Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වේගවත්ම මෝටර් බයිසිකල් 5

ලොව වේගවත්ම කාර් 5 ගැන තොරතුරු අප ඔබට පසුගිය ලිපියකින් ගෙන ආවා. අද අප ඔබ වෙත ගෙන එන්නේ ලොව වේගවත්ම මෝටර් බයිසිකල් 5 ගැන තොරතුරු යි. මෙම වර්ගීකරණය කර තිබුණේ themysteriousworld වෙබ් අඩවිය විසිනුයි.

05. Suzuki Hayabusa

මෙම බයිසිකලයේ උපරිම වේගය පැයට සැතපුම් 194ක් වෙනවා. එය ලොව වේගවත්ම පක්ෂියා වන ජපානයේ Peregrine Falcon නම් පක්ෂියාගේ වේගයට ඉතාමත්ම සමාන වේගයක්. මෙම බයිසිකලය Suzuki සමාගම විසින් නිර්මාණය කරන ලද වේගවත්ම බයිසිකලය ලෙසයි සලකන්නේ. 1397 cc සිලිඩර් 4 එන්ජිමකින් මෙය සමන්විත වෙනවා. එම එන්ජිම liquid cooling තාක්ෂණයෙන් සමන්විතයි. මිනිත්තුවට පරිභ්‍රමණය (rpm) 6750ක් වනවිට අශ්ව බල 197ක බලයක් එමගින් නිපදවනු ලබනවා. මෙම බයිසිකලය පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයකයට තත්පර 2.5කදී ලඟාවෙනවා.  

twimg.com

04. Kawasaki Ninja ZX-14R ABS

මෙම මෝටර් බයිසිකලය 1,441 cc ABS සිලින්ඩර් 4 එන්ජිමකින් සමන්විත වෙනවා. මෙය LOW POWER MODE හා  HIGH POWER MODE යන බල සැපයුම් ක්‍රමයන් දෙකකින් සමන්විතයි. ගියර් 6කින් යුත් මෙම බයිසිකලය නිර්මාණය කරන ලද්දේ Kawasaki Motorcycle & Engine Company නම් සමාගමයි. මෙය 2006 වසරේදී එළිදැක්වුණා. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 299ක් පමණ වෙනවා. බර කිලෝ 269ක් වන මෙම බයිසිකලය ලීටර් 22ක තෙල් ටැංකියකින් සමන්විත වෙනවා. 2006 ඔක්තෝම්බර් 10 වෙනිදා මෙම බයිසිකලය ඇමරිකානු මාර්ග වල පරික්ෂා කෙරුණා. තත්පර 2.5ක කාලයක් තුලදී මෙම බයිසිකලය පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයකට ළඟා වෙනවා.

Endeavorsuite.com

03. MTT Turbine Superbike Y2K

මෙම බයිසිකලය නිර්මාණය වෙන්නේ 2000 – 2005 අතර කාලයේදී යි. මෙය Rolls royce allison 250 මාදිලියේ ගෑස් ටර්බයිනයකින් සමන්විත වෙනවා. එමෙන්ම මෙම බයිසිකලය ගිනස් ලෝක වාර්තා අතරටත් එකතු වුණු බයිසිකලයක් ද වෙනවා. rpm අගය 52000ක් පමණ වනවිට මෙම බයිසිකලය අශ්ව බල 320ක බලයක් නිපදවනු ලබනවා. මෙම බයිසිකලයේ උපරිම වේගය ලෙස වාර්තා වී ඇත්තේ පැයට කිලෝමීටර 365ක්. ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 34ක් වන මෙහි බර කිලෝ 208.7ක්. ඉතා සුවිශේෂී පෙනුමකින් ද සමන්විත මෙහි නිෂ්පාදකයා Marine Turbine Technologies සමාගම යි.

marineturbine.com

02. Kawasaki Ninja H2R

ශ්‍රී ලංකාව තුලත් ඉතාමත් ජනප්‍රිය මෝටර් බයිසිකල් වර්ගයක් ලෙස Kawasaki නාමය හඳුන්වන්න පුළුවන්. ලොව එතෙක් මෙතෙක් දෙවනියට වේගවත්ම බයිසිකලය නිපදවනු ලබන්නේ Kawasaki Motorcycle & Engine Company නම් සමාගමයි. මෙම බයිසිකලය නිර්මාණය කිරීම ආරම්හ වුණේ 2015 වසරේදී යි. Ninja බයිසිකල් පෙලේ නිර්මාණයක් ලෙස මෙය නිර්මාණය වුණා. එමෙන්ම මෙය සැලකෙන්නේ වෙළඳපොළ තුල මිලදී ගැනීමට ඇති වේගවත්ම බයිසිකලය ලෙසයි. Supercharged (two-speed centrifugal) 998 cc inline-4 DOHC එන්ජිමකින් මෙය සමන්විත වෙනවා. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 331- 400ත් අතර වෙනවා. rpm අගය 14000ක් වනවිට එය අශ්වබල 310ක බලයක් නිපදවනු ලබනවා. මෙම බයිසිකලයේ පිටත කාබන් ෆයිබර් යොදාගෙන නිෂ්පාදනය කර තිබෙනවා. මෙහි බර කිලෝ  215.9ක්. එමෙන්ම ලීටර් 17.01ක ඉන්ධන ටැංකියකින් ද සමන්විතයි.

cgtrader.com

01. Dodge Tomahawk

සාමාන්‍යයෙන් මෝටර් බයිසිකලයක තිබෙන්නේ රෝද 2ක් පමණයි. නමුත් මෙම බයිසිකලය රෝද 4කින් සමන්විත වෙනවා. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 675ක්. Dodge සමාගම විසින් නිර්මාණය කල මෙම වර්ගයෙන් නිකුත් කෙරුනේ බයිසිකල් 9ක් පමණයි. 2003 මෙය නිෂ්පාදනය ආරම්භ වුණා. 8.3 liters, V-10 SRT 10 Dodge Viper එන්ජිමකින් මෙය සමන්විත වෙනවා. එමෙන්ම මෙයට අශ්වබල 500ක බලයක් නිපදවීමේ හැකියාවක් පවතිනවා. එය පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයකට ළඟාවන්නේ තත්පර 2.5ක් ඇතුළත යි. මෙහි මිල ලෙස සඳහන් වුණේ ඇමරිකානු ඩොලර් 550,000ක්. මෙය ලීටර 12.68ක ඉන්ධන ධාරිතාවකින් යුක්තයි.

www.car-revs-daily.com

මුලාශ්‍ර:

themysteriousworld.com

කවරය – 44teeth.com

Related Articles