මේ ලිපියෙන් කතා කරන්නේ ලෝකයේ මිළ අධිකම අයිස් ක්‍රීම් වර්ග කිහිපයක් ගැනයි.
1. Truffle ice cream
hellotravel.com
මෙම වර්ගයේ අයිස් ක්‍රීම් එකක මිළ ඇමරිකානු ඩොලර් 95ක් පමණ වන අතර මෙය සාදනු ලබන්නේ ලාස් වේගාස්හි ARIA Resort & Casino වලයි. මාසා ටකයාමා කියන ප්‍රවීණ සුපවේදියා අතින් තමයි මෙය නිර්මාණය වන්නේ. වයිට් ට්‍රෆ්ල් නමැති අයිස් ක්‍රීම් වලින් නිපදවන අතරම මෙය පිළිගන්වනුයේ රන් පත්‍ර වලින් සැරසූ වීදුරු බඳුනකයි.
02. Capannari ice cream
viraltalks.com
ඇමරිකානු ඩොලර් 190ක ට පමණ අළෙවි වන මෙය ලබා ගත හැක්කේ ඇමරිකාවේ චිකාගෝ වලිනුයි. එමෙන්ම බ්ලැක් රස්‌බෙරි චිප් හෝ අයිරිශ් කෝපි ක්‍රීම් රසැති ලෙස රස දෙකකින් මේ අයිස් ක්‍රීම් මිළට ගත හැකි බව දැක්වෙනවා. නිර්මාණය කරන සෑම අයිස් ක්‍රීම් එකකටම ඊටම ආවේණික හා සුවිශේෂී වූ රසයන් වලින් සමන්විත කරන බවද දැක්වෙනවා.
03. The Black Diamond
nypost.com
ඇමරිකානු ඩොලර් 817ක් වන මෙම අයිස් ක්‍රීම් ලබා ගත හැක්කේ ඩුබායිහි පිහිටා තිබෙන Scoopi cafe නමැති ආපනශාලා වලිනුයි. අමු සැෆ්රෝන් කෙඳි, බ්ලැක් ට්‍රෆ්ල් ආදී ඉතාමත් විරල අමුද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරන අතර යට කොටසට භාවිතා කරන්නේ මැඩගස්කර් වැනිලා බෝංචි ඇටවලින් සෑදු ප්‍රණීත අයිස්ක්‍රීම් තට්ටුවකුයි. පාදම සැරසීමට කැරට් 23ක් වටිනා රත්‍රන් පත්‍රයක් යොදා ගන්නා බවත් දැක්වෙනවා.
04. Golden Opulence Sundae
thedailymeal.com
නිව්යෝක් හි Serendipity 3 නමැති අවන්හලෙන් ලබා ගත හැකි මෙම අයිස් ක්‍රීම් එකක මිළ ලෙස වාර්තා වන්නේ ඇමරිකානු ඩොලර් 1,000 කි.
05. The Victoria
wowamazing.com
ලැන්හැම් හෝටලයේ Pavilion restaurant එකෙන් රස බැලිය හැකි මෙම අයිස් ක්‍රීම් එකක මිළ ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,000 කි.
06. Mauboussin Mega Sundae
forbes.com
ඇමරිකානු ඩොලර් 1,000 ක් පමණ වන මෙය Bagatelle restaurant එකෙන් රස බැලිය හැකි වනවා. එමෙන්ම මෙහි වැනිලා අයිස් ක්‍රීම්, චොකලට් ට්‍රෆ්ල්, ෆ්‍රෙන්ච් මැකරූන්, විප්ඩ් ක්‍රීම්, කළු චොකලට් බ්‍රව්නි, චොකලට් වොඩ්කා සෝස්, සහ රන් පත්‍ර අන්තර්ගත වනවා.
7. Frozen Chocolate Haute
guff.com
ඇමරිකානු ඩොලර් 25,000 පමණ මිළෙන් යුක්ත වන මෙම අයිස් ක්‍රීම් සාදනු ලබන්නේ විරල කොකෝවා සංයෝගයකිනුයි. මිළ දී ගත හැක්කේ නිව්යෝක් හි සෙරන්ඩිපිටි 3 ආපනශාලාවෙනුයි. විරල අමුද්‍රව්‍ය වලින් නිර්මිත රන් බඳුනක් හා රන් හැන්දක් ලැබෙන අතරම රන් බඳුනේ පිටත අලංකාර දියමන්ති පේලියක්ද වනවා. එමෙන්ම විරල වර්ගයේ කැරට් 18 ක අත් පළඳනාවක්‌ද සිහිවටනයක් ලෙස ලැබෙන බව දැක්වෙනවා.
8. Absurdity Sundae
financesonline.com
Three Twin Ice Cream Company විසින් නිර්මාණය කරන ලද මෙම අයිස් ක්‍රීම් එකක මිළ ඇමරිකානු ඩොලර් 60,000 පමණ වනවා. එමෙන්ම මෙම අයිස් ක්‍රීම් රස බැලීමට නම් Tanzania යා යුතු වනවා.
9. Strawberries Arnaud
pursuitist.com
ඇමරිකානු ඩොලර් මිලියන 1.4 මිළකින් යුත් මෙය මිල අධික වැනිලා අයිස්‌ක්‍රීම්, ඉතාමත්ම නැවුම් දිදුලන ස්‌ට්‍රොබෙරි, ඉස්‌තරම්ම වර්ගයේ වයින්, ක්‍රීම්, රස ගැල්වුම්, මින්ට් හා පෝට් වයින් ආදියෙන් මෙම අයිස් ක්‍රීම් එක සමන්විත වනවා. මෙහි මුදුන සැරසීමට ඉතාමත්ම සීමිත වර්ගයේ කැරට් 4.7 ක දියමන්ති මුදුවක් භාවිතා කරන බව දැක්වෙනවා.
කවරයේ පින්තූරය: huffingtonpost.com