Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 වසරේ චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්

1976 වසරින් පසු චන්ද්‍රයාගෙන්  පාෂාණ සාම්පල ගෙන ඒම සඳහා චීනය යානාවක් යැවීම මේ වන විට අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ දැඩිව කතාබහට ලක් වී තිබෙනවා. මීට මාස කිහිපයකට ප්‍රථම චීනය විසින් සිය පළමු අඟහරු තරණ මෙහෙයුම ද සිදු කරනවා. අඟහරු තරණ මෙහෙයුම ඔස්සේ  චීන යානාව සාර්ථකව අඟහරු මත ගොඩ බැස්සොත්, සෝවියට් දේශය හා ඇමෙරිකා එක්සත් ජනපදය හැරුණුකොට සාර්ථකව අඟහරු මෙහෙයුම් කළ තෙවන රට ලෙස ඉතිහාසගත වෙනවා. එසේම, 2018 වසරේ දී ඔවුන් සාර්ථකව චන්ද්‍ර තරණ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

චීනය මේ වන විට අඟහරු මෙහෙයුම්, සඳ ගවේශන මෙහෙයුම්, සහ ග්‍රහක ගවේෂණ මෙහෙයුම් ඇතුළු ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම් විශාල ප්‍රමාණයක් ක්‍රියාකාරීව සැලසුම් කරමින් සිටින බව චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය සඳහන් කරනවා. ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාව සමග කරට කර හිඳිමින් 2030 වන විට අභ්‍යවකාශ  බලවතෙක් වීමට උත්සාහ දරන චීනය, මේ වසර තුළ කරන ලද ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම් කිහිපයක් පිළිබඳවයි මේ ලියවෙන්නේ 

චීනයේ අඟහරු තරණය – ටියැන්වෙන් 01 

ටියැන්වෙන් 01 ( firstpost)

ප්‍රධාන වශයෙන් මේ වසරේ අඟහරු මෙහෙයුම් තුනක් රටවල් තුනක් විසින් දියත් කරනවා. මේ මෙහෙයුම් තුනම දියත් කරන්නේ 2020 වසරේ ජූලි මාසයේ වීම විශේෂත්වයක්. පළමුවෙන්ම අඟහරු වටා කක්ෂගතවීමක් සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ජූලි මාසයේ මෙහෙයුමක් දියත් කරන්නේ ජපානයේ ආධාර ඇතිව යි. එම මෙහෙයුම නම් කරන්නේ Hope නමින්. ඉන්පසුව චීනය විසින් සිය පළමු අඟහරු තරණ මෙහෙයුම දියත් කරනවා. ජුලි මාසයේ අවසන් අඟහරු තරණ මෙහෙයුම සිදු කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. එය Mars 2020 ලෙස හදුන්වන අතර මෑත ඉතිහාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අඟහරු තරණයක් සඳහා සිදුකරන ලද විශාලම මෙහෙයුම යි.

රොකට්ටුවක් භාවිතයෙන් අභ්‍යවකාශ ගත කිරීම (cgtn.com)

චීනයේ පළමු අඟහරු තරණ මෙහෙයුම මෙය වන අතර මෙම මෙහෙයුම යටතේ  ටියැන්වෙන් 01 (Tianwen-1) අභ්‍යවකාශගත වන්නේ ජූලි මාසයේ 23 වන දා යි. අභ්‍යවකාශගත කිරීම ඉතාමත් සාර්ථකව සිදුවෙන අතර, කක්ෂගත කිරීම, ගොඩබෑම, ගමන් කිරීම ඇතුළුව ගවේශන සඳහා එය අඟහරු වටා මාස හතකට ආසන්න ගමන් කිරීමට නියමිත යි. මෙම මෙහෙයුම සඳහා චීන අභ්‍යවකාශ අධිකාරියට යුරෝපා අභ්‍යවකාශ ආයතනය, ප්‍රංශයේ ජාතික අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය, හා ඔස්ට්‍රියානු පර්යේෂණ ප්‍රවර්ධන ඒජන්සිය සිය දායකත්වය ලබා දී තිබෙනවා. 

මෙම මෙහෙයුම සඳහා කක්ෂීය යානයක්, ගොඩබැසීමේ යානයක්, හා රෝවරයක් ඇතුළත් වන අතර, අඟහරුට ආසන්න වන විට ගොඩබැසීමේ යානය කක්ෂීය යානයෙන් වෙන් වීමට නියමිත යි. කක්ෂීය යානය අඟහරු වටා කක්ෂයකට ඇතුල් වන අතර ගොඩබැසීමේ යානය අඟහරුගේ Utopia Planitia ප්‍රදේශයට ගොඩබැසීමට නියමිත යි. මෙම ගොඩ බෑම සාර්ථක වුවහොත් සෝවියට් රුසියාව හා ඇමෙරිකා එක්සත්  ජනපදයට පසුව අඟහරු මත ගොඩ බසින තුන්වන ජාතිය බවට චීනය වාර්තාවක් තබනු ඇති. 

අඟහරු ගවේශන යානය 2021 පෙබරවාරි මාසයේ දී ග්‍රහලෝකය වෙත ලඟාවනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. කක්ෂයට ඇතුළු වූ පසු ගොඩබෑමට පෙර, අපේක්ෂිත ගොඩබෑමේ ස්ථාන සමීක්ෂණය කිරීමට තවත් මාස දෙක තුනක් ගත වෙන බවත් චීනයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මිනිසුන් රහිත අභ්‍යවකාශ යානාවක් චන්ද්‍රයා වෙත 

නිර්මාණය වෙමින් (spacenews.)

සඳ මතුපිට ඇති පාෂාණ කොටස් හා පස් සාම්පල ලබාගැනීම සඳහා චීනය රොබෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන චැන්ජි-5 (Chang’e 5) නම් වූ අභ්‍යවකාශ යානාව පසුගිය සතියේ (නොවැම්බර් 23) අභ්‍යවකාශගත කරනවා. දෙසැම්බර් මාසයේ 16 -17 අතර එය නැවත පෘථිවියට ළඟාවීමට නියමිතව තිබෙනවා. යානයට සඳ වෙත යෑමට දින තුනක් ගතවෙන අතර එය සඳ මත රැඳී සිටින්නේ පෘථිවි දින 14ක් පමණි. මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ  සඳෙහි තවමත් නොදුටු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් (සඳ මතුපිට සිට මීටර් දෙකක් යටින් ඇති පාෂාණ කිලෝග්‍රෑම් දෙකක්) රැගෙන ඒම යි. 

1970 දශකයේ චන්ද්‍රයා වෙත ගමන් කිරීමෙන් පසු පාෂාණ ගෙන ඒම සඳහා යානයක් චන්ද්‍රයා වෙත යන ප්‍රථම අවස්ථාව මෙය බව මාධ්‍ය වාර්තා විසින් කර තිබෙනවා. මීට පෙර ඇමරිකානු සහ සෝවියට් ගගනගාමීන් විසින් සඳ මතුපිට පස් සාම්පල පෘථිවියට රැගෙනවිත් තිබෙන අතර මේ ආකාරයේ අවසාන මෙහෙයුම වන ලූනා 24, 1976 දී සෝවියට් රුසියාව  විසින් සිදුකර තිබෙනවා. මෙහෙයුම සාර්ථකව අවසන් වුවහොත් සඳ මතුපිට පාෂාණ සාම්පල පෘථිවියට රැගෙන ආ තෙවැනි රට ලෙස චීනය වාර්තාවක් තැබීමට නියමිත යි. 

Long March 5 ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යවකාශ ගතකිරීම (dynaimage)

චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තට ප්‍රථම වතාවට යානයක් යවන්නේ ද චීනය යි. ඒ, 2018 වසරේ දී යි. එය Chang’e 4 ලෙස නම් වෙනවා. ඒ මෙහෙයුමේ දී චන්ද්‍රයා මතුපිට බීජ ප්‍රරෝහනයකට ද චීනය උත්සාහ දැරුවා.

කවරයේ පින්තූරය - Chang'e 5(technologyreview)

Related Articles