Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වේගවත්ම කාර් 5 – 2017

2017 වසර නිමාවීමත් එක්කම ලොව පුරාම විවිධ වර්ගීකරණයන් එළි දක්වමින් පවතිනවා. මේ, පසුගිය වසර වන විට ලෝකයට හදුන්වා දී තිබූ වේගවත්ම කාර් රථ 5යි. මෙම වර්ගීකරණය සිදුකර තිබුණේ www.thedrive.com වෙබ් අඩවිය යි.

01. Bugatti Chiron 2017

i.ytimg.com

මෙම රථයේ සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.6 – 3.0ත් අතර පමණ වෙනවා. මෙහි එකවර ගමන් කළ හැකි වන්නේ දෙදෙනෙකුට පමණයි. Quad-turbocharged එන්ජිමකින් මෙම රථය බලගැන්වෙනවා. වේගයන් හතක, ස්වයංක්‍රීය, අතින් ගියර මාරු කරන ආකාරයේ ද්විත්ව ගියර් පද්ධතියකින් මෙය සමන්විත වෙනවා. රෝද අතර දුර අඟල් 106.7ක්. මෙම වාහනය දිගින් අඟල් 178.9ක් වෙනවා. උස අඟල් 80.2ක් හා පළල 47.7ක් වෙනවා. මෙය තත්පර 2.3කදී මේ රථය පැයට කිලෝමීටර් 100ක වේගයකට ළඟාවීමට සමත්. මෙම රථයේ නගර සීමාව තුල ඉන්ධන පරිභෝජනය සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර 3.7ක් පමණ වෙනවා. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 400ක්.

02. Aston Martin Valkyrie 2018

netcarshow.com

Aston Martin සමාගම විසින් නිර්මාණය කරන ලද පළමු hypercar රථය මෙයයි. මෙම මාදිලියෙන් නිර්මාණය කෙරුණේ කාර් රථ 150ක් පමණයි. කාබන් ෆයිබර් යොදාගෙන මෙහි පිටත නිර්මාණය කර තිබෙනවා. ලීටර් 6.5ක V12 එන්ජිමක් මෙහි තිබෙනවා. පැයට කිලෝමීටර් 100 දක්වා වේග සීමාවකට ළඟාවීමට මෙම රථය ගනු ලබන්නේ තත්. 2.5ක කාලයක්. දොර දෙකකින් සමන්විත වන මෙම රථය Sports car වර්ගයට අයත් වෙනවා. මෙය 7-speed Ricardo dual-clutch ගියර පද්ධතියකින් සමන්විතයි. මුළු බර කිලෝ 1030ක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 400ක් පමණ වෙනවා.

03. Lamborghini Aventador S 2018

wpengine.netdna-ssl.com

මෙම නවීනතම ලැම්බොගිනි රථය අශ්ව බල 740ක V12 එන්ජිමකින් සමන්විතයි. ඉලෙක්ට්‍රොනිකව සියලුම රෝද පාලනය වන පද්ධතියක් ඇති මෙහි ඇති ගියර 7ක් තිබෙනවා. එමෙන්ම පැයට කිලෝමීටර්  0 සිට 160 දක්වා වේගයකට ළඟාවීමට එම රථයට ගත වන්නේ තත්පර 2.9ක් පමණයි. මෙහි චැසිය නිපදවා තිබෙන්නේ කාර්බන් ෆයිබර් වලිනුයි. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 349ක්.

04. Ford GT 2017

wired.com

මෙය ලීටර 3.5ක, EcoBoost තාක්ෂණය අන්තර්ගත වූ V6 එන්ජිමකින් සමන්විත වෙනවා. එය අශ්වබල 647ක බලයකින් සමන්විතයි. මෙම රථයේත් පිටත කාබන් ෆයිබර් වලින් සමන්විත වන අතර වාහනයේ බර අඩුකර ගැනීම වෙනුවෙන් එහි සැකිල්ල නිමවා තිබෙන්නේ ඇලුමිනියම් යොදා ගෙනයි. මෙහි එකවර ගමන් කිරීමට හැකි වන්නේ දෙදෙනෙකුට පමණයි. Dual-clutch transmission පද්ධතියක්, racing suspension වලින් හා carbon ceramic බ්‍රේක් පද්ධතියකින් මෙම රථය සමන්විත වෙනවා. මෙම රථයේ ආරම්භක මිළ ලෙස ඇමරිකානු ඩොලර් 453,750 ක පමණ මිලක් වාර්තා වෙනවා. පැයට කිලෝමීටර 100ක වේගයකට ළඟාවීමට තත්පර 3.3 – 3.8ත් අතර කාලයක් ගනු ලබන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 347ක්.

05. McLaren 720S 2018

motortrend.com

මෙම රථයේ මිළ ආරම්භවන්නේ ඇමරිකානු ඩොලර් 288,845 සිටයි. Twin-turbocharged හා intercooled DOHC 32-valve V-8 එන්ජිමකින් මෙය සමන්විත වෙනවා. 7-speed dual-clutch ස්වයංක්‍රීය අතින් ගියර මාරු කරන ආකාරයේ (Manual Shifting mode) ගියර් පද්ධතියක් මෙහි අන්තර්ගතයි. මෙම රථය දිගින් අඟල් 178.9ක් වන අතර පළලින් අඟල් 76, හා උසින් අඟල් 47.1ක්. 2018 McLaren 720S රථය පැයට කිලෝමීටර 100ක වේගයක් තත්පර 2.8කින් ලඟාකර ගනු ලබනවා. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 341ක්. සාමාන්‍යයෙන් නගර සීමාව තුල මෙම රථයේ ඉන්ධන පරිභෝජනය ලීටර් 1ට කිලෝමීටර් 6.5ක් පමණ වෙනවා. මෙහිත් එකවර ගමන් කළ හැක්කේ දෙදෙනෙකුට පමණයි.

කවරය – amazonaws.com

Related Articles