Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව රටවල් කීපයක ජනපති නිල නිවෙස්

01. මහා ක්‍රෙම්ලින් මාළිගය  – රුසියාව

wikimedia.org

රුසියානු ජනපතිගේ නිල නිවෙස වන මෙය ගොඩ නංවා ඇත්තේ 1837 සිට 1849 දක්වා කාලය තුළයි. මොස්කව් නගරයේ ක්‍රෙම්ලීනය තුළ​ පිහිටා ඇති මෙය කොන්ස්ටන්ටීන් තොන් නමැති පුද්ගලයාගේ නායකත්වය යටතේ ගෘහනිර්මාණ ශිල්පින් කණ්ඩායමක් විසින් සැලසුම් කර ඇත. මෙය ඉදිකිරීමේ දී පසෙකින් වූ “බැරෝක් මාළිගය” නම් වූ පැරණි ගොඩනැගිල්ල කඩා දමන ලදී.

02. ලොස් පීනොස් – මෙක්සිකෝව

jfklibrary.org

මෙක්සිකෝවේ ජනපතිවරයාගේ නිල නිවෙස ලෙස මෙය දැක්විය හැක. මෙහි ප්‍රමාණය වර්ග මීටර් 10000ක් පමණ වේ. මෙය 1934 වසරේ සිට ජනපති නිල නිවෙස ලෙස භාවිතා කර ඇත. මෙහි වටිනාකම එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 0.0014කි.

03. ක්වින්ටා ඩි ඔලිවොස් – ආර්ජන්ටිනාව​

wikimedia.org

මෙය ආර්ජන්ටිනාවේ​ ජනපති නිල නිවෙසයි. මෙය සුඛෝපභෝගී හෝටලයක ඇති වටපිටාවක් සහිත නිල නිවෙසක් ලෙස දැක්විය හැක. ඊට හේතුව වන්නේ මෙහි වටපිටාවේ සම්පුර්ණයෙන්ම දැකිය හැකි වන්නේ ඔලිව් ශාක වීමයි. එරට ගෘහනිර්මාණ ශිල්පයේ හැකියාවන් විදහා දක්වන ගොඩනැගිල්ලක් ලෙසින් ද මෙය හැඳින්විය හැක. මෙහි හෙලිකොප්ටර් බෑම සඳහා කුඩා තොටුපලක් හා ගොල්ෆ් පිට්ටනියක් දක්නට ලැබේ.

04. රාෂ්ඨ්‍රපති භවන් – ඉන්දියාව

holidify.com

නව දිල්ලි වල පිහිටා ඇති මෙය ඉන්දියානු ජනපති නිල නිවෙසයි. 1947 වන තෙක් මෙය හඳුන්වන ලද්දේ “ප්‍රතිරාජ නිවස” යන නමින් වන අතර, ‘47 සිට ‘50 දක්වා මෙය අග්‍ර ආණ්ඩුකාරවරයාගේ නිල නිවෙස ලෙස භාවිත කරන ලදී. 1911 වසරේ දී අගනගරය කල්කටාවේ සිට දිල්ලිය වෙත මාරු කරන අවස්ථාවේ අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවෙස ගොඩනැංවීමට වැඩි අවධානයක් යොමු විය. එලෙස ගොඩනැංවූ අග්‍ර ආණ්ඩුකාර නිල නිවෙස වර්තමානයේ ජනපති නිල නිවෙස ලෙස භාවිතා වේ.

05. පැලශියෝ ඩ අල්වොරාඩා – බ්‍රසීලය

flickr.com

බ්‍රසීල ජනපතිගේ නිල නිවස වන මෙය සැලසුම් කරන ලද්දේ Oscar Niemeyer විසිනි. මෙය සාදවා නිම කර ඇත්තේ 1958 වසරේදීය. 2004 හා 2006 කාලසීමාව ඇතුළත මෙහි පූර්ණ අලුත්වැඩියාවක් සිදු කරන ලදී. ඒ සඳහා වැය වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 18ක් පමණ වේ.

06. ශොන්ග්නන්හායි – චීනය

chinatouradvisor.wordpress.com

මෙය චීන ජනපති නිල නිවෙසයි. අනෙකුත් ජනපති නිල නිවෙස් වලට වඩා මෙහි අගය බොහෝ ඉහළ වේ. මිට හේතුව වන්නේ මෙහි ඇති සංකීර්ණත්වය හා බලයේ සිටින කොමියුනිස්ට් පක්ෂය සඳහා ප්‍රධාන කාර්යාලය ලෙස මෙය භාවිත කිරීමයි. මෙහි වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 0.3425 ක් ලෙස දැක්විය හැක.

07. එලිසී මාළිගය – ප්‍රංශය

france24.com

මෙය ප්‍රංශ ජනපතිගේ නිල නිවෙසයි. මෙය විවෘත කරන ලද්දේ 1772 වසරේ දිය.  නමුත් මෙය ජනපති නිල නිවෙසක් ලෙස භාවිත කිරීම ආරම්භ වී ඇත්තේ 1848 වසරේ සිටයි. Armand-Claude නමැති පුද්ගලයෙක් විසින් ගොඩ නංවා ඇති මෙම නිල නිවෙස පැරණි උසස් ගෘහනිර්මාණ ශිල්පය මැනවින් පෙන්නන්නක් ලෙස දැක්විය හැක.

08. ධවල මන්දිරය – ඇමරිකා එක්සත් ජනපදය

whitehouse.gov

වොෂින්ටනයේ පිහිටා ඇති මෙය ඇමරිකානු ජනපති නිල නිවෙස යි. මෙය 1792 හා 1800 කාලය තුල ගොඩ නංවා ඇත. මෙය පළමුව භාවිතා කර ඇත්තේ ජෝන් ඇඩම්ස් නමැති ජනාධිපති වරයා විසිනි. ධවල මන්දිරය නම් වූ මෙම නිල නිවෙසට විටින් විට සිදුවූ පහරදීම් නිසා වර්තමානයේ මෙය නැරඹීමට යාම එතරම් පහසු කාර්යයක් නොවේ. මේ සඳහා මාස 6කට පමණ පෙර අවසර ගැනීම කළ යුතු වේ.

කවරයේ පින්තුරය – wikimedia.org

Related Articles