Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සැබෑ මිනීමැරුම් පාදක කරගත් සිනමාපට කිහිපයක්

සිනමාව කියන්නේ යථාර්ථය සහ පරිකල්පනයේ මිශ්‍රණයක් බව ප්‍රකට කරුණක්. ලෝක සිනමාවේ විවිධ සිනමා ධාරාවන් සහ ප්‍රවණතා සම්බන්ධයෙන් සලකා බලන විට සත්‍ය සිදුවීම් මත පදනම් වුණු සිනමාපට වලට ද හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක්. මේ සත්‍ය මිනීමැරුම් මත පදනම් වූ සිනමාපට අතරින් කිහිපයක්.

Zodiac

pinterest.com

2007 වසරේදී තිරගත වුණු Zodiac සිනමාපටය සඳහා පදනම් වන්නේ ඊට දශක හතරකට පමණ පෙර සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ආශ්‍රිතව සිදුවුණු මිනීමැරුම් දාමයක්. එම මිනීමැරුම් සිදු කරන්නේ තමා Zodiac ලෙස හඳුන්වා ගන්නා මිනීමරුවකු විසිනු යි.

ඩේවිඩ් ෆින්චර් අධ්‍යක්ෂණය කරන ලද, රොබර්ට් ඩවුනි (කණිෂ්ඨ), ජේක් ජිලන්හාල් ප්‍රධාන චරිත නිරූපණය කළ Zodiac සිනමාපටයට පදනම් වුණේ එනමින්ම යුතුව ජේමිස් වැන්ඩර්බිල්ට් රචනා කළ නවකතාව යි.

Monster

amazon.com

1980 හා 90 වකවානුවේ වසරේ දී ෆ්ලොරීඩාවේ සිදු වූ සුප්‍රකට මිනීමැරුම් දාමය මෙම සිනමාපටය සඳහා පදනම් වුණා. අයිලීන් වුඅර්නස් නම් ගණිකාවක් විසින් එලෙස මිනීමැරුම් සිදුකළ අතර, ඇගේ චරිතය Monster සිනමාපටයේ දී නිරූපණය කළේ ප්‍රවීණ නිළි චාර්ලිස් තෙරෝන් විසිනු යි. එම චරිත නිරූපණය වෙනුවෙන් තෙරෝන් හැට ඇකඩමි සම්මාන උලෙළේ දී සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ දී හොඳම නිළියට හිමි සම්මානය ද හිමි වුණා.

පැටී ජෙකින්ස් අධ්‍යක්ෂණය කළ Monster තිරගත වුණේ 2003 වසරේදී යි.

Ed Gein: Based On A True Story

amazon.com

In the Light of the Moon යන නමින්ද හැඳින්වෙන මෙම සිනමාපටය සඳහා පදනම් වුණේ විස්කොන්සින් මිනීමරුවා ලෙස කුප්‍රකට වූ එඩ් ගින් ගේ කතා පුවතයි. තමා මරා දැමූ කාන්තාවන්ගේ සිරුරු කොටස් එක්රැස් කර තබාගත් මානසික රෝගී මිනීමරුවකු වූ එඩ් ලෙස සිනමාපටයේ චරිත නිරූපණය කළේ ස්ටීව් රේල්ස්බැක් විසිනු යි.

මිනිත්තු 89 ධාවන කාලයකින් යුතු මෙම සිනමාපටය තිරගත කෙරුණේ 2000 වසරේදී යි.

Black Dahlia

pinterest.com

2006 වසරේදී රිදී තිරයට පැමිණි Black Dahlia සඳහා තේමා වුණේ එළිසබත් ෂෝර්ට් නම් නිළියගේ අභිරහස් මරණයේ කතා පුවත යි.1947 වසරේ දී සිදු වූ එම මිනීමැරුම රිදී තිරයට ගෙන ආවේ උල්ලි ලොමෙල් නම් අධ්‍යක්ෂකවරයා විසිනු යි. මෙයද දාම මිනීමරුවකු සම්බන්ධයෙන් ගෙතුණු සිනමාපටයක් ලෙසට ද සැලකෙනවා.

The Boston Strangler

cinemapassion.com

1968 වසරේදී තිරගත කෙරුණු The Boston Strangler සිනමාපටයේ කතා පුවත නිර්මාණය කෙරුණේ 1960 දශකයේදී බොස්ටන් ආශ්‍රිතව සිදු වූ කාන්තා මිනීමැරුම් 13ක් ඇසුරෙනු යි. එනමින්ම යුතු ජෙරල්ඩ් ෆ්‍රෑන්ක් විසින් රචනා කළ නවකතාවක් මෙම සිනමා නිර්මාණයට පාදක වූ අතර එහි ප්‍රධාන චරිතය රඟපෑ ටෝනි කර්ටිස් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නිර්දේශ වීමත් විශේෂත්වයක් වුණා.

කාන්තාවන් තනිව සිටින නිවෙස් වලට ඇතුළු වන බොස්ටන් මිනීමරුවාගේ කතාව අදායම් අතින් අති සාර්ථක වූ සිනමාපටයක් ලෙස සැලකෙනවා.

Dahmer

pinterest.com

ඩේවිඩ් ජෙකොබ්සන් අධ්‍යක්ෂණය කළ 2002 වසරේ තිරගත කෙරුණු මෙම සිනමාපටය සඳහා පදනම් වුණේ පිරිමින් 17 දෙනෙක් ඝාතනය කළ විස්කොන්සින් හි විසූ ජෙෆ්රිගේ කතා පුවතයි. අසුන්දර ළමා වියක ප්‍රතිපලයක් වූ දාම මිනීමරුවාගේ චරිතය මෙම සිනමාපටය තුළ නිරූපණය කළේ ජෙරමි රේනර් විසිනු යි. මෙම සිනමාපටයද විචාරක ඇගයීම් වලට ලක් වූ සිනමාපටයක්.

Alpha Dog

toehunter.blogspot.com

2000 වසරේ  සිදු වූ නිකොලස් සැමුවෙල් නම් 15 හැවිරිදි තරුණයාගේ පැහැර ගැනීම සහ මිනීමැරුම මෙම සිනමාපටය සදහා පාදක වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සමග බැඳුණු සත්‍ය සිදුවීම් දාමයක් ද Alpha Dog හි අන්තර්ගතව තිබූ අතර තිර රචනය කරමින් එය අධ්‍යක්ෂණය කළේ නික් කැසවෙටස් විසිනු යි. සුපිරි ගායක ජස්ටින් ටිම්බර්ලෙක් ද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමත් විශේෂත්වයක්.

Helter Skelter

horrorpedia.com

1976 වසරේදී තිරගත කෙරුණු Helter Skelter සිනමාපටයේ අඩංගු වුණේ සුප්‍රකට මැන්සන් පවුලේ මිනීමැරුම් දාමය යි. ප්‍රකට නිළි ෂරෝන් ටෙට් ඝාතනය ඇතුළු සිදුවීම් ගණනක් අඩංගු මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කළේ ටොම් ග්‍රීස් විසිනු යි. සිනමාපටයේ නමට යොදාගනු ලැබුවේ Beatles සංගීත කණ්ඩායමේ සුප්‍රකට ගීතයේ පද පෙළක් වීමත් විශේෂත්වයක්.

චාර්ල්ස් මැන්සන් ප්‍රමුඛ මැන්සන් පවුල විසින් 1969-71 අතර කාලයේ දී ස්ථාන හතරක දී මිනීමැරුම් නවයක් සිදුකළ බව ප්‍රකට කරුණක්.

Chicago Massacre: Richard Speck

trevanti.wordpress.com

1966 වසරේ ජුලි 13-14 දෙදින තුළ දකුණු චිකාගෝවේ රෝහලක් තුළ ශිෂ්‍ය හෙදියන් අට දෙනෙකු අතවර කර, වධහිංසා කර මරා දැමූ රිචර්ඩ් බෙන්ජමින් ස්පෙක් ගේ කතාව මෙම සිනමාපටය සඳහා පාදක වුණා. 2007 වසරේදී තිරගත කෙරුණු Chicago Massacre: Richard Speck සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ කොරින් නෙමෙක් විසිනු යි.

Ted Bundy

cinematerial.com

මිනීමැරුම් තිහකට වැඩි ගණනකට වරදකරු වූ රොබර්ට් බන්ඩි ගේ කතා පුවත තිරයට නැගුණේ Ted Bundy යන නමිනු යි. කාන්තාවන් රැසක් අතවර කර මරා දැමූ මෙම කඩවසම් මිනීමරුවාගේ චරිතය මෙම සිනමාපටයේ දී නිරූපණය කළේ මයිකල් බර්ක් විසිනුයි. 2002 වසරේදී තිරගත වූ මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කළේ මැතිව් බ්‍රයිට් විසිනු යි.

Wolf Creek

cover.box3.net

2005 වසරේදී තිරගත වූ Wolf Creek හි අඩංගු වුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ විසූ දාම මිනිමරුවකු වූ ඉවාන් රොබර්ට් සිදුකළ මිනීමැරුම් දාමය යි. ළාබාල සංචාරක තරුණ තරුණියන් හත් දෙනෙකු  මරා දැමූ ඉවාන් මෙම සිනමාපටයේ නිරූපණය කෙරුණේ මයික් ටේලර් යන නමිනු යි. 2005 වසරේ ප්‍රදර්ශනය ඇරඹු එය සුප්‍රකට කෑන්ස් සිනමා උලෙළේදී ද ප්‍රදර්ශනය කෙරුණා.

මූලාශ්‍ර

https://www.ranker.comhttps://serialkillershop.comcover-https://www.popsugar.com

Related Articles