Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ජනප්‍රියම පුවත්පත් 6 ක්

පුවත්පත් කලාව දිගු ඉතිහාසයක් ඇති එකක්. ලෝකයේ ප්‍රකට පුවත්පත් රාශියක් තිබෙනවා. අද අප සාකච්ඡා කරන්නේ ඉන් කිහිපයක් පිළිබඳවයි.

  1. Wall Street Journal (වෝල් ස්ට්‍රීට් ජර්නල්)

thehill.com

මෙය ඇමරිකානු පුවත්පතකි. මෙම පුවත්පත මුද්‍රණය ආරම්භ වී ඇත්තේ 1872 වසරේදීය. ආසන්න වශයෙන් මිලියන 16.4 ක පමණ ජනතාවක් මෙම පුවත්පත කියවන අතර එයින් මිලියන 13.9ක් පමණ අන්තර්ජාලය හරහා මෙම පුවත්පත භාවිතා කරන්නන් වේ. මෙහී මුද්‍රණ පිටපත් සංඛ්‍යාව සාමාන්‍යයෙන් මිලියන 2.4ක් පමණ වේ. මෙය ඇමරිකාව පුරා වැඩියෙන්ම සංසරණය වන පුවත්පත ලෙසද දැක්විය හැක. මේ පුවත් පත සඳහා පුලිට්සර් සම්මානය 35 වතාවක්  හිමිවී ඇත.

  1. New York Times (නිව් යෝර්ක් ටයිම්ස්)

politico.com

මෙය ඇමරිකානු පුවත්පතකි. මෙයට ඇති තවත් නාමයක් ලෙස “The Gray Lady” දැක්විය හැක. මෙහි ආදර්ශ පාඨය වන්නේ “All the news that’s fit to print”. මේ පුවත් පත පුවත්, අදහස්, ව්‍යාපාර, කලාව, විද්‍යාව, විලාසිතා, ක්‍රීඩා, සංචාර, ආදී විවිධ කොටස් වලින් යුතු වේ. මෙම පුවත්පත් ආයතනය තුළ පුවත්පත් කලාවේදීන් 1150ක් පමණ සේවයේ නිරත වේ. දිනකට ලෝකය පුරා මෙම පුවත් පතේ පිටපත් 1,379,806 පමණ අළෙවි වේ.

  1. The Guardian (ද ගාර්ඩියන්)

sorryserbia.com

මෙය බ්‍රිතාන්‍ය පුවත් පතකි. මුද්‍රණය ආරම්භ වී ඇත්තේ 1821දිය. මුල් කාළයේදී මෙය “මැන්චෙස්ටර් ගාර්ඩියන්” ලෙස හැඳින්විණ​. මෙම පුවත්පත මිලියන 39ක පමණ ජනතාවක් කියවන අතර ඉන් වැඩි පිරිසක් අන්තර්ජාලය හරහා පුවත්පත භාවිතා කරන්නන් වේ. මේ පුවත් පතේ වාර්තාකරුවන්ට හොඳම වාර්තාකරණය, විදෙස් වාර්තාකරණය, හොඳම කාර්ටූන් ශිල්පියා වැනි සම්මාන හිමි වී ඇත. මේ පුවත්පත සඳහා Bevinz ත්‍යාගයද හිමිවී ඇත. මෙය ලෝකයේ වැඩියෙන්ම කියවන පුවත්පත් 10 අතරින් 4 වන ස්ථානය හිමි කරගෙන සිටි.

  1. Washington Post (වොෂිංටන් පෝස්ට්)

huffingtonpost.com

මෙය ඇමරිකාවේ පැරණිම පුවත් පත් අතරින් එකක් ලෙස දැක්විය හැක. ආරම්භක වර්ෂය වන්නේ 1877යි. මෙය ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වුයේ මෙහි පැවති විමර්ශනාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමේ ගුණය නිසයි. මේ අතරින් වඩා කැපී පෙනුණු පුවත් රචනා කළ පුද්ගලයින් ලෙස බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටයින් හැඳින්විය හැක. මොවුන් දෙදෙන “වෝටර්ගේට් සිද්ධිය​” හෙළිදරව් කිරීමෙන් ප්‍රචලිත වූහ​. මෙම පුවත් පත අන්තර්ජාලය හරහා පළවන බැවින් මෙය වටා ලෝකය පුරා විවිධ ජන කොටස් ඒකරාශී වී සිටි.

  1. Asahi Shimbun (අසාහි ෂිම්බුන්)

geotypografika.com

ජපානයේ මුද්‍රිත දිනපතා පුවත් පතක් වන මෙය එරට පැරණිම පුවත්පතක් ලෙස දැක්විය හැක. මෙය මුද්‍රණය කිරීම ආරම්භ කරන ලද්දේ 1879 ජනවාරි මස 25 වන දිනයි. ආරම්භක කාලයේ ඉතා සුළු පරිමාණයෙන් මුද්‍රණය කල මෙම පුවත්පතට පැවතියේ පිටු 4ක් පමණි. මෙය එකළ අලෙවි කරන ලද්දේ සෙන් එකකටයි. වර්තමානය වන විට බොහෝ ජපන් ජාතිකයෝ මෙම පුවත්පත පරිශීලනය කරති.

  1. Times of India (ටයිම්ස් ඔෆ් ඉන්ඩියා)

aspiringminds.com

මෙය 1835දි ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ ආරම්භ වූවකි. 2008 වසරේදී මෙහි පිටපත් මිලියන 3.14ක් අළෙවි වී ඇත. ලොව වටා මෙම පුවත් පත් කියවන්නන් මිලියන 15ක් පමණ සිටින අතර මින් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා පුවත්පත භාවිතා කරන්නන් වේ. මෙහි මුද්‍රණ පිටපත් මිලියන 3ක් පමණ අළෙවි වන අතර ලෝකයේ වැඩියෙන්ම අළෙවි වන පුවත්පත් 10 අතරින් 3 වන ස්ථානයට පත්වී ඇත.

කවරයේ පින්තුරය – huffingtonpost.com

Related Articles