Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දීර්ඝතම දුම්රිය ගමන් 4ක්

01. ට්‍රාන්ස්- සයිබීරියන් දුම්රිය ගමන් මාර්ගය

www.expresstorussia.com

දින හතක් පුරා කිලෝමීටර් 9258ක් දුරට මෙම ගමන යෙදෙනවා. ඒ රුසියාවේ මොස්කව් නුවර සිට රුසියාවේම නැගෙනහිර වෙරළාසන්නයේ ඇති ව්ලැඩිවොස්ටොක් නුවර දක්වායි. ලොව තනි දුම්රියක දීර්ඝතම ගමන ලෙස මෙය හදුන්වනු ලබනවා. 1886 යෝජනා වන මෙහි ප්‍රථම පියවර ආරම්භ වී තිබෙන්නේ 1891 වර්ශයේ දීයි. මැයි සිට සැප්තැම්බර් අතර කාලය මෙම දුම්රිය ගමනට යෝග්‍යම කාලය වනවා. මෙම මාර්ගයේ සංචාරකයන්ට ලොව ප්‍රසිද්ධම මං සලකුණු ඔස්සේ ගමන් කරන්න හැකියාවක් තිබෙනවා. ඒවා අතර අවුරුදු 500ක් පමණ පැරණි ක්‍රෙම්ලීන් ගොඩනැගිල්ල, සාර් රජ පවුල ඝාතනය කල ස්ථානයේ ඉදිකර ඇති දේවස්ථානය, හා පෞරාණික නටඹුන් ඇති ඉර්කුට්ස් නගරයත් අයත් වෙනවා. යුරල් කදු පංතිය, මොස්කව් සිට කිලෝමීටර් 1777 ක් දුරින් ඇති ආසියා-යුරෝපා මහද්වීපික දේශසීමාව, හා බයිකාල් විලද මෙම මාර්ගයට ඇතුළත් වෙනවා. මෙම දුම්රිය ගමන ගැන roar සිංහල කලින් තැබූ සටහනක් මෙතනින්.

02. “ද කැනේඩියන්” – ටොරොන්ටෝ සිට වැන්කුවර් දක්වා ගමන

wayoftherail.com

මෙම දුම්රිය ගමනට සාමාන්‍යයෙන් දින තුනක පමණ කාලයක් ගත වෙනවා. ඉතාමත් අලංකාර මාර්ගයක ගමන් ගන්නා මෙම චාරිකාවේ දී ඔබට Wi-Fi පහසුකම් නම් ලැබෙන්නේ නෑ. හිම වලින් වැසි ගිය කඳු පන්ති, කැනේඩියානු වනාන්තර, සිත් ඇදගන්නා භූ දර්ශන වලින් මේ ගමන සමන්විතයි. ඉතා සුව පහසු දුම්රිය මේ ගමන වෙනුවෙන් යොදා ගැනෙනවා. එමෙන්ම ඔබට ගමන අතරතුර ගොනුන්, මුවන්, හා සමහර විට වලසුන් පවා දැකිය හැකි වේවි. සැතපුම් 2,775ක් පුරා දිවෙන මෙම ගමනේදී දුම්රිය නවත්වන ප්‍රධාන ස්ථාන වලට විනිපෙග්, සස්කැචූන්, එඩ්මන්ටන්, හා ජැස්පර් අයත් වෙනවා.

03. ෂැංහයි – ලාසා දුම්රිය ගමන

www.tibetdiscovery.com

චීනයේ කින්හායි – ටිබෙට් සානුව (Qinghai-Tibet Plateau) දක්වා කොටස නැගීමට පෙර ෂැංහයි සිට ලාසා දක්වා දුම්රිය ගමන චීනයේ පළාත් අටක් පුරා දිවෙනවා. මෙම ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර 4,373ක් වන අතර සම්පුර්ණ ගමන පැය 47යි මිනිත්තු 10ක් පුරා දිව යනවා. නමුත් ගමනට ආසන්න වශයෙන් දින තුනක් ගත වෙනවා. මෙම මාර්ගයේ සෘජුව ගමන් කරන්නේ එක් දුම්රියක් පමණයි. මෙම විශේෂ දුම්රිය මැදිරි 15කින් සමන්විතයි. එයින් මැදිරි 10ක් නිදාගැනීම වෙනුවෙන් ද, තව 4ක් ආසන සහිතවද, හා අනෙක් මැදිරිය ආහාර ගැනීම වෙනුවෙන් ද නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම එහි අගට ක්ෂිනින් දුම්රිය ස්ථානයෙන් (Xining Station) ජෙනරේටරයක් සවි කරනු ලබන්නේ දුම්රියේ වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමටයි. මෙහි ඇති ආහාර ගැනීමේ මැදිරිය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

04. “කැලිෆෝනියා ශෙෆීර්” – සැන් ෆ්රැන්සිස්කෝ හි එමරිවිල් සිට චිකාගෝ දක්වා

www.usnews.com/

මෙම ගමන වෙනුවෙන් ඔබට දින දෙකකට ආසන්න කාලයක් ගත වෙනවා. පැය 51ක් පුරා කිලෝමීටර 2,438ක් පුරා මෙම ගමන දිවෙනවා. මෙය සැලකෙන්නේ එක්සත් ජනපදයේ දිගම දුම්රිය ගමනක් ලෙසයි. එමෙන්ම ඉතා දර්ශනීය ගමන් මාර්ගයක් ඔස්සේ මෙම මාර්ගය ගමන් ගසැක්‍රමැන්ටෝන්නවා. මෙම දුම්රිය ගමන අතරතුර කොලරාඩෝ ගංගාව, රොකී කඳුවැටිය හා සියෙරා නෙවාඩා කඳු පන්තිය ද ඔබට නැරඹිය හැකි වෙනවා. මෙම ගමන අතරතුර දුම්රිය නවත්වන ස්ථාන අතර ඩෙන්වර්, සෝල්ට් ලේක් සිටි, රීනෝ, හා සැක්‍රමැන්ටෝ ඇතුලත් වෙනවා.

කවරය – pinimg.com

Related Articles