Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා නිසා ළමුන් මිලියන 80කට එන්නත් මඟහැරේ

කොරෝනාවෛරසය මේ වන විට සෑම රටකම සෞඛ්‍ය, සමාජ, හා ආර්ථික යන සියලු අංශයෙන් වෙත සිය දැඩි බලපෑම එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම සංවර්ධිත රටවල ද 2020 වසරේ ආර්ථික වර්ධනය මන්දගාමී වන බව ලෝක බැංකුව පෙන්වා දෙනවා. 

සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමේ ඉඩ ඇහිරී යාම හේතුවෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් දකුණු ආසියානු රටවල මෙන්ම අප්‍රිකානු මහද්වීපයේ ද සෞඛ්‍ය හා සමාජ ප්‍රශ්න නිර්මාණය කරන බව යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කරනවා. ඊට අමතරව වෛරසය හේතුවෙන් ලෝකයේ දරිද්‍ර ජනගහනය කිහිප ගුණයකින් ඉහළ යා හැකි බව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණන් බලා තිබෙනවා.

ඒ ආකාරයටම සමාන තවත් දෙයක් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ඒ, කොරෝනාවෛරසය පැතිරීමත් සමගම මිලියන 80කට අධික ළමා ජනගහනක් වෙත වැළක්විය හැකි රෝග සඳහා ලබා දෙන එන්නත් ලබා දීමට හැකියාව නොලැබී යාම යි. 

ප්‍රතිශක්තිකරණය යනු ප්‍රජාමූල සෞඛ්‍යය ඉතිහාසයේ බලවත්ම හා මූලිකම රෝග වැළැක්වීමේ මෙවලම යි. එම ක්‍රියාවලියට මේ ආකාරයෙන් බාධා එල්ල වීම අනාගතයට සුභදායි නොවන බව” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් ප්‍රකාශ කරනවා.

වැළක්විය හැකි රෝග සඳහා එන්නත් ලබා ගැනීමේ අපහසුව

මේ වන විට දරුවන් මිලියන 80කට අධික පිරිසක්  ගලපටලය, සරම්ප හා පෝලියෝ යන වැලැක්විය හැකි රෝග සඳහා ලබා දෙන එන්නත් ලබා ගැනීමට නොහැකිව පසුවේ (WHO)

ලෝක සෞඛ්‍ය සංවිධානය  ප්‍රකාශ කරන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන් මිලියන 80කට අධික පිරිසක්  ගලපටලය, සරම්ප හා පෝලියෝ යන වැලැක්විය හැකි රෝග සඳහා ලබා දෙන එන්නත් මේ වන විට ලබා ගත නොහැකි මට්ටම පත් වී තිබෙනවා. එයට හේතුව වන්නේ කොවිඩ් 19 වසංගතය පැතිර යාමත් සමග බොහෝ රටවල් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වසා දැමීම යි. සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම සඳහා බොහෝ රටවල් දිගින් දිගටම නීති රීති පනවා ඇති බැවින් එන්නත් ලබා දීමේ වැඩසටහන් මේ වන තුරු ක්‍රියාත්මක කිරීමට නොහැකි මට්ටමේ පසුවෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය සමග මේ පිළිබඳව විමර්ශනයක් කර ඇති අතර එහිදී රැස් කරන ලද දත්ත අනුව රටවල් 68ක ප්‍රමාණයක දෛනික ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන් ප්‍රමාද වී ඇති බව වාර්තා වෙනවා. එම රටවල වයස අවුරුදු 1ට අඩු දරුවන් අඩුම තරමේ මිලියන 80කට වැඩි ප්‍රමාණයක් මෙම එන්නත් ලබා ගැනීමේ අපහසුතාවයෙන් පසුවන බව එම සංවිධාන ප්‍රකාශ කරනවා.

1970 වසරේ තෙවන ලෝකයේ රටවල් වෙනුවෙන් ඉහත සංවිධාන මඟින් ආරම්භ කරන ලද වැළක්විය හැකි රෝග සඳහා වන එන්නත් වැඩසටහන, වර්තමානය වන විට පෙර නොවූ විරූ ආකාරයෙන් ඇනහිට තිබෙනවා. යුනෙස්කෝව සඳහන් කරන පරිදි ඇණහිට ඇති රටවල් ප්‍රමාණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන රටවලින් හරි අඩක්. ඒ ආකාරයෙන් එන්නත් ලබා දීම නැවතී ඇත්තේ 2020 වසරේ මාර්තු මාසයේ අග භාගයේ සිට යි.

ඒ සඳහා බලපාන ලබන හේතූන් 

අප්‍රිකානු මහද්වීපයේ රටවල මේ තත්වය උග්‍ර වී තිබෙනවා (unicef.org)

එන්නත්කරණය පිළිබඳව තොරතුරු අදාළ දරුවන්ගේ දෙමවුපියන් වෙත ගමන් නොකිරීම, කොරෝනාවෛරසයට බිය වී දෙමාපියන් එන්නත් වැඩසටහන්වලට සිය දරුවන් සහභාගී නොකිරීම, පුද්ගලික ආරක්ෂණ උපකරණ නොමැති වීමෙන්, ගමනා ගමන අපහසුකම් හේතුවෙන් හෝ කොවිඩ් රාජකාරිවල යෙදීම වැනි කරුණු හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් එන්නත් වැඩසටහන් සඳහා සහභාගී නොවීම වැනි කරුණු මෙම තත්ත්වයට හේතු ලෙස සඳහන් කළ හැකි යි. ඊට අමතරව බොහෝ රටවල දේශ සීමා හා ගුවන් සීමා වසා දැමීම හේතුවෙන් ලෝකය පුරා එන්නත් බෙදා හැරීම ප්‍රමාද වීම ද වැළක්විය හැකි රෝග සඳහා ලබා දෙන එන්නත් ලබා දීමට නොහැකි වීමට බලපා තිබෙනවා.

එක් වෛරස වසංගතයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය ලබා දිය හැකි රෝග කිහිපයකම එන්නත් ළමා පරපුරට ලබා දීම තාවකාලිකව නවත්වා තැබීම කළ හැකි නමුත්, ඒවා ඉක්මනින් නැවත ආරම්භ කළ යුතු බව යුනිසෙෆ්හි විධායක අධ්‍යක්ෂ හෙන්රියෙටා ෆෝර් ප්‍රකාශ කරනවා. එසේ නොවුනහොත් එය අති අවධානම් බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම 

ලෝකයේ සියලු රටවල දරුවන්ට වළක්වාගත හැකි රෝගයන් සඳහා ඒ ඒ කාලය තුළ නියමිත එන්නත් ලබා දීමට අපි හැකි උපරිමයෙන් උත්සාහ කරනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය (unitednations)

ලෝකයේ සියලු රටවල දරුවන්ට වළක්වාගත හැකි රෝගයන් සඳහා ඒ ඒ කාලය තුළ නියමිත එන්නත් ලබා දීමට අපි හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විදිහට අපේ යුතුකමක්. අවාසනාවන්ත ලෙස උද්ගත වී ඇති මේ තත්ත්වය නිසා අප මේ වන විට ගැටළු රාශියකට මුහුණ පා සිටිනවා. ඉදිරි ජූනි මාසයේ 4 වන දින එක්සත් රාජධානියේ ලන්ඩනයේ දී ගෝලීය එන්නත් සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සමුළුවේදී කලාපීය හා වෙනත් ලෝක සංවිධානයන්ගෙන් මෙන්ම සංවර්ධිත රටවලින් අපට අවශ්‍ය සහය ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා”යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් ප්‍රකාශ කරනවා.

කවරයේ පින්තූරය -voltron

මූලාශ්‍රයයන් - 

Who.int

Gavi.org

Wionews.com

Related Articles