Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 නැරඹිය යුතුම හොලිවුඩ් සිනමාපට කිහිපයක්

2018 වසර ආරම්භ වීමත් සමඟම ලොව පුරා සිනමාලෝලීන්ට තවත් රසවත් හොලිවුඩ් සිනමා නිර්මාණයන් රාශියක් නැරඹීමට හැකියාවක් ලැබෙනවා. එවැනි සිනමා නිර්මාණයන් සමහරක් ගැන movie insider වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

01. Fifty Shades Freed

ලොව පුරා මහත් කතා බහට ලක්වුණු Fifty Shades සිනමාපට මාලාවේ තුන්වන කොටස මෙයයි. මෙය නිර්මාණය වී ඇත්තේ ඊ.එල්. ජේම්ස් විසින් රචනා කරන ලද Fifty Shades Freed නම් නවකතාව පාදක කර ගනිමිනුයි. මෙය ජේම්ස් ෆෝලේ විසින් අධ්‍යක්ෂණය කළ අතර මෙහි රූගත කිරීම් පැරීසියේ හා කැනඩාවේ සිදුකර තිබෙනවා. මෙම සිනමාපටය මිනිත්තු 120ක කාලයක් පුරා දිව යන අතර එය බෙදාහැරීම සිදු කරනු ලබන්නේ යුනිවර්සල් පික්චර්ස් සමාගමයි. මෙම සිනමාපටය 2018 පෙබරවාරි 9 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වෙනවා.

02. Dolphins

Disneynature ලේබලය යටතේ නිර්මාණය වන 12වන නිර්මාණය මෙයයි. ඩොල්පින් මත්ස්‍යයන් හා බැඳුනු වාර්තා සිනමාපටයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඇලස්ටෙයාර් ෆොදර්ගිල් හා කීත් ශෝලේ විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබෙනවා. 2018 අප්‍රේල් 20 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ වන මෙම සිනමා නිර්මාණය බෙදාහරිනු ලබන්නේ වෝල්ට් ඩිස්නි සමාගම විසිනුයි.

03. Solo: A Star Wars Story

මෙම සිනමාපටය Star Wars චරිතයක් වන Han Solo වටා ගොඩනගා තිබෙනවා. මෙම සිනමාපටය ලෝරන්ස් හා  ජොන් කැස්ඩන් නම් දෙදෙනාගේ තිර පිටපතක්. මෙය 2016 වසරේ ප්‍රදර්ශනය වූ Rogue One නම් සිනමා නිර්මාණයේ දෙවන කොටස ලෙස නිර්මාණය වෙනවා. මෙම සිනමා නිර්මාණය 2017 ජනවාරි මාසයේ නිර්මාණය කිරීම ආරම්භ වුණා. මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ පිල් ලෝඩ්, ක්‍රිස්ටෝපර් මිලර්, හා රොන් හොවාර්ඩ් යන අය විසිනුයි. ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වී ඇති මෙම සිනමා පටය වෝල්ට් ඩිස්නි සමාගම විසින් බෙදාහැරීම සිදු කරනු ලබනවා. මෙය දැනට 2018 මැයි 25 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

04. Jurassic World: Fallen Kingdom

මෙම සිනමා පටය එක්සත් රාජධානිය තුළ 2018 ජුනි 7 වෙනිදාත්, එක්සත් ජනපදය තුල 2018 ජූනි 22 වෙනිදාත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 2015 වසරේ නිර්මාණය වූ ඩොලර් බිලියන 1.6ක ආදායමක් ලැබූ Jurassic World සිනමා පටයට අනුබද්ධව හා Jurassic Park සිනමාපට මාලාවේ පස්වන සිනමාපටය ලෙස ද මෙය නිර්මාණය වෙනවා. ගිනිකන්දක් පිපිරීම හා ඩයිනෝසරයන් විනාශ වෙන සිදුවීමක් මෙය පාදක වී තිබෙනවා. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජේ.ඒ. බෙයෝනා විසින් වන අතර කොලින් ට්‍රේවරෝව් හා ඩෙරෙක් කොනොලි විසින් මෙය රචනා කර තිබෙනවා. මෙහි ප්‍රධාන නිෂ්පාදනය ස්ටීවන් ස්පිල්බර්ග් විසින් සිදු කරනු ලබනවා.

05. The Expendables 4

The Expendables කතා මාලාව ලොව පුරා ඉතා ජනප්‍රිය සිනමාපට මාලාවක් වුනා. මේ එම සිනමාපට මාලාවේ අවසාන සිනමා පටයයි. සිල්වෙස්ටර් ස්ටලෝන්, ජේසන් ස්ටැතම්, සහ ආනෝල්ඩ් ශ්වාසනේගර් මෙම සිනමා පටයට දායක වෙනවා. මෙම සිනමාපට මාලාවේ පසුගිය සිනමා පටයන් තුන ඇමරිකානු ඩොලර් මිලියන 30ක පමණ ආදායමක් වාර්තා කර තිබුණා. 2018 වසරේ මෙම සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ වන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නෑ.

කවරය – cdn.movieweb.com

Related Articles