Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරම්පරා ගණනාවකට බූදලය ගොඩ ගැසූ ලොව ධනවත්ම “පවුලේ ව්‍යාපාර” තුන

ලෝකයේ ධනයෙන් ඩොලර් ට්‍රිලියන 1.1 පමණ අයිතිය පවතින්නේ පවුල් 25ක් සතුව බව ඔබ දන්නවා ද? ඒ අතරින් ඉදිරි පරම්පරා ගණනාවකටම වත්කම් රැස් කර තබා ඇති ලෝකයේ ධනවත්ම මෙන්ම ප්‍රසිද්ධම පවුලේ ව්‍යාපාර තුන පිළිබඳව “ලිස්ට්” තුළින් ඔබ වෙත ගෙන එන්න අපි තීරණය කළා.

වෝල්ටන් පවුලේ වෝල්මාර්ට්

ODE Magazine

වෝල්මාර්ට් ගැන අපි හැමෝම අහලා තියෙනවා. ඔවුන් තමයි ලෝකයේ විශාලතම සිල්ලර බඩු වෙළදාමේ යෙදෙන සමාගම. ඒ වගේම මේ වන විට ඔවුන් තමයි ලෝකයේ ධනවත්ම සහ විශාලතම පවුලේ ව්‍යාපාරය. ඇමෙරිකාවේ බෙන්ටන්විල් නගරයේ ආර්කන්සෝවල වෝල්මාර්ට්හි ප්‍රධාන ආයතනය පිහිටා තිබෙනවා. ලොව පුරා ඔවුන්ට අයත් වෙළඳ ආයතන 12,000කට අධික ප්‍රමාණයක් පැතිරී තිබෙනවා.

ව්‍යාපාරයේ වාර්ෂික අදායම ඩොලර් බිලියන 500ක් පමණ වන අතර වෝල්මාර්ට් සතුව ඇති වත්කම මේ වන විට ඩොලර් බිලියන 152කට ආසන්න යි. 1945 දී සෑම් වෝල්ටන් විසින් සමාගම ආරම්භ කරන අතර, 1992 දී සිදු වූ ඔහුගේ මරණයත් සමගම සමාගමේ හිමිකාරිත්වය ලැබෙන්නේ සෑම්ගේ පුතා වූ රොබ්ට යි. මේ වන විට ව්‍යාපාරය සඳහා තුන්වන පරම්පරාව ද සම්බන්ධ වී ඇති අතර 2016 දී රොබ්ගේ පුත්‍රයා වන ජිම්, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත්වෙනවා.

KOCH ඛනිජ තෙල් සමාගම

KWCH

ෆෙඩ්රික්, චාර්ල්ස්, ඩේවිඩ් හා විලියම් යන සහෝදරයන් විසින් පාලනය කළ KOCH පෙට්‍රෝලියම් සමාගම වර්තමානය වන විට ධනවත්ම පවුල් ව්‍යාපාර අතරින් දෙවන ස්ථානයේ සිටිනවා. ඔවුන්ට මෙම ව්‍යාපාරය හිමි වන්නේ ඔහුගේ පියාගේ මාර්ගයෙන්.

ෆෙඩ්රික් හා විලියම් පවුලේ ව්‍යාපාරයෙන් ඉවත්වෙන අතර අනෙක් සහෝදරයන් විසින් මේ වන විට එය මෙහෙයවනු ලබනවා. වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100ක් පමණ වන අතර ඔවුන් සතුව ඇති වත්කම ඩොලර් බිලියන 99ට ආසන්න යි.

2018 දී ඩේවිඩ් විසින් පවුලේ ව්‍යාපාරයට ඔවුන්ගේ ඊළඟ පරම්පරාව ද එකතු කරගැනීම සිදු කරනවා.

චොක්ලට් ලොවේ ප්‍රමුඛයා – MARS

The Indian Express

ලෝකයේ තෙවන ධනවත්ම පවුලේ ව්‍යාපාරය වන්නේ රස කැවිලි වෙළෙඳාමේ හා සුරතල් සතුන් සඳහා නිෂ්පාදන ඉදිරිපත් කරන සමාගමක් වන MARS සමාගම යි. එය පාලනය කරනු ලබන්නේ ද මාර්ස් පවුල විසින්.

ෆ්‍රෑන්ක් මාර්ස් නම් පෝලියෝ රෝගයට ගොදුරු වූ තරුණයා විසින් පාසල් ළමුන් වෙනුවෙන් අතින් සාදන ලද චොකලට් විකිණීම ආරම්භ කර තිබූ අතර 1932 දී ඔහුගේ පුතා වන ෆොරෙස්ට් මාර්ස් තමයි එය ව්‍යාපාරයක් ලෙස ගොඩනගන්නේ.

ෆොරෙස්ට්, පුද්ගලයන් 12 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමග ඇමෙරිකාවේ දී ව්‍යාපාරයක් ලෙස රසකැවිලි සෑදීම ආරම්භ කරනවා. සමාගම විසින් හඳුන්වා දුන් M&M’s හා Milky Way වැනි චොක්ලට් ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිරී යනවා.

මේ වන විට ව්‍යාපාරයේ වාර්ෂික අදායම ඩොලර් බිලියන 35ක් පමණ වන අතර සමාගම සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 90කට ආසන්න යි.

1999 දී ෆොරෙස්ට් ඔහුගේ පුත්‍රයාට ව්‍යාපාරික කටයුතු භාර දී සමාගමෙන් සමුගන්නවා. මේ වන විට මෙම ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ මාර්ස් පවුලේ හතරවන පරම්පරාව යි.

මුල් පරම්පරා විසින් ඉතා අමාරුවෙන් ගොඩනගා දෙවන පරම්පරාව විසින් වර්ධනය කළ මෙවැනි පවුලේ ව්‍යාපාර, තුන්වන පරම්පරාව හා හතරවන පරම්පරාව විසින් නැවතත් මුල් තත්ත්වයටම ගෙන එන අවස්ථා ලෝක ව්‍යාපාරික ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල අපිට දැකගන්න ලැබෙනවා.

මෙවැනි ව්‍යාපාරවලටත් එවැනි ඉරණමක් අත්වේවි ද, නැතිනම් ශීඝ්‍රයෙන් වර්ධනය වේවි ද යන්න නිවැරදිව ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ.

මූලාශ්‍රයයන්:

bloomberg.com/features/2018-richest-families

bloomberg.com/news/videos/2018-06-27/the-world-s-biggest-family-fortunes-video

Related Articles