Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘථිවියට කඩා වැටුණු අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුනක්

ISS හෙවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) පිළිබඳ ව ඔබ කවුරුත් හොඳින් අසා තිබෙනවා. අභ්‍යවකාශය තුළ නොකඩවා ක්‍රියා කෙරෙන එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස මෙය හඳුන්වා දිය හැකියි. 1998 දී මෙය අභ්‍යවකාශ ගත කළ අතර වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ජපානය, කැනඩාව, හා  යුරෝපීය අභ්‍යවකාශ නියෝජිත ආයතනය එක් වී කරන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. වර්තමානය වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගගනගාමීන් 6 දෙනෙකුට නවාතැන් සැපයීමට හැකි ධාරිතාවයකින් යුක්ත වෙනවා.

ඉතා දිගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පෙර අමෙරිකාව, රුසියාව, හා චීනය වැනි රටවල් තනි තනි ව අභ්‍යවකාශ මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා. ඉතින් අද ‘ලිස්ට්’ තුළින් ගෙන එන්නේ අතීතයේ පැවති විවිධ රටවලට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුනක් පිළිබඳව යි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ Skylab

Wikipedia

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මුල්වරට අභ්‍යවකාශ ගත කරන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන්නේ මෙය යි. 1973 වසරේ අභ්‍යවකාශ ගත කරන Skylab වසර 6ක් තම අක්ෂයේ රැඳී සිටිනවා. නාසා ආයතනය විසින් මෙය අභ්‍යවකාශ පර්යේෂණ විද්‍යාගාරයක් ලෙසත් පෘථිවි හා සූර්ය නිරික්ෂණාගාරයක් ලෙසත් භාවිතා කරනවා.

ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් සමන්විත වූ අතර පර්යේෂණ සඳහා අදියර තුනකින් ගගනගාමීන් කණ්ඩායම් තුනක් ඒ වෙත පිටත් ව යනවා. මෙහි සිදුකරන පළමු මෙහෙයුම Skylab–2 ලෙස හැඳින්වූ අතර ඒ සඳහා අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු දින 28ක් පුරා රැඳී සිටිනවා. Skylab–3 වැඩසටහන යටතේ දින 60ක් ද, Skylab–4 වැඩසටහන යටතේ දින 84ක් ද ගගනගාමීන් තිදෙනා බැගින් මෙහෙයුම් සිදුකරනවා. එම කාලය වන විට අභ්‍යවකාශය තුළ මෙතරම් දිගු මෙහෙයුම් සිදුකර නොතිබූ බැවින් එකින් එක වාර්තා තැබීමක් ලෙස සඳහන් කළ හැකියි.

අභ්‍යවකාශ මස්ධ්‍යස්ථානය අභ්‍යවකාශ ගතකරන පළමු අවස්ථාවේ එහි දෝෂ කිහිපයක් ඇති වී අබලන් වූ නමුත් මෙහෙයුම යටතේ පළමුවෙන්ම ඒ වෙත ගිය කණ්ඩායම නැවත අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිළිසකර කළ බැවින් මධ්‍යස්ථානය විනාශ වී යාම වැළකෙනවා.

නාසා ආයතනය හතරවන මෙහෙයුම අවසාන කිරීමෙන් පසුවත් තව දුරටත් දිගින් දිගටම skylab වැඩසටහන පවත්වාගැනීමට උත්සාහ දරන නමුත්, දැරිය නොහැකි අධික වියදම හා වෙනත් අභ්‍යවකාශ වැඩසටහන්වලට ප්‍රවිෂ්ට වීමට සිදුවෙන නිසා 1979 දී එය පාලනයෙන් මිදී පෘථිවියට කඩා වැටීමට සලස්වනවා. ඒ දකුණු ඉන්දියානු මුහුදු කලාපයට යි. එක් කුඩා කැබැල්ලක් වැරදීමකින් ඔස්ට්‍රේලියාවට පතිත වන නමුත් ඉන් කිසිවෙකුට හානියක් සිදුවන්නේ නෑ.

සෝවියට් රුසියාවේ Salyut 1

Spacefacts

මිනිසා විසින් අභ්‍යවකාශයේ ස්ථාපිත කරන ලද ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන්නේ මෙය යි. 1971 දී සෝවියට් රුසියාව විසින් මෙම මධ්‍යස්ථානය අභ්‍යවකාශ ගත කරනු ලබන අතර දින 175ක් කක්ෂය මත රඳවා තබනවා.

මේ ව්‍යාපෘතිය මඟින් පසු ව අභ්‍යවකාශ ගත කරන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථාන සදහා වැදගත් වන කරුණු බොහොමයක් උගත් බව සෝවියට් දේශය පවසනවා.

Salyut අභ්‍යවකාශ වැඩසටහන යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන 7ක් සෝවියට් දේශය විසින් අභ්‍යවකාශ ගත කරන අතර, ඉන් පළමුවැන්න මෙය යි. ඉන් දින කිහිපයකට පසු ව Soyuz 10 අභ්‍යවකාශ මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනෙකු මේ වෙත යැවුණු නමුත් මෙහෙයුම අසාර්ථක වී නැවතත් ආරක්ෂිත ව පෘථිවිය බලා ඒමට ඔවුන් ට හැකියාව ලැබෙනවා.

තවත් දින කිහිපයකට පසුව Soyuz 11 මෙහෙයම යටතේ ගාගනගාමීන් තිදෙනෙකුට අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළුවීමට හැකියාව ලැබෙනවා. එය ප්‍රථම වරට මිනිසුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට ඇතුළු වූ අවස්ථාව යි. එහි දවස් 23ක් ගත කිරීමෙන් පසු ව නැවත පෘථිවිය බලා ඒමේ දී යානයේ ඇති වූ දෝෂයක් නිසා එය විනාශ වී ගගනගාමීන් තිදෙනා ජිවිතක්ෂයට පත්වෙනවා.

මේ හේතුවෙන් මෙහෙයුම් නවත්වා දැමීමට සෝවියට් දේශය තීරණය කරන අතර මධ්‍යස්ථානය පැසිපික් සාගරයට කඩා වැටීමට සලස්වනවා.

චීනයේ Tiangong1

New Scientist

චීනයේ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය මේ නමින් හඳුන්වනවා. මෙය ඇරඹුණේ 2011 සැප්තැම්බර් මාසයේ දී යි.

මේ පිළිබඳ ව විස්තර ලෝකය වෙත ඉදිරිපත් කිරීමෙන් වැළකීමට චීන අභ්‍යවකාශ නියෝජිත ආයතනය කටයුතු කරනවා. කෙසේ නමුත් 2016 දී පාලනයෙන් මිඳුණු මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසු ව පෘථිවියට කඩා වැටෙනවා. එය  2018 මාර්තු 30ත් අප්‍රේල් 2ත් අතර දිනෙක පොළව මතට කඩා වැටෙන්නට ඇතැ යි අනුමාන කරනවා.

Related Articles