Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් තිදෙනෙක්

චිත්‍රපට ක්ෂේත්‍රයේ අතිදක්ෂයන්ට පමණක් පිරිනැමෙන ඇමෙරිකානු ඔස්කාර් සම්මානය ලැබීම ඉතාමත් ගෞරවයක් ලෙස යි ලෝකය පුරා පිළිගෙන තිබෙන්නේ. නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, රචකයින්, හා සංස්කාරකවරුන් ඇතුළු බොහෝ පිරිසක් එය ලබා ගැනීම තමන්ගේ එක ම සිහිනය ලෙස හඳුන්වා දෙනවා.

නමුත් මෙතරම් වටිනාකමක් ඇති ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් කිහිප දෙනෙක් ම ඉතිහාසය තුළ හමුවෙනවා. ඉන් තිදෙනෙක් පිළිබඳ ව යි අද “ලිස්ට්” තුළින් ඔබ වෙත ගෙන එන්නේ.

ඔස්කාර් ප්‍රතික්ෂේප කළ පළමු නළුවා – ජෝර්ජ් සී ස්කොට්

YouTube

ඔස්කාර් සම්මානයක් ප්‍රතික්ෂේප කළ පළමු නළුවා ලෙස ඉතිහාසගත වන්නේ ජෝර්ජ් සී. ස්කොට් නම් හොලිවුඩ් රංගන ශිල්පියා යි. ඔහුට ඔස්කාර් සම්මානය ප්‍රදානය කිරීමේ පිළිවෙත පිළිබඳ ව පැහැදීමක් නොතිබීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස ඔහු සඳහන් කරනවා.

1959 දී රඟ පෑ Anatomy of a Murder චිත්‍රපටය සඳහා ඔහු ව ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට නිර්දේශ වෙනවා. නමුත් එම සම්මානය ඔහුට හිමි වෙන්නේ නෑ.

ඉන්පසුව 1961 දී රංගනයෙන් දායක වූ The Hustler චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් නැවතත් ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වෙනවා. නමුත් මේ අවස්ථාවේදීත් ඔහුට සම්මානය හිමි වන්නේ නෑ.

මෙම සිදුවීම් සමග ඔස්කාර් ප්‍රදානය කිරීමේ ක්‍රියා පිළිවෙල හෝ ඒ සඳහා සලකා බලන ලක්ෂණ පිළිබඳ ව තමන්ට කිසිදු පැහැදීමක් නොමැති බව ප්‍රකාශ කරන ඔහු තමන්ට ඉදිරියේ දී කිසිම දිනෙක ඔස්කාර් සම්මානයක් ලබා ගැනීමට අවශ්‍ය නැති බවත්, ලැබුනත් එය ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කරනවා.

දෛවයේ සරදමකට මෙන් 1970 දී රංගනයෙන් දායකත්වය දැක්වූ Patton චිත්‍රපටයේ ඔහු විසින් නිරුපණය කළ ජෙනරාල් පැටන්ගේ චරිතයට හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමිවෙනවා.

මෙම උත්සවයට සහභාගී වෙන ජෝර්ජ් සම්මානය ගැනීමට වේදිකාවට නගින නමුත් එහි දී කතාවක් පවත්වමින් එම සම්මානය ප්‍රතික්ෂේප කරනවා.

ඔස්කාර් ප්‍රතික්ෂේප කළ පළමු පුද්ගලයා – ඩඩ්ලි නිකල්ස්

Pinterest

ඔස්කාර් සම්මානයක් ප්‍රතික්ෂේප කළ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වී තිබෙන්නේ ඩඩ්ලි නිකල්ස් නම් තිර පිටපත් රචකයා යි.

ඔහු විසින් 1930 වසරේ සිට පුරා වසර 35කට අසන්න කාලයක් තිර රචනයේ යෙදුණු අතර ඔහුගේ විශිෂ්ට නිර්මාණයන් ලෙස Bringing Up Baby, For Whom the Bell Tolls, හා Stagecoach වැනි චිත්‍රපට හඳුන්වා දිය හැකියි. 1935 දී තිරගත කෙරුණු The Informer නම් චිත්‍රපටයේ හොඳම තිර පිටපත් රචකයාට හිමි සම්මානය නිකල්ස්ට හිමිවෙන අතර ඔහු එම සම්මානය ප්‍රතික්ෂේප කරනවා.

ඊට හේතුව වන්නේ එම කාලය තුළ රචකයන්ගේ සංගමය, ඔස්කාර් සම්මාන මණ්ඩලය සමග පැවති විරසකය යි. මේ විරසකය හේතුවෙන් ඔහු සම්මානය ප්‍රතික්ෂේප කළ බැවින් ඉන් ටික කාලයකට පසු ව නිකලස් රචකයන්ගේ සංගමයේ සභාපතිවරයා බවට පත් වෙනවා.

ඔස්කාර් සම්මාන ගැනීමට නොපැමිණි – කැත්රින් හෙප්බර්න්

Variety

ලෝක පූජිත චිත්‍රපට නිළියක් වන කැත්රින් හෙප්බර්න්ට ඔස්කාර් සම්මාන හතරක් හිමිවෙනවා. නමුත් ඒ එක් අවස්ථාවක දී වත් එය ලබා ගැනීම සඳහා ඇය උත්සව ශාලාවට පැමිණෙන්නේ නෑ.

තමාට ලැබෙන සම්මාන තමන් කරන වැඩ බව පවසන ඇය 12 වතාවක් ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස නිර්දේශ වී ඉන් හතරවරක් සම්මානය ලබා ගැනීමට සුදුසුකම් ලබනවා. නමුත් මේ එක් අවස්ථාවක දී හෝ ඇය සම්මාන උළෙල නියෝජනය කරන්නේ නෑ.

1934 දී Morning Glory චිත්‍රපටය සඳහාත්, 1964 දී Guess Who’s Coming to Dinner චිත්‍රපටය සඳහාත්, 1969 දී The Lion in Winter, හා 1982 දී On Golden Pond චිත්‍රපටයටත් ඇය හොඳම නිළිය ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබනවා.

Related Articles