Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 වසරේ හොඳම එක්දින පන්දු යවන්නන්

2017 අවුරුද්දත් ගෙවිලා ගිහින් දැන් ටික දවසක් වෙනවා. පහුගිය අවුරුද්ද ගැන සලකා බැලුවොතින් ලංකාවේ අපේ ක්‍රිකට් වලට නම් එච්චර හොද අවුරුද්දක් උනේ නැහැ. කොහොම උනත් අද අපි මේ කියන්න යන්නේ 2017 අවුරුද්දේ එක්දින තරග වල වැඩිපුරම කඩුළු ලබාගත් පන්දු යවන්නන් පස්දෙනා පිලිබදවයි.

  • ට්‍රෙන්ට් බෝල්ට්

ට්‍රෙන්ට් බෝල්ට් (news.com.au)

නවසීලන්තයෙන් බිහිවූ වමත් වේග පන්දු යවන්නකු වන ට්‍රෙන්ට් බෝල්ට් 2017 වසරේදී එක්දින ජාත්‍යන්තර කඩුලු 31 ක් දවාගන තිබෙනවා. ඒ තරඟ 16 කදී, කඩුල්ලකට ලකුණු 24.58 ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. දෙසැම්බරයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැති තරඟාවලියේ දෙවන තරඟයේදී ඔහු ලකුණු 34 කට කඩුලු 7 ක් දවා ගන්නට සමත් වුණා.

2017 දී හර්දීක් පාණ්ඩ්‍යා ද කඩුලු 31 ක් දවාගත් නමුත් ඒ කඩුල්ලකට ලකුණු 35.51 ක සාමාන්‍යයක් සහිතවයි.

  • ලියම් ප්ලන්කෙට්

ලියම් ප්ලන්කෙට් (The Independent)

2005-06 තරගවාරයේ ඉන්දීය සහ පාකිස්තානු සංචාරයෙදී එක්දින වරම් හිමිකරගත් 32 හැවිරිදි ලියම් ප්ලන්කෙට් කිහිප වතාවක්ම කණ්ඩායමට පැමිණෙමින් නැවත එලියට වීසි වූ ක්‍රීඩකයෙක්. 2017 වසර තම ජයග්‍රාහී වසර කරගන්නට සමත් වූ මෙම එංගලන්ත ක්‍රීඩකයා මෙම වසර තුල තම වේග පන්දුවෙන් තරග 18ක් තුල කඩුළු 36ක් බිඳ හෙලීමට​ සමත් වී ඇත්තේ එක් කඩුල්ලක සාමාන්‍යය 22.47ක් ලෙස පවත්වා ගනිමිනුයි. මෙම වසරේ ඔහුගෙ හොඳම​ පන්දු යැවීම වාර්තා වෙන්නේ බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 52කට කඩුළු 5ක් බිදහෙලීමයි.

  • ජස්ප්‍රීත් බුම්රා

ජස්ප්‍රීත් බුම්රා (ESPN Cricinfo)

අද වනවිට එක්දින තරගයක අවසාන පන්දු ඕවර යැවීමේ සූරයෙක් ලෙස අප හදුනාගන්නා 24 හැවිරිදි ජස්ප්‍රීත් බුම්රා පසුගිය අවුරුදු දෙකක පමණ කාලසීමාව තුල හොදින්ම තම දක්ෂතා ඔපමට්ටම් කරගත් ක්‍රීඩකයෙක්. නිවැරදිම ස්ථානයට පතිත කරන ඔහුගේ යෝකර් පන්දු සහ වෙනස් රිද්මයන්ගෙන් පන්දු යැවීමේ හැකියාව නිසා බොහෝ පිතිකරුවන්ව ගොදුරු කරගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. 2017 වසර තුල ඔහු තරග 23කදි කඩුළු 39ක් බිදහෙලා ඇත්තේ ඔහුගේ හොඳම​ පන්දු යැවීම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 27ට කඩුළු 5ක් බිදහෙලමිනුයි. ඔහුගේ කඩුල්ලක සාමාන්‍යය 26.25ක් වෙනවා.

  • රෂිඩ් ඛාන්

රෂිඩ් ඛාන් – AP

ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෙකු වීමේ පෙර ලකුණු පහල කරමින් සිටින ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක් වන රෂිඩ් ඛාන් 2015 වසරේ තව මුල්ම අන්තර්ජාතික ක්‍රිකට් තරගය සිම්බාබ්වේට එරෙහිව ක්‍රීඩා කරනවිට වයස 17ක් පමණයි. තම පිල සමග විවිධ බාධක හමුවේ ක්‍රිකට් ක්‍රීඩා කරන තවමත් 19 හැවිරිදි මේ දග පන්දු යවන්නා 2017 වසර තුලදී තරග 16කට පමණක් සහභාගි වී කඩුළු 43ක් බිදහෙලා තිබෙනවා. පසුගියදා නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී කොදෙව් පිතිකරු ලැයිස්තුව අතුගා දැමීමට සමත් වූ මොහු එම තරගයේදී ලකුණු 18කට කඩුළු 7ක් දවාගනිමින් තම ක්‍රිකට් දිවියේ හොඳම​ දක්ෂතාව සනිටුහන් කලා. මොහුගේ එක් කඩුල්ලක සාමාන්‍යය 10.44ක් පමණ අවම අගයක් ගන්නවා.

  • හසන් අලි

හසන් අලි (brecoreder.com)

වේග පන්දු යවන්නන් බිහිකිරිම සම්බන්ධව නමක් දිනා සිටින පාකිස්තානයේ නවතම සොයාගැනීම තමා හසන් අලි. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානු පිල වෙනුවෙන් මහගු මෙහෙයක් ඉටුකල 23 හැවිරිදි මොහුව එම තරගාවලියේ වීරයා ලෙස නම්කෙරුනේ ඔහු එහිදී තරග 5කට සහභාගි වී කඩුළු 13ක් බිදහෙලීම නිසාවෙන්. විවිධ රිද්මයන්ගෙන් තම වේග පන්දුව යැවීම සම්බන්ධව නමක් දිනාසිටින මොහු 2017 වසරේදී කඩුලු 45ක් දවාගෙන ඇත්තේ තරග 18කට සහභාගී වී පමණක් වීම විශේෂයි.

මේ වන විට පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් බවට පත්වී ඇති ක්‍රිකට් තරගවලදී මෙම වසර තුල වැඩිම කඩුළු ලාභීන් අතර එක් දගපන්දු යවන්නෙක් පමණක් සිටීම විශේෂ සිදුවීමක්. මේ වන විට යම් පසුබෑමක සිටින ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ද 2018  වසරේ මෙම ලැයිස්තුවේ සිටිනු දැකීම අපේ ප්‍රාර්ථනය යි.

මූලාශ්‍ර : Sports Keeda

කවරයේ ඡායාරූපය :  Getty Images

Related Articles