාර්ගය ගිම්හාන කාලයේදී විශාල මඩ ගොඩක් බවට මාර්ගය පත් වීමයි. නමුත් තත්ත්වය තවත් භායනක වන්නේ එම කාලය තුළ මංකොල්ලකෑම් වලින්ද මගීන්ට ආරක්ෂාකාරී වීමට සිදුවන නිසයි.

05. ලේහ් – මනාලි මාර්ගය

worldfortravel.com

මෙම මාර්ගය පිහිටා ඇත්තේ ඉන්දියාවෙයි. එය හිමාල කඳුවැටියේ පිහිටා තිබෙනවා. එහි දුර කිලෝමීටර 479ක්. නිතර වෙනස් වන කාලගුණය, ඉහළ උන්නතාංශය, පැහැදිළි මාර්ගයක් රහිත වීම, අධික ශීතල හා සැතපුම් ගණනක් යනතුරු මිනිසුන් රහිත වීම ආදී කාරණා මේ මාර්ගයේදී ඔබට මුහුණ දීමට සිදුවන අභියෝගයි. එමෙන්ම අමතර ඉන්ධන රැගෙන යන ලෙසටත් මෙම මාර්ගයේ යන්නන්ට අනතුරු ඇඟවෙනවා. මෙම මාර්ගය සාමාන්‍යයෙන් විවෘතව පවතින්නේ වර්ෂයේ මාස 4ක් හෝ 6ක් පමණයි. මෙහි ලොරි රථ හා බස් රථ ගමන් කරන්නේ පැයට කිලෝමීටර 15-20 පමණ වේගයකිනුයි. හිම,කෙලවරක් නොමැති රථ වාහන තදබද, නායයෑම් මේ මාර්ගයේදී ඔබට මුහුණ දීමට සිදුවන අනෙක් අපහසුතායි.

කවරය – drivetribe.imgix.net

Related Articles