Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 වසරේ එක්දින තරඟවල වැඩිම ලකුණු ලාභීන්

2017 වසර ක්‍රිකට් ලෝකයේ බොහෝ වාර්තා අලුත් වූ වසරක්. ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් කටුක අත්දැකීම් සමූහයක් අත දරාගෙන 2017 වසර නිමා කරන්න සිදුවුණා. කෙසේ වෙතත් ප්‍රවේගකාරී 20/20 තරග රටාව හදුන්වා දීමත් සමග පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් බවට පත්වී ඇති ක්‍රිකට් තරඟ​වල 2017 වසරේ එක්දින තරග වල වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවන් අතර මුල් ස්ථාන 05 පිළිබද කියන්නයි මේ ලෑස්තිය.

  • රොස් ටේලර්

cricpics-wordpress.com

කලක සිට නවසීලන්ත පිලේ ප්‍රබල ඉදිරිපෙළ පිතිකරුවෙකු වන රොස් ටේලර් නැවත ලකුණු අතරට පැමිණෙනු 2017 දී දකින්නට ලැබුණා. ආක්‍රමණකාරී ක්‍රීඩා විලාශයක් ඇති 33 වියැති මෙම දකුණත් පිතිකරුවා 2017 වසර තුල එක්දින තරග 20කට සහභාගී වී ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 968ක් වෙනවා. එයට ශතක 02ක් සහ අර්ධ ශතක 07ක් ඇතුලත්. ඕස්ට්‍රේලියානු  පිලට එරෙහිව ඔහු ලබාගත් ලකුණු 107 මෙම වසර තුල ඔහු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර 2017 වසර තුල ඔහුගේ ඉනිමක සාමාන්‍යය 60.50 ලෙස සටහන් වෙද්දී ඔහුගේ ලකුණු ලබාගැනීමේ දළ වේගය 81.89ක් වෙනවා.

  • ජෝ රූට්

AP

Fab Four” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන මේ වනවිට ක්‍රිකට් ලෝකයේ ප්‍රබලතම පිතිකරුවන් සිව්දෙනාගෙන් සමන්විත කල්ලියේ එක් සාමාජිකයෙක් ලෙස ජෝ රූට් හඳුන්වන්න​ පුළුවන්. මොහුට අමතරව විරාත් කෝලි, ස්ටීව් ස්මිත් සහ කේන් විලියම්සන් මෙම සිව්දෙනාගේ කණ්ඩායමට ඇතුලත්. 2015 වසරේ ලෝක කුසලාන තරඟාවලියේදී ලද පරාජයන්ගෙන් පාඩම් ඉගෙන මේ වනවිට ප්‍රබලම එක්දින කණ්ඩායමක් බවට පත්ව ඇති එංගලන්ත කණ්ඩායම එම තත්වයට ගෙන ඒම සදහා මහඟු මෙහෙයක් ඉටුකළ ක්‍රීඩකයෙක් ලෙස රූට් හැදින්විය හැකියි. 2017 වසර තුල තම පිත්තෙන් ලකුණු 983ක් ලබාගන්නා මොහු සහභාගී වී ඇත්තේ තරග 19කට පමණයි. 2017 වසර තුල ශතක 02ක් සහ අර්ධ ශතක 07ක් ලබාගෙන ඇති මොහු  බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 133 මෙම වසරේ ඔහුගේ ඉහලම ලකුණු සංඛ්‍යාව වෙනවා. 2017 වසර තුල ඔහුගේ ඉනිමක සාමාන්‍යය 70.21ක් වෙද්දී ලකුණු ලබාගැනීමේ දළ වේගය 92.21ක් ලෙස සටහන් වෙනවා.

  • උපුල් තරංග​

The New Indian Express

අලංකාර පිතිකරණ රටාවක් ඇති වමත් පිතිකරුවෙකු ලෙස නම්දරා සිටින උපුල් තරංග​ තම පුනරාගමනය​ රන් අකුරෙන් සනිටුහන් කරන්නේ 2017 වසර තුල ලකුණු දහසේ සීමාව පසුකල පිතිකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු බවට පත්වෙමින්. මැතිව්ස්ගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තම කරට ගත් ඔහු 2017 වසර තුල එක්දින තරග වල ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 1011ක් වෙනවා. මේ සදහා ඔහු වැයකර ඇත්තේ තරග 25ක් පමණක් වන අතර ශතක 02ක් සහ අර්ධ ශතක 06ක් ඔහුගේ ගිණුමට බැර වෙනවා. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඔහු ලබාගත් ලකුණු 119 මෙම වසර තුල ඔහු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වෙනවා. 2017 වසර තුල තරංගගේ එක්දින ඉනිමක සාමාන්‍යය 48.14ක් වන අතර ලකුණු ලබාගැනීමේ දළ වේගය 91.65ක් වෙනවා.

  • රෝහිත් ශර්මා

IB Times

එක්දින තරග වල ආරම්භක පිතිකරු භූමිකාව රගදැක්වීමට පැමිණි පසු නොනැවත්විය හැකි ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින රෝහිත් ශර්මා ශ්‍රී ලංකා සංචාරයේදී තම තෙවැනි එක්දින ද්විත්ව ශතකය ලබාගත්තා. බොහෝ විට ටෙස්ට් ක්‍රිකට් තරග සදහා අඩු අවස්ථා හිමි වන මොහු එක්දින තරග වල ද්විත්ව ශතක ලබාගෙන එම වාඩුව පිරිමසා ගන්නා බවයි ක්‍රිකට් විචාරකයන්ගේ අදහස. ඒ කෙසේ වෙතත් 2017 වසර තුල එක්දින තරග 21කට සහභාගී වී ඔහු ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1293ක්. එයට ශතක 05ක් අර්ධ ශතක 05ක් සහ එක් ද්විත්ව ශතකයක් ඇතුලත්. මෙම වසර තුල ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍යය 71.83ක් බවට පත්වෙද්දී ඔහුගේ ලකුණු ලබාගැනීමේ දළ වේගය 99.46ක් වෙනවා. එමෙන්ම තවත් විශේෂ සිදුවීමක් වන්නේ මෙම වසර තුල වැඩිම හයේ පහර සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ ඔහු වීම. ඔහු හයේ පහර 46ක් එල්ල කරද්දී දෙවන ස්ථානයේ පසුවෙන හර්දීක් පාන්ඩ්‍යා එල්ල කර ඇති හයේ පහර ගණන 30ක්.

  • විරාත් කෝලි

BCCI

ඕනෑම තරග රටාවකදී තම ලකුණු මැෂිම ක්‍රියාකරවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම්දරා සිටින කෝලි 2017 වසරේ එක්දින ක්‍රිකට් තරග 26කට සහභාගී වී ලබාඇති මුළු ලකුණු සංඛ්‍යාව 1460ක්. එයට ශතක 06ක් සහ අර්ධ ශතක 07ක් ඇතුලත්.  විශේෂයෙන්ම දෙවෙනිවර පන්දුවට පහර දීමේදී පිත්ත කතාකරවන කෝලිගේ මෙම වසරේ එක්දින ඉනිමක සාමාන්‍යය 76.84ක් වෙනවා. එය මෙම වසරේ ලකුණු 600කට වැඩ ලබාගත් ක්‍රීඩකයන් අතුරෙන් වැඩිම සාමාන්‍යය වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ දල වේගය 99.11ක් ලෙස සටහන් වෙනවා.

මුලාශ්‍ර

Sports Keeda

ESPN Cricinfo

Cover Image: Sports Wiki

Related Articles