Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රශ්මෝර් කන්දේ ජනාධිපතිවරුන් සිව්දෙනා

රශ්මෝර් කන්ද

රශ්මෝර් කන්ද පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටා ජනපදයෙයි. මෙහි කළුගල් වැටියක නිර්මිත ඇමරිකා ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරුන් හතර දෙනෙකුගේ මුහුණු දකින්නට පුළුවන්. මෙම කැටයම් ඇමරිකාවේ ජාතික සිහිවටනයක් ද වෙනවා. 1927 ආරම්භ කරන ලද මෙම නිර්මාණය නිමාකර තිබෙන්නේ 1941 වර්ෂයේ දීයි. එහි නිර්මාණකරුවන් වන්නේ ගට්සන් බෝග්ලම් හා ඔහුගේ පුතු වූ ලින්කන් බෝග්ලම් වෙනවා. මෙහි එක් මූර්තියක් සාමාන්‍යයෙන් අඩි 60ක පමණ උසකින් යුතු වෙනවා. රශ්මෝර් කන්ද මුහුදු මටටමේ සිට අඩි 5,725ක ඉහළින් හා අක්කර 1,278ක් පුරා පැතිර පවතිනවා.

01. ජෝර්ජ් වොෂින්ටන් – George Washington

nps.gov

ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරයා ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයායි. ඔහු උපත ලබන්නේ 1732 පෙබරවාරි 22 වෙනිදායි. ඒ වර්ජිනියාවේ වෙස්ට්මෝලෑන්ඩ්හි දීයි. ඔහු ඇමරිකානු නිදහස් සටනේ දී ජෙනරාල් වරයෙකු හා ප්‍රධාන අණදෙන නිළධාරියා ලෙස ඇමරිකානු යටත් විජිත හමුදාවේ සේවය කර තිබෙනවා. 1789 දී ඔහු ප්‍රථම වරට ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ ඡන්ද විද්‍යාලයේ(Electoral College) සියලුම වරකයන්ගේ (elector) ගේ ඡන්දයන් ලබා ගනිමිනුයි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ ඒකමතිකව ඡන්දයෙන් පත් වූ එකම ජනාධිපතිවරයා ලෙස සැලකෙනවා. 1789 සිට 1797 දක්වා ඇමරිකාවේ ජනධිපතිවරයා ලෙස කටයුතු කළ මොහු,1797 මාර්තු මාසයේ දී ජනාධිපති ධූරයට සමුදෙනු ලැබුවා. ඉන්පසු ඔහු මවුන්ට් වර්නන් වෙත යන්නේ ජීවිතයේ අවසාන වසර කිහිපය ගොවියෙකු ලෙස ගත කිරීමේ අදහසිනුයි. 1799 දෙසැම්බර් 14 වෙනිදා ඔහු වර්ජිනියාවේ මවුන්ට් වර්නන් හිදී තම ජිවන ගමන අවසන් කළා.

02. තෝමස් ජෙෆර්සන් -Thomas Jefferson

nps.gov

ජෙෆර්සන් ජනාධිපතිරයා 1776 දී පත් කළ  පස් දෙනෙකුගෙන් යුතු ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය  සැලසුම් කිරීමේ කමිටුවේ ප්‍රධානියායි. එමෙන්ම එවකට ප්‍රංශයේ යටත් විජිතයක් වූ ලුසියානාව මිළදී ගැනීමේ කටයුත්ත ද මොහුගේ ධූර කාලයේ සිදුවී තිබෙනවා. ඇමරිකාවේ ප්‍රථම රාජ්‍ය ලේකම්වරයා ලෙස 1789-1794 කාලයේත්, දෙවැනි උප ජනාධිපතිවරයා ලෙස 1801 – 1809 දක්වාත් මොහු සේවය කර තිබෙනවා. 1800 පැවති ජනාධිපතිවරනයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් දෙදෙනා වූ තෝමස් ජෙෆර්සන් හා ආරොන් බුර් ප්‍රථම ස්ථානයට පත්වන්නේ වරකයන්ගේ ඡන්ද 73 බැගින් ලබා ගනිමිනුයි. නමුත් දිගු හා අඛණ්ඩ විවාදයකට පසු මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් තෝමස් ජෙෆර්සන්ව ජනාධිපතිවරයා ඇමරිකාවේ තුන්වන ජනාධිපතිවරයා ලෙසත් ආරොන් බුර්ව උප ජනාධිපතිරයා ලෙසත් තෝරාගනු ලැබුවා. ඇමරිකාවේ කීර්තිමත් රාජ්‍ය නායකයෙක් ලෙස සැළකෙන තෝමස් ජෙෆර්සන් 1826 ජූලි 4 වෙනිදා අවසන් හුස්ම හෙලනු ලැබුවා.

03. ඒබ්‍රහම් ලින්කන් –  Abraham Lincoln

nps.gov

ඇමරිකා ඉතිහාසයේ ජනප්‍රියම ජනාධිපතිවරයෙක් ලෙස ලින්කන් ජනාධිපතිවරයාව සැළකෙනවා. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා උපත ලබා ඇත්තේ 1809 පෙබරවාරි 12 වෙනිදායි. නීතියට තිබූ ආසාව නිසාම ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු සිදුකර නිතිඥවරයෙකු බවට පත්වුණු හෙතෙම, වහල් වෙළඳාමට දැඩි ලෙස විරුද්ධ කටයුතු කරනු ලැබුවා. 1834, 1836, 1838 සහ 1840 යන වර්ෂවලදී ඔහු මන්ත්‍රණ සභාවට තරග කොට ජයගෙන තිබෙනවා. 1841 වසරේදී එක්‌සත් ජනපදයේ ව්‍යවස්‌ථාදායක සභාවට තරඟ කොට ජය ගත් ඔහු වරෙක සෙනෙට්‌ සභාවටද සභිකයෙකු ලෙස පත්වූනා. ලින්කන් ජනාධිපතිවරයා සිව්දරු පියෙක්  වෙනවා. 1861 මාර්තු හතර වෙනිදා ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ 16 වන ජනාධිපතිරයා වශයෙන් තේරී පත්වුනා. 1863 වසරේ ලින්කන් ජනාධිපතිවරයා විමුක්‌ති ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. 1865 වසරේදී ඔහු විසින් වහල් බව නිති විරෝධි බව ප්‍රකාශ කරමින් 13 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිකුත් කලා. 1865 අප්‍රේල් 15 වෙනිදා සාහසික වෙඩි පහරකට ලක්ව ඝාතනය වන තෙක්ම ඔහු විසින් ජනධිපති ධූරය හොබවනු ලැබුවා. 

04. තියොඩෝර් රුසවෙල්ට් – Theodore Roosevelt

nps.gov

තියොඩෝර් රුසවෙල්ට් ජනපතිවරයා උපත ලබන්නේ 1858 ඔක්තෝම්බර් 27 වෙනිදායි. ඒ නිව්යෝක් නුවරදීයි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වීමට පෙර ඔහු නිව්යෝක් නුවර ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබුනා. 1901 විලියම් මැකින්ලි ජනාධිපතිරයාගේ ඝාතනයෙන් පසු ඔහු ඇමරිකාවේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 42යි. ඔහු තේරී පත්වුනේ ඇමරිකාවේ 26 වන ජනාධිපතිරයා ලෙසයි. ඔහු දෙවන වරට 1904දී ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුනා. ඔහුගේ ඒකාධිකාරයට විරුද්ධ ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති, හා පරිසර සංරක්ෂණවාදී ප්‍රතිපත්ති නිසා ඔහු ඉතා ජනප්‍රිය වුනා. රුසියානු හා ජපාන යුද්ධය නිමා කිරීම වෙනුවෙන් කරන ලද සේවාව නිසා රුසවෙල්ට් ජනාධිපතිවරයා නොබෙල් සාම ත්‍යාගය ද  ජයග්‍රහණය කරනු ලැබුවා. 1919 ජනවාරි 06වෙනිදා ඔහු නිව්යෝර්ක් නුවරදී තම ජීවන ගමන නිම කළා.

කවරය – advantage-intl.com

Related Articles