ලොව මිළ අධිකම මුද්දර 5 ක්

01. Sweden Three Skilling Banco – Yellow Color Error, 1855  (ස්වීඩන් ස්කිලින්ග් තුනේ, කහ පැහැති වරදක් සහිතව මුද්‍රණය වූ මුද්දරය – 1855)

www.glenstephens.com

ස්වීඩනය විසින් තම ප්‍රථම මුද්දර පෙළ ඉදිරිපත් කළේ ඔවුන්ගේ වංශයේ සලකුණ (Swedish coat of arms) ඇතුළත් කරමිනුයි. ස්වීඩන් ස්කිලින්ග් (මෙය 1776 – 1855 දක්වා ස්වීඩනය තුල භාවිතා වූ මුදල් ඒකකයකි) 3 – 24 දක්වා පරාසයක මෙම මුද්දර මිළකර තිබුණා. ඒ සෑම මුද්දරයක් වෙනුවෙන්ම එයට අදාළ වූ වර්ණයක් තිබුණා. නමුත් සමහරක් මුද්දර මුද්‍රණය කරන විට යම් යම් දෝෂයන්ට වලට ලක්ව තිබුණා.ස්කිලින්ග් තුනක මුද්දර මුද්‍රණය වී තිබුණේ නිල් – කොළ පැහැති වර්ණයෙනුයි. නමුත් ඉන් ස්කිලින්ග් තුනක මුද්දරයක්, ස්කිලින්ග් 8 මුද්දර මුද්‍රණය වන කහ පැහැයට හුරු තැඹිලි පැහැයෙන් මුද්‍රණය වී තිබුණා. මෙම කහ පැහැති වරද සහිත මුද්දර වලින් එකක් යම් පුද්ගලයෙක් විසින් 1885 දී සොයාගෙන තිබුණා. නමුත් මෙවැනි වරදවල් සහිත එවැනි වෙනත් මුද්දර සොයාගෙන තිබුණේ නෑ. මෙම මුද්දරය වර්ෂ 1996 වසරේ වෙන්දේසියකදී නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.3කට මිළදී ගෙන තිබුණා.

02. Post Office Mauritius – 1847 (Post Office වරද සහිත මුද්දරය  – මුරුසිය – 1847 )

www.davidfeldman.com

1847 දී බ්‍රිතාන්‍ය කොලනියක් වූ මුරුසි දිවයිනේ පාලකයා විසින් එරට ප්‍රථම මුද්දර නිකුත් කරන ලෙස අණ කරනු ලැබුවා. එය නිර්මාණය කිරීමේ වගකීම භාර වුනේ පොර්ට් ලුවිස් අග නගරයේ නිර්මාණ ශීල්පියෙකුටයි. ඔහුට ඒ සඳහා සාම්පල දෙකක් ඉදිරිපත් කිරීමට නියම කෙරුණා. ඒ පැන්සයක හා පැන්ස දෙකක වටිනාකම් වලින් යුතුවයි. නමුත් ඔහු විසින් එම මුද්දරය මත යෙදිය යුතු “Post Paid” වචනය වෙනුවට යොදා තිබුණේ  “Post Office” යන්නයි. නමුත් මෙම වරද සොයා ගන්නා විට මුරුසි දිවයින තුල මෙම මුද්දර 200ක් මුද්‍රණය කර බෙදාහැර තිබුණා.

මුද්දර පිළිබඳව විශේෂඥයන් පවසන පරිදි අද වන විට එයින් මුද්දර 30ක් පමණ ඉතුරු වී තිබෙනවා. මුද්දරයේ තත්ත්වය අනුව ඉන් එක මුද්දරයක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක් පමණ වෙනවා. නමුත් එක්තරා මුද්දර වෙන්දේසියකදී මින් මුද්දර දෙකක් ඇමරිකානු ඩොලර් මිලියන 3.8ක් තරම් විශාල මුදලකට වෙන්දේසි වුනා. ඒ වර්ෂ 1993 දියි.

03. Hawaiian Missionaries – 1851 (හවාලියන් මිෂනාරි – 1851)

www.justcollecting.com

ප්‍රථම හවායි මුද්දර නිකුත් වී තිබුණේ 1851 වර්ෂයේදී යි. මෙම මුද්දර හවායන් මිෂනාරි මුද්දර ලෙස හඳුන්වන්නේ එරට සිටි ඇමරිකානු මිෂනාරිවරුන් විසින් මෙම මුද්දර ඇමරිකාවට ලියුම් යැවීමට නිතර භාවිතා කළ නිසයි. මෙම මුද්දර හවායි හී හොනලුලු නගරයේ නිකුත් කර තිබුණේ මිළ මට්ටම් තුනකින්. ඒ සත 2, සත 5, හා සත 13 වශයෙනි. මෙම මුද්දර අඩු මිළකට නිකුත් වීමට හේතූ වුනේ මුද්දර ගුණාත්මක බවින් එතරම් ඉහළ නොවීමයි. මෙම මුද්දර වලින් සුරක්ෂිතව ඇත්තේ ස්වල්ප ප්‍රමාණයක් පමණයි. ඒවාත් ඉතා දුර්ලභ වෙනවා. මින් ඉතාම දුර්ලභම ඒවා වන්නේ සත දෙකේ කාණ්ඩයේ ඒවායි. ඉන් ඉතුරුව ඇති මුද්දර ප්‍රමාණය 16ක් වෙනවා. මින් භාවිතා නොකළ මුද්දරයක මිළ ඇමරිකානු ඩොලර් 760,000ක් පමණ  වෙනවා. භාවිතා කළ එකක් ඇමරිකානු ඩොලර්  225,000 පමණ වෙනවා.

04. Baden 9 Kreuzer Error Stamp – 1851

postimg.org

(Baden – නාන යන අර්ථයක් ඇති ජර්මානු වචනයකි

Kreuzer – ජර්මනිය එක්සත් වීමට පෙර දකුණු ජර්මනියේ භාවිතා කල මුදල් ඒකකයක්)

ඉතා ප්‍රසිද්ධ හා අධික වටිනාකමින් යුතු මුද්දරයක් ලෙස මෙම Baden 9 Kreuzer Error මුද්දරය හඳුන්වනු ලබනවා.  මෙම මුද්දරයෙන් ලෝකයට ඇත්තේ පිටපත් 4ක් පමණයි. මෙම මුද්දර සැලසුම් කර තිබුණේ රෝස පැහැයෙන් මුද්‍රණය කිරීමටයි. නමුත් සිදු වූ දෝෂයක් නිසා මේවා මුද්‍රණය වී තිබුණේ කොළ පැහැයෙනි. කොළ පැහැය යනු එම මුද්දර වල Kreuzer 6 වටිනාකමෙන් යුතු මුද්දර නිර්මාණයට සැලසුම් කර තිබු පාටයි. භාවිතා නොකළ එකම Baden 9 Kreuzer Error මුද්දරය 2008 අප්‍රේල් 3 වෙනිදා වෙන්දේසියකදී යූරෝ 1,314,500කට අලෙවි වී තිබුණා.

05. Tiflis Stamp – 1857

gazettereview.com

මෙය රුසියාවේ දුර්ලභම හා මිල අධිකම මුද්දරයයි. එය ටිෆ්ලිස් හී මුද්‍රණය කර තිබුණේ වර්ෂ 1857 දියි. මින් අද ඉතුරුව ඇත්තේ මුද්දර 5ක් පමණයි. ඉන් එක්ක මිළ ඇමරිකානු ඩොලර් 500,000 පමණ වෙනවා.

findyourstampsvalue.com ඇසුරින්

 

Related Articles