Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආබාධිත වුවත් ලොව ජයගත් මිනිසුන්

ලෝකය පුරා විවිධ ආබාධතා සහිත පුද්ගලයින් දක්නට ලැබේ. නමුත් තමාට ඇති ආබාධතා නොසලකා වෙහෙස මහන්සියෙන් ලෝකය දිනු මිනිසුන් බොහොමයක් ඇත. මෙම ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ ඔවුන් ගැනයි.

01. ස්ටීවන් හෝකින්

youtube.com

චාලක ස්නායු රෝගයකින් පිඩා විඳින මොහු ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙකි. භෞතික විද්‍යාව හා සම්බන්ද බොහෝ පොත්පත් රචනයන් ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු වී ඇත. මොහු Royal Society of Arts නමැති සංසදයේ ගෞරවාන්විත සාමාජිකයෙක් වන අතර Pontifical Academy of sciences හි නිත්‍ය සාමාජිකයෙක් ද වේ.

මොහුට මේ වන විට පරිගණකයක් ආධාරයෙන් සන්නිවේදනය කිරීමට හැකියාව ලැබී ඇති අතර වැඩ පහසු කිරීමේ විවිධ ක්‍රියාකාරකම් සහිත රෝද පුටුවක් 1980 සිට භාවිතා කිරීමට පටන් ගෙන ඇත. ඔහුට විශ්වය ගැන අධ්‍යයනය කිරීමට ඇති ආශාවට ඔහුගේ ආබාධිත තත්ත්වය කිසි විටකත් බාධාවක් වී නැති බව මෙයින් පැහැදිළි වේ.

02. මාර්ලා රන්යාන්

ස්ටාර්ගාට් නම් පෙනීම අහිමි වීමේ ජානගත රෝගයෙන් පිඩා විඳි මාර්ලා රන්යාන් 2000 ඔලිම්පික් තරඟාවලියේ දී ඇමරිකා එකසත් ජනපදය නියෝජනය කළ කාන්තාවකි. ඇය මීටර් 1500 දිවීම තරඟය සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉදිරිපත් වී තිබුණි. ඔලිම්පික් සඳහා ඉදිරිපත් වීමේ දී ඇයගේ වයස අවුරුදු 31 විය. රෝගය නිසා ඇයට ඉදිරියෙන් ඇති දේවල් පෙනුනේ ඉතා සීමිත ප්‍රමාණයකට පමණි.

1996 දී ආබාධිත වූවන් සඳහා ජෝර්ජියාවේ පැවති පැරාලිම්පික් තරඟාවලියේ දී වාර්තා කීපයක් තැබූ ඇයට 2000 ඔලිම්පික් තරඟාවලියට ඉදිරිපත්වීමට අවශ්‍ය විය. 2000 ඔලිම්පික් වලදී මීටර් 1500 දිවීම නියෝජනය කළ ඇය අට වන ස්ථානයට පත්විය. මේ සමඟ ඔලිම්පික් නියෝජනය කළ පළමු නිත්‍යානුකුල අන්ධ මළල ක්‍රීඩකයා බවට ඇය පත්වේ.

03. හෙලන් කෙලර්

biography.com

මැය අන්ධ හා බිහිරි කාන්තාවකි. වෘත්තියෙන් කථිකාචාර්යවරියක වන මැය දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස දැක්විය හැක. මිට අමතරව ඇමරිකානුවන් අතර ප්‍රසිද්ධ ලේඛිකාවක වන මැය American Civil Liberties Union පිහිටුවීමේ ප්‍රමුඛ කාන්තාවක් වේ.

04. ජෝන් හොකන්බෙරි

ted.com

මොහු ඇමරිකාවේ ජනමාධ්‍යවේදීයෙකු හා රචකයෙකු ලෙස කටයුතු කරයි.  හතර වතාවක් Emmy සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු තුන් වතාවක් Peabody සම්මානය දිනාගෙන ඇත. සුශුම්නාවේ ආබාධයක් සහිතව වුවත් බොහෝ සාර්ථකත්වයට පත්වුණු ජනමාධ්‍යවේදීයෙකු ලෙස මොහු හැඳින්විය හැක. ඇමරිකානු මාධ්‍ය තුළ පළමුවෙන්ම රෝද පුටුවක් භාවිත කළ පුද්ගලයා වන්නේද මොහුයි.

05. සුධා චන්ද්‍රන්

blog.billionables.com

දකුණු ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ පවුලක උපත ලද මැය මුම්බායි වල ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියක් හදාරා ඇත. වරක් මුම්බායි සිට චෙන්නායි වෙත පැමිණෙමින් සිටියදී අනතුරට පත් වූ ඇයගේ වම් පාදය ඉවත් කිරීමට සිදු විය. මෙය බාධාවක් කර නොගත් ඇය ඉන්දියාවේ ප්‍රවීණ නර්තන ශිල්පිනියක් බවට පත් විය. වර්තමානයේ බොහෝ දීර්ඝ ටෙලිනාට්‍ය වලට ඇය රංගන දායකත්වය සපයයි.

කවරයේ පින්තුරය – time.com

Related Articles