Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වූ ඒකාධිපතියෝ 3දෙනෙක්

ලෝක සාමය සඳහා වන නොබෙල් ත්‍යාගයට යෝජනා විය යුත්තේ ඒ සඳහා ඇපකැප වූ පුද්ගලයන් ය. නමුත් එම සම්මානය සඳහා ලෝකයේ මෙතෙක් බිහි වූ ඒකාධිපති පාලකයන් තිදෙනෙක් යෝජනා වී තිබෙනවා. ඒ පිළිබඳව යි මේ ලිපිය.

01. 1939 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වූ හිට්ලර්

Medium

යුදෙව් ජාතිකයන් ද ඇතුලත්ව මිනිසුන් ලක්ෂ ගණනින් මරා දැමීමට නායකත්වය දුන් නාට්සි ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර් නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වූ බව පැවසීම එක් අතකින් විහිළුවක් සේ ඔබට හැගෙනු ඇත.

නමුත් සත්‍ය වශයෙන්ම ඔහු 1939 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වෙනවා. ඒ නාට්සින් විසින් පෝලන්තය ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධය පටන් ගැනීමට මාස තුනකට පෙර යි.

ඔහුව සාම ත්‍යාගය සඳහා යෝජනා කරන්නේ ස්විඩින් පාර්ලිමේන්තු නියෝජිතයෙකු වූ E.G.C. බ්‍රාන්ට් විසිනු යි. ස්විඩින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතකයෙකු වූ ඔහු හිට්ලර්ව මේ සඳහා යෝජනා කරන්නේ නොබෙල් ත්‍යාග කමිටුවට ලිපියක් යවමින්.

හිට්ලර් යනු දෙවියන් සාමය සඳහා ලෝකයට එවන ලද සටන්කාමියෙක් ලෙස ඔහුගේ ලිපියේ තැනක සදහන් වෙනවා. ලෝක සාමයේ කුමාරයා ලෙසත් තවත් තැනක හදුන්වා තිබෙනවා. හිට්ලර් විසින් රචිත “මගේ සටන” (Mein Kampf) කෘතිය සාමය සඳහා ලියැවී ඇති විශිෂ්ට සාහිත්‍ය කෘතියෙක් ලෙසත් එහි හදුන්වා තිබෙනවා.

ඉන් සුළු කාලයකට පසුව දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන අතර ඒකාධිපති හිට්ලර්ගේ සැබෑ මුහුණත ලොවට හෙළිවෙනවා. 1939 වසරේ සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගයට යෝජනා වූ ඔහුගේ නම ඉවත් කෙරෙන අතර ලෝක යුද්ධය හේතුවෙන් සාමය සඳහා නොබෙල් ත්‍යාගයක් පිරිනැමෙන්නේ නෑ.

02. 1935 වසරේ දී සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගයට යෝජනා වූ මුසෝලිනි

NY Daily News

පැසිස්ට්වාදයේ පියා ලෙස ලෝකයා විසින් හඳුන්වන ඉතාලියේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය අගමැති බෙනිටෝ මුසෝලිනි රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස භාවිතා කළ පාලකයෙක්.

ඔහුව සාම ත්‍යාගයට යෝජනා වූ වසරේම තම බලය යොදවා ඉතියෝපියාව ආක්‍රමණය කිරීම සිදු කිරීම විශේෂත්වයට කරුණක්. ඔහුව මෙම සම්මානය සඳහා යෝජනා කරන්නේ ප්‍රංශයේ නීතිය පිළිබඳව මහාචාර්යවරයෙක් හා ජර්මනියේ මහාචාර්යවරයෙක් විසිනු යි.

ඔවුන් දෙදෙනා යෝජනා කරමින් යැවූ ලිපි නොබෙල් ත්‍යාග කමිටුව මගින් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මේ සඳහා මුසෝලිනිව යෝජනා කිරීමට ඔවුන්ට තිබූ හේතූන් මොනවාදැයි අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ.

03. දෙවතාවක් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වූ ස්ටාලින්

Bio.com

දෙවන ලෝක යුධ සමයේ සෝවියට් දේශය මෙහෙය වූ නායකයා වන ජෝශප් ස්ටාලින් සෝවියට් දේශය මෙන්ම කොමියුනිස්ට් පක්ෂය ද තම අත්තනෝමතික පාලනයට යටත් කර ගත් පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකි යි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෙනින්වාදය පසෙක ලා තමන්ට එරෙහි වූ බොහෝ දෙනෙක් කිසිදු අනුකම්පාවකින් තොරව ඝාතනය කළ ජෝශප් ස්ටාලින්ව 1945 වසරේ දී හා 1948 වසරවල දී නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වෙනවා.

ඔහුව එසේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වන්නේ දෙවන ලෝක යුද්ධය අවසාන කිරීමට නායකත්වය දීම යන කරුණ මත යි. නමුත් දෙවන ලෝක යුද්ධය අවසාන වන විට අහිමි වී තිබූ සෝවියට් ජීවිත ප්‍රමාණය කෝටි 2කට ආසන්න යි. තව ද, සතුරු හමුදා භටයන්  ලක්ෂ ගණනාවක් ඝාතනය කිරීමට හා අතුරුදහන් කරවීමට නායකත්වය ලබා දුන් බැවින් “ත්‍රස්තයන්ගේත් ත්‍රස්තයා” ලෙස ද ඇතැමුන් විසින් ස්ටාලින්ව හඳුන්වනු ලබනවා.

Related Articles