Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිමාවූ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගැන කෙටියෙන්

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ඉතිහාසයට තවත් අලුත් පරිච්ඡේදයක් එකතු කරමින් 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පසුගිය දා ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හි දී නිමා වුණා. තරඟාවලිය නිමා වන විට පදක්කම් සටහනේ ලංකාව ඉදිරියෙන් පදක්කම් 6ක් සඳහන් වුණේ රටවල් 71ක් අතරින් 31 වන ස්ථානය අපට හිමි කර දෙමිනුයි. එක රිදී පදක්කමකින් හා ලෝකඩ පදක්කම් 5කින් එම පදක්කම් 6 සමන්විත වුණා. ලංකාව ගැන වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගැන සංක්ෂිප්ත සටහනකුයි මේ.

පදක්කම් සටහන

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරනු ලැබුවේ ඕස්ට්‍රේලියාව යි. දින 11ක් පුරාවට පැවති මෙම තරඟාවලියට සභාගී වූ ක්‍රීඩකයන් හා නිලධාරීන් ගණන 6,600ක් පමණ වුණා. එමෙන්ම ලෝකයේ ප්‍රධාන පෙලේ ක්‍රීඩා උළෙලක කාන්තා හා පිරිමි යන අංශ දෙක වෙනුවෙන් එක සමානව පදක්කම් ලැබුණු පළමු තරඟාවලිය ද මෙය වුණා. ක්‍රීඩා ඉසව් 18කින් හා පැරා ක්‍රීඩා ඉසව් 7කින් මෙවර තරඟාවලිය සමන්විත වුණා. රටවල් 29ක් රනින් සැරසෙන විට රටවල් 43ක් අතරේ පදක්කම් බෙදී ගියා. එයින් රටවල් 5ක්ම තම පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම වාර්තා කර තිබුණා.

තම සත්කාරකත්වයේ ආධිපත්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පුරාවට පතුරවන්නට ඕස්ට්‍රේලියාව සමත් වුණේ පදක්කම් 198ක් ජයග්‍රහණය කරමිනුයි. පදක්කම් සටහනේ අංක එක ඔවුන් ලබා ගත්තේ රන් පදක්කම් 80ක් සමගින්. දෙවැනි තැන, රන් පදක්කම් 45 ක් සමගින් ලබා ගැනීමට එංගලන්තය සමත් වූ අතර මුළු පදක්කම් 136ක් ඔවුන්ට හිමි වුණා. තෙවැනි තැන අසල්වැසි ඉන්දියාව ලබා ගත්තේ රන් පදක්කම් 26ක් සමගිනුයි.

www.gc2018.com

තරඟාවලියේ විශේෂ අවස්ථා

තරඟාවලියේ ප්‍රථම රන් පදක්කම ලියවුනේ ෆ්ලෝරා ඩෆිගේ නම ඉදිරියෙනුයි. ඒ තුන් ප්‍රයාම තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන්.

මීටර 100 X 4 කාන්තා පිහිනුම් නිදහස් ආර පිහිනුම් ලෝක වාර්තාව මේ තරඟාවලියේ දී අලුත් වුණා. එම වාර්තාව ලියවුනේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙනුයි. එහි දී ඔවුන් විසින් බිඳහෙළුවේ ඔවුන්ගේම වාර්තාවක්.

මීටර 100 X 4 කාන්තා පිහිනුම්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම –  (naplesherald.com)

එමෙන්ම ඇනා මිර්ස් 2014 වසරේ මීටර 500 කාල ගණන සයිකල් ඉසව්වෙන් තිබූ වාර්තාව හැර අනෙක් සියලු සයිකල් ඉසව් වාර්තා බිඳ හෙලීම හෝ අලුතින් ලියවීම සිදුවුණා.

මෙම තරඟාවලියේ දී ලෝක වාර්තා 5ක් අලුත් වුණු අතර එයින් 4ක්ම පැරා සයිකල් ඉසව්වෙන් වාර්තා වුණා.

ක්‍රීඩකයන් හා නිලධාරීන් කිහිප දෙනෙකු අතුරුදහන්

පෙර වසර වල දී මෙන්ම මෙවරත් ක්‍රීඩකයන් හා නිලධාරීන් කිහිප දෙනෙකුම ඕස්ට්‍රේලියාවේ දී අතුරුදහන් වී තිබුණා. මෙයින් බොහෝ දෙනෙකුම අප්‍රිකානු රටවලින් පැමිණි පුද්ගලයින් වුණා. එමෙන්ම අතුරුදහන් වූවන් අතර බර ඉසිලීමේ ශුරියක වන ආකැන්ජලීන් ෆවුජි නම් ක්‍රීඩිකාව ද වෙනවා. තව ද අතුරුදහන් වූ සියරාලියෝන් ‘ස්කොෂ්’ ක්‍රීඩකයන් දෙදෙනකු සොයා ද මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

ආකර්ගලින් ෆෞඕඩ්ජී (Arcangeline Fouodji)  -(dnaindia.com)

කැමරූන් ක්‍රීඩකයන් අට දෙනෙක් ද මෙලෙස අතුරුදහන් වී ඇති අතර ක්‍රීඩකයන්ගේ අතුරුදහන් වීම “පළා යාමක්” ලෙස සලකන බව කැමරූන් කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන අමාත්‍යවරයා වන පීටර් ඩුටන් පවසන්නේ ක්‍රීඩකයන් සතුව මැයි 15 වෙනි දා දක්වා රට තුල නිදහසේ සිටීමේ අවසර සහිත වීසා ඇති බව හා, ඉන් පසුවත් ඔවුන් රට තුල රැඳී සිටියහොත් ඔවුන් පිළිබඳ  නීතිමය තීරණ ගන්නා බව යි.

මීට වසර 12කට පෙර ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී ක්‍රීඩකයන් 45ක් දෙනෙකු, හා 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් උළලේ දී  ක්‍රීඩකයන් 145ක් දෙනෙකුත් පමණ මෙසේ ඕස්ට්‍රේලියාවේ වීසා කාලය ඉකුත් වීත් රැඳී සිටීමේ හේතුව මත සොයා ගැනුණා.

ලංකාවේ අයට මොකද වුණේ?

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වුණා. ඒ තරඟ ඉසව් 15ක් වෙනුවෙනුයි. නමුත් ඉන් පදක්කම් ලබා ගත්තේ ක්‍රීඩකයන් 6 දෙනෙකු පමණයි. එම පදක්කම් 6 බර ඉසිලීමේ හා බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් සමානව බෙදී ගියා.

මෙවර ලංකාවට පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං පදක්කම ලබා දුන්නේ අනුෂා කොඩිතුවක්කුයි. කිලෝග්‍රෑම් 45-48 බර පන්තිය නියෝජනය කළ ඇය අවසාන පූර්ව තරඟයේ දී පරජයට පත් වුණේ ඉන්දියාවේ ජාතික ශූරිය හා ප්‍රබල බොක්සිං ක්‍රීඩිකාවක් වන මේරී කොම්ට යි.

අවසාන පූර්ව තරඟයේදී අනුෂා හා මේරී  – (www.orissapost.com)

තිවංක රණසිංහ පිරිමි කිලෝග්‍රෑම් 46-49 බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගත්තා. එහි දී ඔහු අවසාන වටයේ පරාජයට පත් වුණේ එංගලන්ත ක්‍රීඩක ගයාල් යෆායිට යි.

ඉශාන් බණ්ඩාර පිරිමි කිලෝග්‍රෑම් 52 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවා. ඔහු අවසන් පූර්ව තරඟයේ පරාජයට පත් වුණේ ඉන්දියාවේ ගෞරව සොලන්කිට යි.

ලංකාව දිනූ එකම රිදී පදක්කම හිමිකර ගනු ලැබුවේ ඉන්දික දිසානායක යි. පිරිමි කිලෝග්‍රෑම් 69 බර පන්තියේ බර  ඉසිලීමේ ඉසව්වෙන් ඔහු මෙම පදක්කම ලබා ගත්තා.

එමෙන්ම පිළිවලින් චතුරංග ලක්මාල් හා දිනුෂා ගෝමස් පිරිමි කිලෝ 56 බර පන්තියේ හා කාන්තා කිලෝ 48 බර පන්තියේ ලෝකඩ පදක්කම් ජයග්‍රාහණය කළා.

මෙම තරඟාවලියේ දී ලංකාවේ පිරිමි මීටර 100 X 4 කණ්ඩායම නව ජාතික වාර්තාවක් ද පිහිටවනු ලැබුවා. නමුත් එය ඔවුන්ට පදක්කමක් ලබා ගැනීමට නම් ප්‍රමාණවත් වුණේ නෑ

කවරය – blogspot.com

මුලාශ්‍ර

results.gc2018.com

ewn.co.za

www.bbc.com

www.goldcoastbulletin.com.

Related Articles