Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම මිළකට අලෙවි වූ සිතුවම්

ලෝකයේ එතෙක් මෙතෙක් විශාල මිළ ගණන් වලට අලෙවි වූ සිතුවම් පිළිබඳව ඔබ අසා ඇති. අපි අද ඔබට තොරතුරු ගෙන එන්නේ එසේ ලොව වැඩිම මිළකට අලෙවි වූ සිතුවම් 5 පිළිබඳවයි. එම සිතුවම්වල මිළ ගණන් ඇසුවොත් සිතුවම් එතරම්ම වටිනවා ද යන්න පිළිබඳව ඔබත් අනිවාර්යෙන්ම දෙවරක් සිතා බලනු ඇති.

“Salvator Mundi” සිතුවම

ලොව වැඩිම මිලකට වෙන්දේසි වූ සිතුවම ලෙස වාර්තා වෙන්නේ නිව්යෝක් හිදී වෙන්දේසි වුණ “Salvator Mundi” නම් සිතුවමයි. එය වෙන්දේසි වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න මිලකටයි. “Salvator Mundi” නම් වූ මෙම සිතුවම නිර්මාණය කර තිබුණේ ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම සිත්තරෙකු වන ලියනාඩෝ ඩාවින්සි විසිනුයි. මෙම සිතුවමේ ජේසු තුමා ශාන්තව, නිල් පැහැයට හුරු ඇඳුමකින් සැරසී, ගෝලයක් අතේ තබාගෙන ඉන්නා අයුරු නිරූපණය වෙනවා. එමෙන්ම ඩාවින්සිගේ ඉතිරිව ඇති 20කටත් අඩු සිතුවම්වලින් ඉතිහාසයේ වෙන්දේසි කළ සිතුවම් 10න් එකක් ලෙස මෙය සැලකෙනවා. සිතුවම වෙන්දේසි වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 450ක් වූවත්, එයට අදාලව සියලුම වියදම් ගෙවීමෙන් පසුව එහි මිල ඇමරිකානු ඩොලර් 450,312,500ක් වුණා. මෙම සිතුවම මිළදී ගනු ලැබුවේ ඇලෙක්ස් රෝටර් නම් පුද්ගලයෙකුයි.

publicbroadcasting.net

“Interchange” සිතුවම

ඇමරිකානු ඩොලර් මිලියන 300කට අලෙවි වුණ මෙම සිතුවම නිර්මාණය කර තිබුණේ විලෙම් ඩි කූනින්ග් නම් සිතුවම් ශිල්පියා විසිනුයි. එමෙන්ම එතෙක් මෙතෙක් වැඩිම මිළකට අලෙවි වුණ භාවමය රසවින්දනයකින් යුතු, එහෙම නැත්නම් Abstarct Art වර්ගයේ සිතුවම ලෙස ද මෙම සිතුවම සැලකෙනවා. එය භූමි දර්ශන සිතුවමක්. තෙල් සායම් සිතුවමක් වන මෙය කුනින්ග් විසින් 1955 වසරේ නිර්මාණය කර තිබුණා. කෙන් ග්රිෆ්ටින් නම් බිලියනපතියා මෙහි අයිතිකරු වුණා. මෙම සිතුවම් ප්‍රමාණයෙන් අඟල් 79 X 69 ප්‍රමාණයේ එකක්. එමෙන්ම මේ සිතුවම කුනින්ග්ගේ මුල් භාවමය භූමි දර්ශනවලින් එකක් වුණා. විලෙම් ඩි කූනින්ග් මුලින්ම ගෘහ නිර්මාණශිල්පියෙකුට මෙය අලෙවි කර තිබුණේ ඇමරිකානු ඩොලර් 4000ක් තරම් වූ මිලකටයි. එමෙන්ම මේ සිතුවම සැළකෙන්නේ ජිවත්ව සිටියදී සිත්තරකුගේ සිතුවමක් අලෙවි වූ ඉහළම මිළ ලෙසයි.

pinimg.com

“The Card Players” සිතුවම

1892/93 කාලයේ නිර්මාණය වූ මෙම සිතුවම නිර්මාණය කරන ලද්දේ පොල් සේසාන් විසිනුයි. එය අලෙවි වූ මිළ ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 250ක්. මෙහි ප්‍රමාණය සෙන්ටිමීටර 47 X 56.5 ක් වෙනවා. මෙය කටාර් රාජ්‍යයේ රජ පවුල විසින් මිලදීගෙන තිබුණා. එමෙන්ම මෙම සිතුවම් පෙලේ සිතුවම් පහක් සේසාන් නිර්මාණය කර තිබුණා. සේසාන් සැලකෙන්නේ සිතුවම් කලාව නව මගකට ගෙන යාමට විශාල සේවයක් කළ අයෙකු ලෙසයි.

(arthistoryproject.com)

“Nafea Faa Ipoipo හෙවත් When Will You Marry?” සිතුවම

පෝල් ගොගෑන්ගේ මෙම සිතුවම අලෙවි වූ මිළ ඇමරිකානු ඩොලර් මිලියන 210ක්. ඔහු මෙම සිතුවම 1892 වර්ෂයේ නිර්මාණය කර තිබුණා. කැන්වසයක් මත තෙල් සායමින් නිර්මාණය කර ඇති මෙම සිතුවම අඟල් 40 X 30 ප්‍රමාණයෙන් යුතු වෙනවා. ටාහිට් නම් නගරයේ කාන්තාවන් දෙදෙනෙකු මේ සිතුවමේ අන්තර්ගත වෙනවා. රුඩොල්ෆ් ස්ටාචෙලින් නම් අයෙකු සතුවූ මෙම සිතුවම මිළදී ගත් අයෙකු පිළිබඳව නම් සඳහන් වන්නේ නෑ. මේ සිතුවම කටාර් රාජ්‍ය විසින් මිළ දී ගන්නට ඇතියි විශ්වාස කෙරෙනවා.

wikimedia.org

“Number 17A” සිතුවම

1912 ජනවාරි 28 වෙනිදා උපත ලබා 1956 අගෝස්තු 11 වෙනිදා මිය ගිය ඇමරිකානු ජාතික සිතුවම් ශිල්පියෙකු වන පෝල් ජැක්සන් පොලොක් විසින් මෙම සිතුවම නිර්මාණය කර තිබුණා. මෙම සිතුවම භාවමය සිතුවම් ගණයට අයත් වෙනවා. Number 17A සිතුවම ඇමරිකානු ඩොලර් මිලියන 200කට 2005 වසරේදී ඩේවිඩ් ගෙෆ්ෆෙන් පදනම විසින් කෙන්නෙත් සී. ග්‍රිෆින් යන පුද්ගලයාට විකුණා තිබුණා. මෙම සිතුවම පිළිබඳව එතරම් තොරතුරු වාර්තා නොවුනත් මෙහි නිර්මාණශිල්පියා ඔහුට වයස අවුරුදු 44 වෙන තැන මරණයට පත්ව තිබුණේ බීමත්ව රිය පදවා සිදුවූ අනතුරකින්.

arttocanvas.com

කවරයේ රූපය : cloudfront.net

මුලාශ්‍ර :

www.livingit.euronews.com
wikipedia.org
www.theguardian.com
www.telegraph.co.uk

Related Articles