Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ප්‍රබල ඔත්තු සේවා 3ක්

ලොව බොහෝ රටවල් තමන්ට තර්ජනය විය හැකි අනික් රටවල් පිළිබඳ ව හා ත්‍රස්තවාදය පිළිබඳ ව සොයා බැලීමට ඔත්තු සේවාවන් ස්ථාපිත කර තිබෙනවා. එම ඔත්තු සේවා අතරින් ලෝකයේ වඩා ප්‍රබල ඔත්තු සේවා තුනක් පිළිබඳ ව යි මෙම ලිපිය.

01. මොසාඩ් ඔත්තු සේවය

Wikipedia

ඊශ්‍රායලය යන නම ඇසු පමණින් අපට මතකයට එන්නේ මොසාඩ් ඔත්තු සේවය යි. රහස් මෙහෙයුම් සිදුකිරීම සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වෙන මේ රහස් ඔත්තු සේවාවේ නිල නාමය වන්නේ “බුද්ධි තොරතුරු හා විශේෂ මෙහෙයුම් සඳහා වූ මධ්‍යම ආයතනය” (Central Institute for Intelligence and Special Operations) යන්න යි. මෙය හීබෲ බසින් Mossad (Merkazi le-Modiin ule-Tafkidim Meyuhadim) ලෙස හඳුන්වනවා.

කළු සැප්තැම්බර් කල්ලිය හා පලස්තීන විමුක්තිකාමීන්ගේ සංවිධානය වැනි ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලින් ඊශ්‍රායලයට එල්ල වෙන තර්ජන මැඩ පැවැත්වීම සඳහා මොසාඩ් සංවිධානය සිදුකර ඇති මෙහෙයුම් ප්‍රමාණය ඉතා අධික යි.

1972 වසරේ මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ඊශ්‍රායල් ක්‍රීඩකයන් ඝාතනය කළ ත්‍රස්තයන් ව සොයා ලෝකය පුරා මෙහෙයුම් දියත් කිරීම, 1976 දී පලස්තීන ත්‍රස්තයන් විසින් පැහැර ගත් ඊශ්‍රායල් ගුවන් යානය හා මගීන් නැවත මුදවා ගැනීමේ ඔපරේෂන් තන්ඩර්බෝල්ට් මෙහෙයුම සාර්ථක ව සැලසුම් කිරීම, 1984 දී ඉතියෝපියාවේ සිටි යුදෙව්වන් ගුවන් යානා යොදාගනිමින් ඊශ්‍රායලයට ගෙන්වා ගැනීමේ සාර්ථක මෙහෙයුම, හා 1960 දී හිට්ලර්ගේ ප්‍රධාන සහචරයෙක් වූ ඇඩොල්ෆ් අයික්මාන් ආජන්ටිනාවෙන් පැහැරගෙන  ඊශ්‍රායලයට රැගෙන ඒම වැනි අතිසාර්ථක මෙහෙයුම් ගණනාවක් සැලසුම් කරන්නේ මොසාඩ් ඔත්තු සේවය යි.

1949 දෙසැම්බර් 13 වන දින මොසාඩ් ඔත්තු සේවය පිහිටුවන අතර ඔත්තු සේවය නොයෙකුත් අවස්ථාවල දී ජාත්‍යන්තර අපකීර්තියට ලක් වෙනවා. ඒ වෙනත් රටවලට නොදන්වා මොසාඩ් නියෝජිතයන් එම රටවල මෙහෙයුම් සිදුකිරීම යි. 1949 වසරේ සිට මේ දක්වා ඉතා සාර්ථක ව ක්‍රියාත්මක වෙන මොසාඩ් ඔත්තු සේවය ස්ථානගත කර ඇති ප්‍රදේශය පැහැදිලි නොමැති අතර එය රාජ්‍ය රහසක් බව ඊශ්‍රායල් රජය පවසනවා.

02. C. I. A. හෙවත් ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවාව

Wikipedia

ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවාව යනු එරට විසින් විදේශ රටවල තොරතුරු හා රහස් සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කරන රහස් ඔත්තු සේවයක්. දහස් ගණන් නියෝජිතයන් ලොව පුරා විසිරී සිටින අතර ලෝකයේ වඩාත්ම ජනප්‍රිය රහස් ඔත්තු සේවය වන්නේ ද මෙය යි. ඒ හොලිවුඩ් චිත්‍රපට තුළින් මෙම ඔත්තු සේවාව සඳහා ඉතා ඉහළ ප්‍රසිද්ධියක් අත්කර දීම හේතුවෙන්.

1947 දී මධ්‍යම රහස් ඔත්තු සේවාව ආරම්භ කරන අතර විදෙස් රටවලින් ඇමෙරිකාවට එල්ල විය හැකි තර්ජන, ත්‍රස්ත ප්‍රහාර, හා ඇමෙරිකාව පරයා යුධ තාක්ෂණික අංශයෙන් ඉදිරියට ගමන් කරන රටවල් පිළිබඳ ව සංවිධානය නිතර ම විමසිල්ලෙන් පසුවෙනවා.

තව ද රට රටවල් සතු න්‍යෂ්ටික ශක්තිය හා ඔවුන්ගේ සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ ශක්තිය පිළිබඳ ව ද මෙම ඔත්තු සේවාව විමසිලිමත්.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙහි ප්‍රධානියා පත් කරනු ලබන අතර ඇමෙරිකානු රජයෙන් ස්වාධීන ව තම කටයුතු මෙහෙයවීමට තරම් ඔත්තු සේවය ඉතා බලගතු මට්ටමක පවතිනවා. නොයෙකුත් රටවල ඇමෙරිකාවට හිතැති පාලන තන්ත්‍ර ගොඩනැගීමට CIA සංවිධානය තම හැකියාව යොදවන අතරම බොහෝ රටවල බුද්ධි තොරතුරු සදාචාර සම්පන්න නොවන අයුරෙන් ලබාගන්නා බවට බරපතළ චෝදනා එල්ල වෙනවා.

මේ තුළ දැනට සේවය කරන පිරිස ස්ථිර වශයෙන් පැවසීමට නොහැකි මුත් 20,000ක පමණ සේවක සංඛ්‍යාවක් ආයතනය සතු ව ඇති බවට අනුමාන කරනවා. ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ව ආරම්භ කරන ලද “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” මූලික බුද්ධි තොරතුරු  සියල්ල ම සපයන්නේ CIA ආයතනය විසිනුයි.

03. M. I. 6 – එක්සත් රාජධානිය

Military Leak

Secret Intelligence Service හෙවත් M.I. 6 ලෙස හඳුන්වන්නේ එක්සත් රාජධානියේ රහස් ඔත්තු සේවාව යි. එය ලෝකය පුරා ජනප්‍රිය වන්නේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව නිසා යි.

මෙම ඔත්තු සේවාව විසින් ද ලෝකයේ විවිධ රටවල තොරතුරු එක් රැස් කර විශ්ලේෂණය කර එක්සත් රාජධානියට වාසිදායක වන තීරණවලට එළඹීමට මාර්ගය නිර්මාණය කිරීමේ කටයුතුවල නිරත වෙනවා.

ඒ යටතේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම, න්‍යෂ්ටික අවි, හා එක්සත් රාජධානියට එරෙහිව සිදුකෙරෙන සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලබනවා. සමහර අවස්ථාවල දී මෙය ඇමෙරිකානු මධ්‍යම බුද්ධි අංශය හා එකතුව කටයුතු කරනවා.

ලෝකයේ පවතින පැරණිම ඔත්තු සේවාවක් වන මෙය පිහිටුවා වසර 100කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. CIA සංවිධානය මෙන්ම සීතල යුධ සමයේ සමාජවාදයට එරෙහිව ද රුසියානු සමූහාන්ඩුව බිඳ දැමීම සඳහා ද වැදගත් කාර්යභාරයක් මේ  සංවිධානය විසින් ඉටුකර තිබෙනවා.

Related Articles