Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ COVID-19 තත්ත්වය

මෙය සජීවීව යාවත්කාලීන වන ලිපියකි.

අවසන් යාවත්කාලීන කිරීම: 09. 06. 2020 දින, පැය 17:06

පසුගිය සමයේ ලොව පුර පැතිරෙන්නට පටන්ගත් නව කොරෝනා වෛරස (COVID-19) තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ මුලින්ම අවධානය යොමු වුණේ චීන කාන්තාවකට වෛරසය ආසාදනය වී තිබී සොයාගැනීමත් සමගයි.

එහෙත් වෙනත් රෝගීන් හමු නොවූ නිසාත්, ඇය සුවවී රෝහලෙන් පිටව ගිය නිසාත් එම බිය තුරන් වුණා.

නැවත COVID-19 පිළිබඳ රටේ කතාබහක් පැමිණියේ මාර්තු 11 වනදා පළමු වරට වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරට දී සොයාගැනීමෙන්.

ජුනි 09, අඟහරුවාදා

15:00 අදියර 4ක් යටතේ පාසල් ඇරඹෙන බව රජය දැනුම් දෙයි. විදුහල්පති සහ ගුරුවරු ජුනි 29 දා වැඩ අරඹනු ඇත. 5, 11, සහ 13 ශ්‍රේණි ජුලි 6 දා ඇරඹෙනු ඇත. 10, සහ 12 ශ්‍රේණි ජුලි 20 ඇරඹෙන අතර, 3-9 ශ්‍රේණි ජුලි 27 ඇරඹේ. අ.පො.ස. උ/පෙ විභාගය සැප්තැම්බර් 7 ඇරඹෙන අතර, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 දා පැවැත්වේ.

12:30 අද දින කොවිඩ්-19 ආසාදිතයන් 67 දෙනෙක් සුවය ලැබූ අතර, දැන් මෙරට මුළු සුව වූවන්ගේ සංඛ්‍යාව 1057 කි.

ජුනි 07, ඉරිදා

13:16 කොවිඩ්-19 ආසාදිතයන් 15 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 710 කි.

ජුනි 06, සෙනසුරාදා

22:50 අද දින ආසාදිතයන් 13 දෙනෙක් හමුවූ අතර, 33 දෙනෙකු සුව වී රෝහලෙන් පිටව ගියහ.

ජුනි 05, සිකුරාදා

23:00 අද දින ආසාදිතයන් 4 දෙනෙකු හමුවූ අතර, 19 දෙනෙකු සුව වී රෝහලෙන් පිටව ගියහ.

ජුනි 04, බ්‍රහස්පතින්දා

23:00 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 48ක් හමුවිය. ඉන් 36ක් නාවික හමුදා නිලධාරීන් වන අතර, ඉතිරිය වෙනත් රටවලින් පැමිණි ලාංකිකයන් වේ. දැනට සිටින ආසාදිතයන් සංඛ්‍යාව 947කි.

ජුනි 03, බදාදා

23:24 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 52ක් හමුවිය. ඉන් 31ක් නාවික හමුදා නිලධාරීන් වන අතර, ඉතිරිය වෙනත් රටවලින් පැමිණි ලාංකිකයන් වේ. දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 888කි.

ජුනි 02, අඟහරුවාදා

23:59 කොවිඩ්-19 ආසාදිතයන් 40 දෙනෙකු හමුවිය. ඉන් 32ක් කටාර්, කුවේටය, රුසියාව, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණි ශ්‍රී ලාංකිකයන් ය. ඉතිරි අය අතර නාවික හමුදා නිලධාරීන් 7 දෙනෙකුත්, ඔවුන් හා ඇසුරු කළ අයෙකුත් වේ.

ජුනි 01, සඳුදා

08:42 මෙරට එකොළොස් (11) වැනි කොවිඩ්-19 මරණය වාර්තා විය. මිය ගොස් ඇත්තේ කුවේටයේ සිට පැමිණ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි ලාංකික කාන්තාවකි.

මැයි 30, ඉරිදා

17:50 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 8 දෙනෙකු හමුවී ඇත. ඉන් එක් අයෙකු නාවික හමුදා නිලධාරීන් වන අතර, ඉතිරි අය රුසියාවේ සිට පැමිණි ලාංකිකයන් වේ. දැනට මුළු රෝගීන් සංඛ්‍යාව 801 කි.

19:30 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 5 දෙනෙකු හමුවිය. අද දින හමුවූ මුළු සංඛ්‍යාව 8 කි. දැනට මුළු රෝගීන් සංඛ්‍යාව 775 කි.

16:47 අද දින මේ වන විට කොවිඩ්-19 ආසාදිතයන් 3 දෙනෙකු හමුවී ඇත. දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 770ක් වන අතර, 780 දෙනෙක් සුවය ලබා තිබේ.

මැයි 29, සිකුරාදා

18:45 අද දින මේ වන විට කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනෙකු හමුවී ඇත. ඉන් 7 දෙනෙක් නාවික හමුදා නිලධාරීන් වන අතර, ඉතිරි අය ඩුබායි සිට පැමිණි ලාංකිකයන් වේ.

මැයි 28, බ්‍රහස්පතින්දා

18:50 අද දින මේ වන විට කොවිඩ්-19 ආසාදිතයන් 34 දෙනෙකු හමුවී ඇත. ඉන් දෙදෙනෙක් නාවික හමුදා නිලධාරීන් වන අතර, ඉතිරි අය වෙනත් රටවල සිට පැමිණි ලාංකිකයන් වේ.

මැයි 27, බදාදා

21:00 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 28 දෙනෙකු හමුවිය. අද දින හමුවූ මුළු සංඛ්‍යාව 134 කි.

20:53 අද දින මේ වන විට කොවිඩ්-19 ආසාදිතයන් 106 දෙනෙකු හමුවී ඇත. ඉන් 53 දෙනෙක් නාවික හමුදා නිලධාරීන් ද ඉතිරි අය වෙනත් රටවලින් පැමිණි අය ද වේ.

14:05 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 20 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 732 කි.

මැයි 26, අඟහරුවාදා

12:45 කොවිඩ්-19 ආසාදිතයන් 15 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 710 කි.

මැයි 25, සඳුදා

17:05 මෙරට 10 වැනි කොවිඩ්-19 මරණය වාර්තා විය. කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලයේ නිරෝධානය වී සිටි 51 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

13:46 කොවිඩ්-19 ආසාදිතයන් 21 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 695 කි.

මැයි 24, ඉරිදා

18:50 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 24 දෙනෙකු හමුවිය. දැනට මෙරට සිටින රෝගීන් සංඛ්‍යාව 435කි.

14:45 කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලයේ නිරෝධානය වී සිටි අය අතුරින් 04 දෙනෙක්ට කොවිඩ්-19 ආසාදිත බව වාර්තා විය. දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 411 කි.

14:21 කොවිඩ්-19 ආසාදිතයන් 14 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 674කි.

මැයි 23, සෙනසුරාදා 

17:05 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනෙකු හමුවිය. ඒ සියල්ලෝම නාවික හමුදා නිලධාරීන් වන අතර, දැනට මෙරට සිටින රෝගීන් සංඛ්‍යාව 409 කි. මෙතෙක් හමුවූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1068කි. 

13:45 කොවිඩ්-19 ආසාදිතයන් 40 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 660කි.

මැයි 22, සිකුරාදා

19:59 තවත් කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙකු හමුවිය. දැනට මෙරට සිටින රෝගීන් සංඛ්‍යාව 430කි.

18:54 තවත් කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙකු හමුවිය. දෙදෙනාම නාවික හමුදා නිලධාරීන් වන අතර, දැනට මෙරට සිටින රෝගීන් සංඛ්‍යාව 428 කි.

13:30 කොවිඩ්-19 ආසාදිතයන් 16 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 620කි.

මැයි 21, බ්‍රහස්පතින්දා

23:58 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනෙකු හමුවූ අතර, අද දින හමුවූ මුළු සංඛ්‍යාව 27කි. දැනට සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 424 කි.

18:21 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 17 දෙනෙකු හමුවිය. ඉන් දෙදෙනෙක් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින නාවික හමුදා නිලධාරීන් වන අතර, අනෙක් අය ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායනයේ සිටින අය යි. දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 432කි.

13:25 කොවිඩ්-19 ආසාදිතයන් 20 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 604 කි.

මැයි 20, බදාදා

13:25 කොවිඩ්-19 ආසාදිතයන් 20 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 604 කි.

22:40 තවත් කොවිඩ්-19 ආසාදිතයන් එක් අයෙකු හමුවූ අතර, දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 435 කි.

14:50 කොවිඩ්-19 ආසාදිතයන් 15 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 584 කි.

මැයි 19, අඟහරුවාදා 

23:59 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 5 දෙනෙකු හමුවූ අතර, අද දිනට හමුවූ මුළු සංඛ්‍යාව 35 ක් බවට පත් විය. මේ සියල්ලෝම නිරෝධායනයට යොමු කළ සිටි අයයි. වත්මන් රෝගීන් සංඛ්‍යාව 449 කි.

19:05 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 28 දෙනෙකු අද දින හමුවූ අතර, දැනට සිටින ආසාදිතයන් සංඛ්‍යාව 442 කි. මොවුන් සියල්ලෝම ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා නිලධාරීන් ය.

13:45 කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 569 කි.

මැයි 18, සඳුදා

12:49 කොවිඩ්-19 ආසාදිතයන් 21දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 559කි. මෙතෙක් හමුවූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 981කි.

මැයි 17, ඉරිදා

22:03 අද දින කොවිඩ්-19 ආසාදිතයන් 10 දෙනෙකු හමුවූ අතර, දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 423කි. වත්මන් ආසාදිතයන්ගෙන් 209 දෙනෙකු දැනටමත් රෝහල්ගත කර තිබේ.

13:00 කොවිඩ්-19 ආසාදිතයන් 18 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 538 කි.

මැයි 16, සෙනසුරාදා 

21:06 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 12 දෙනෙකු හමුවූ අතර, දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 525කි. ඒ සියල්ලන්ම නාවික හමුදා භටයන් වේ.

19:03 අද දින කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙකු හමුවූ අතර, දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 408කි. ඔවුන් මීයන්කුලම සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී තිබේ.

15:07 කොවිඩ්-19 ආසාදිතයන් 43 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 520 කි.

මැයි 14, බ්‍රහස්පතින්දා

19:30 අද දින වාර්තා වූයේ එක් කොවිඩ්-19 ආසාදිතයකු පමණි. දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 462 කි.

13:11 කොවිඩ්-19 ආසාදිතයන් 63 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 445 කි.

මැයි 13, බදාදා

19:58 අද දින කොවිඩ්-19 ආසාදිතයන් 4 දෙනෙකු හමුවූ අතර, දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 502කි.

13:19 කොවිඩ්-19 ආසාදිතයන් 16 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වී ඇති සංඛ්‍යාව 382කි.

මැයි 12, අඟහරුවාදා 

19:18 අද දින කොවිඩ්-19 ආසාදිතයන් දස දෙනෙකු හමුවූ අතර, දැනට සිටින රෝගීන් සංඛ්‍යාව 507කි. ඉන් නව දෙනෙක් නාවික හමුදා භටයන් ද අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූවකු ද වේ.

16:00 ඇඳිරිනීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල සියලුම බස් රථ සහ දුම්රිය සේවාවන් හෙට සිට ක්‍රියාත්මක කිරීම සඳහා රජය අවසර ලබා දී තිබේ.

13:50 තවත් කොවිඩ්-19 ආසාදිතයන් විසිතුන් දෙනෙක් (23) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 366 කි.

මැයි 11, සඳදා

13:09 කොවිඩ්-19 ආසාදිතයන් විසි දෙදෙනෙක් (22) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 343 කි.

මැයි 10, ඉරිදා

21:05 කොළඹ සහ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල හෙට දින උදෑසන 5.00ට ඇඳිරිනීතිය ඉවත් කෙරේ. ඉන්පසු දිනපතා රාත්‍රී 8.00ට නැවත පැනවෙනු ඇත.

18:23 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 8 දෙනෙකු හමුවූ අතර, දැනට සිටින ආසාදිතයන් සංඛ්‍යාව 525කි.

14:05 කොවිඩ්-19 ආසාදිතයන් 61 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 321කි.

මැයි 09, සෙනසුරාදා

21:30 තවත් නාවික හමුදා නිලධාරීන් 4 දෙනෙක් කොවිඩ්-19 ආසාදිතව හමුවූ අතර දැන් දිවයිනේ ආසාදිතයින් සංඛ්‍යාව 577කි.

16:45 කොවිඩ්-19 ආසාදිතයන් 9 දෙනෙකු හමුවූ අතර, දැනට සිටින ආසාදිතයන් සංඛ්‍යාව 580කි. මෙසේ හමුව ඇත්තේ නිරෝධායනයේ සිටි නාවික භට පිරිසකි.

13:24 කොවිඩ්-19 ආසාදිතයන් 15 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 255කි.

09:59 ඇඳිරිනීතිය නිසා තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් හුවමාරුව මැයි 11 වන දින සිට නැවත ක්‍රියාත්මක කෙරේ. 

මැයි 08, සිකුරාදා

23:59 කොවිඩ්-19 ආසාදිතයන් 11 දෙනෙකු හමුවූ අතර, දැනට සිටින ආසාදිතයන් සංඛ්‍යාව 586 කි.

මැයි 07, බ්‍රහස්පතින්දා

13:55 කොවිඩ්-19 ආසාදිතයන් 8 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 240 කි.

18:00 කොවිඩ්-19 ආසාදිතයන් 7 දෙනෙකු හමුවූ අතර, ඉන් 6 දෙනෙක් නාවික හමුදා නිලධාරීන් ද අනෙක් පුද්ගලයා ආශ්‍රිතයෙක් ද වේ.

12:52 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 17 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 232 කි.

මැයි 06, බදාදා

19:30 කොවිඩ්-19 ආසාදිතයන් තිදෙනෙක් හමුවිය. තිදෙනාම නාවික හමුදා නිලධාරීන් ය.

මැයි 05, අඟහරුවාදා

23:22 අද දිනට කොවිඩ්-19 ආසාදිතයන් 20 ක් හමුව තිබේ. දැනට සිටින ආසාදිත සංඛ්‍යාව 549 කි.

21:15 කොවිඩ්-19 ආසාදිතයන් 9 දෙනෙක් වාර්තා විය. මොවුන් අතර කොළොන්නාව, කොළඹ 15 සහ රාජගිරියේ පදිංචිකරුවන් මෙන්ම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියවුන් සහ නාවික හමුදා නිලධාරීන් 4 දෙනෙකු ද වේ.

19:15 මෙරට නවවැනි කොවිඩ්-19 මරණය වාර්තා විය. මෝදර ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

17:21 රාජගිරිය, කොළොන්නාව, සහ නුවර කොළඹිස්ස යන ප්‍රදේශවලින් 138 දෙනෙක් නිරෝධායනය වෙත යොමු කර ඇති බව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් මීට පෙර කොවිඩ්-19 ආසාදිතයන් සමග සමීපව කටයුතු කර ඇති අය යි.

06:36 ඊයේ දින (මැයි 4) හමු වූ මුළු කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 33 කි. 31 දෙනෙක් නාවික හමුදා භටයන් වන අතර, අනෙක් දෙදෙනා නිරෝධායන කඳවුරුවල රැඳී සිටි අය යි. මේ වන විට මෙරටින් වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 549 කි.

මැයි 04, සඳුදා

19:36 අටවැනි කොවිඩ්-19 මරණය වාර්තා විය. හෝමාගම රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්වූ අතර, ඈ කුරුණෑගල පදිංචිකාරියකි.

13:58 කොවිඩ්-19 ආසාදිතයන් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 187 කි.

මැයි 03, ඉරිදා

18:15 අද දිනට කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා විය. දැනට සිටින ආසාදිතයන් සංඛ්‍යාව 518 කි.

13:22 හුදෙකලා කොට තැබුණු අකුරණ සහ බේරුවල ප්‍රදේශ යළි විවෘත කෙරිණි. 

12:40 තවත් කොවිඩ්-19 ආසාදිතයන් දස දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 182 කි.

මැයි 02, සෙනසුරාදා

22:40 අද දිනට කොවිඩ්-19 ආසාදිතයන් 12 දෙනෙකු වාර්තා විය. දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 523 කි.

14:40 කොවිඩ්-19 හුදෙකලා කිරීම් නිසා බටහිර පළාතේ විවිධ ප්‍රදේශවල සිරව සිටි පුද්ගලයින් 350 කට වැඩි පිරිසක් අද පොලිස් ආරක්ෂාව යටතේ නිවෙස් වෙත යවා තිබේ.

එම වැඩසටහනේ පළමු අදියර ලෙස ගර්භණී මව්වරුන්, නිදන්ගත රෝගීන් සහ දරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙනු ලැබූ අතර, නිවෙස් වෙත යැවීමට පෙර වෛද්‍ය පරීක්‍ෂණයකට හා විෂබීජ නාශනයකට ලක් කරන ලදී.

13:20 කොවිඩ්-19 ආසාදිතයන් දස දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 172 කි.

මැයි 01, සිකුරාදා

20:30 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම ප්‍රදේශයන් හි පවතින ඇඳිරි නීතිය යටතේම මැයි 11 සිට රාජ්‍ය හා ආයතනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැකිය. අධි අවදානම් කලාපයන්හි ඇඳිරි නීතිය මැයි 11 දක්වා අඛණ්ඩව පවතින අතර, අනෙකුත් ප්‍රදේශවල මැයි 4 සිට 6 වන දින දක්වා පෙ.ව. 5.00 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබේ.

17:29 කොවිඩ්-19 ආසාදිතයන් තුන් දෙනෙක් වාර්තා විය. දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 507 කි. අද දිනට, මෙතෙක් වාර්තා වූ ගණන 6 කි.

15:00 තවත් කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර, දැනට ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 504 දක්වා ඉහළ ගොස් ඇත. දැනට රෝහල් ගතව සිටින ආසාදිතයන් සංඛ්‍යාව 145 කි.

13:10 කොවිඩ්-19 ආසාදිතයන් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. දැනට සුව වූ සංඛ්‍යාව 157 කි.

12:42 කොවිඩ්-19 ආසාදිත එක් පුද්ගලයෙකු වාර්තා විය. දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 502 කි.

අප්‍රේල් 30, බ්‍රහස්පතින්දා

19:09 නව COVID-19 ආසාදිතයන් 4 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, දැන් ආසාදිත සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන්නේ මෙම අවස්ථා හතරම වාර්තා වී ඇත්තේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් බවයි.

14:45 එක්සත් රාජධානියේ හෝ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර දරණ සිසුන්ට කඩිනමින් තම රටෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා එයාර්ලයින්ස් දන්වා සිටියි.

13:45 කොවිඩ්-19 වැළඳුණු රෝගීන් තිදෙනෙක් සුවය ලබා තිබේ. දැන් සුවවූවන්ගේ සංඛ්‍යාව 139 කි.

අප්‍රේල් 29, බදාදා

21:35 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කර රාත්‍රී 8ට නැවත පනවනු ලැබේ. සඳුදා (මැයි 4) අලුයම 5 දක්වා මෙය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

21:06 නව COVID-19 රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව, දැනට ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 484 කි. තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, සුවවූවන්ගේ සංඛ්‍යාව දැන් 136 කි. මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 630කි.

14:00 නව COVID-19 ආසාදිතයන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් දැනට ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇත.

10:30 කොළඹ මැනින් වෙළඳපොළේ අද වෙළඳාම් කටයුතු ආරම්භ විය. කොවිඩ්-19 හේතුවෙන් සති දෙකක් වසා දමා තිබූ මෙය ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රියාකාරීන් විසින් විෂබීජහරණය කිරීමෙන් පසුව විවෘත කරන ලදී.

අප්‍රේල් 28, අඟහරුවාදා

20:34 තවත් කොවිඩ්-19 ආසාදිතයන් 15 දෙනෙකු හමුවිය. දැන් සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 470ක් වන අතර, අද දිනට වාර්තා වීම් 23කි.

17:23 නව කොවිඩ්-19 ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් පස් දෙනෙකු නාවික හමුදා නිලධාරීන් වන අතර, තිදෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින්නන් ය.

15:00 රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින්, සෞඛ්‍ය බලධාරීන් නිවාස පරීක්ෂා කරද්දී නිවැසියන්ගේ දර්ශන රූගත කිරීමෙන් වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ ය.

14:00 ආසාදිතයන් 8 දෙනෙක් සුවය ලැබී ය. ඒ අනුව සුව වූවන්ගේ මුළු සංඛ්‍යාව 134ක් බවට පත් විය.

10:05 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගැබිණි මව්වරුන් වෙත නව උපදෙස් මාලාවක් නිකුත් කළා.

උණ, ලේ වහනය, දැඩි හිස කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුතාව, දෘෂ්ඨි සංකූලතා, ඇදුම, පපුව / උදර වේදනාව, කළලයේ චලනයන් අඩුවීම, සිරුර ඉදිමීම හෝ වෙනත් දරුණු අපහසුතාවයක් ඇති වුවහොත් වහාම රෝහල් ප්‍රතිකාර ලබා ගත යුතු ය.
මාතෘ සායනයන්හි තදබදය අඩු කරගන්නට කටයුතු යොදාගත යුතු ය.

අප්‍රේල් 27, සඳුදා

21:52 නව COVID-19 ආසාදිතයන් සිව් දෙනෙක් හඳුනාගෙන ඇත. අද දිනට නව ආසාදිතයන් ගණන 61 කි. මුළු ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 451 දක්වා ඉහළ යයි.

19:00 හමුදා කඳවුරු සහ කඳවුරු වල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර ඇත. එය මෙහෙයවනු ලබන්නේ ගුවන් හමුදා මාෂල් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක විසිනි.

18:15 යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මේ වන විට නාවික හමුදා නිලධාරීන් 180 දෙනෙකු ආසාදිතයන් බවයි. මිහින්තලේ සහ බූස්ස ප්‍රදේශවල නාවික පවුල් 58ක් නිරෝධානයට.

අප්‍රේල් 26, ඉරිදා

20:00 ත්‍රිවිධ හමුදා භටයන් ඔවුන්ගේ කඳවුරුවලට නැවත පැමිණීම පහසු කිරීම සඳහා දිවයිනේ සමහර ප්‍රදේශවල හෙට අලුයම 5ට ඉවත් කිරීමට තිබූ ඇඳිරි නීතිය අඛණ්ඩව බලපැවැත්වේ.

එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 28 වන අඟහරුවාදා අලුයම 5 ට ඉවත් කර එදිනම රාත්‍රී 8 ට නැවත ක්‍රියාත්මක කෙරේ.

15:30 මී උණ ලෙස හැඳින්වෙන ලෙප්ටොස්පයිරෝසිස් රෝගය හේතුවෙන් කොළඹ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත විය. ඔහු කොවිඩ්-19 ආසාදිතයකු නොවුණ ද වැලිසර නාවික කඳවුරෙහි පවතින තත්ත්වය හේතුවෙන් ඔහුගේ සිරුර විශේෂ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද යටතේ ආදාහනය කෙරේ.

අප්‍රේල් 25, සෙනසුරාදා

18:30 නව COVID-19 රෝගීන් 13ක් වාර්තා විය. 13 දෙනාගෙන් හත්දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේත්, එක් අයෙක් කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකුත්, සිව්දෙනෙකු වැලිසර නාවික කඳවුරේත්, තවත් එක් අයෙක් මොණරාගල රෝහලෙන් වාර්තා වූවෙකුත් වේ. 118 දෙනෙකු සුවය ලබා ඇති අතර 237ක් මේ වන විට ප්‍රතිකාර ලබමිනි සිටී.

18:15 ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිවසින් පිටවීම සඳහා ජාතික හැඳුනුම්පත්වල අවසාන ඉලක්කම් මත පදනම්ව නව ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව,

1 සහ 2 සඳහා සඳුදා,

3 සහ 4 සඳහා අඟහරුවාදා,

5 සහ 6 සඳහා බදාදා

7 සහ 8 සඳහා බ්‍රහස්පතින්දා, සහ

9 සහ 0 සිකුරාදා

නිවසින් බැහැරව යාමට අවසර දෙනු ලැබේ.

18:04 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 4 වන දා දක්වා දීර්ඝ කර තිබේ. අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන දින අලුයම 5 ට ඉවත් කර එදින රාත්‍රී 8ට නැවත ක්‍රියාත්මක කෙරේ. මෙම ක්‍රියා පටිපාටිය මැයි 1 වන දා දක්වා පවතින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.

12:36 කොවිඩ්-19 රෝගීන් 7 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. සුවය ලැබූ මුළු සංඛ්‍යාව 116ක් බවට පත් විය.

01:25 කොළඹ ඇතුළු සියලුම අවදානම් කලාපවලට පැනවූ ඇඳිරි නීතිය සඳුදා (27) අලුයම 5 ට ඉවත් කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ද සඳුදා අලුයම 5ට ඉවත් කෙරේ.

වැඩිදුර දැනුම් දෙනතුරු කොළඹ, කළුතර, ගම්පහ, සහ පුත්තලම දිස්ත්‍රික්කවල සහ ඉන් පිටත සංචාරය කිරීමට ඉඩ නොදේ.

අප්‍රේල් 24, සිකුරාදා

10:45 කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 1,142ක් ඊයේ (අප්‍රේල් 23) සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එක් දිනක් තුළ සිදු කරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව මෙයයි.

07:18 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජසිංහ මහතා පවසන්නේ PCR පරීක්ෂාවට ලක් කළ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 530ක්ම කොවිඩ්-19 නොවැළඳුණු අය බව යි.

අප්‍රේල් 23, බ්‍රහස්පතින්දා

21:39 වැලිසර නාවික කඳවුර හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නිරෝධායන රාජකාරියෙන් පසු පසුගිය දින කිහිපය තුළ නිවාඩු ලබා සිටි සියලුම නාවික හමුදා නිලධාරීන්ට PCR පරීක්ෂණ සඳහා වහාම වාර්තා කරන ලෙස ඉල්ලා ඇත.

13:45 පෞද්ගලික රෝහල්වල සහාය ඇතිව කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දිනකට PCR පරීක්ෂණ 1,000 කට අධික ප්‍රමාණයක් සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

14:00 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ කණ්ඩායම විසින් මෙරට ප්‍රථම වරට SARS-CoV2 (කොවිඩ්-19) වෛරසයේ ජාන කේතය සාර්ථකව අනුපිළිවෙලට සකස් කරන්නට සමත් විය. වෛරසයේ පරිණාමය නිරීක්ෂණය කරන ජාත්‍යන්තර විවෘත මූලාශ්‍ර ව්‍යාපෘතියක් වන නෙක්ස්ට්ස්ට්‍රේන් (Nextstrain) සමග ද මෙම දත්ත බෙදාගෙන ඇත.

අප්‍රේල් 22, බදාදා

17:40 පොළොන්නරුව රෝහලේ රෝගියෙකු කොවිඩ්-19 ආසාදිතයකු බව වාර්තා විය.

12:40 කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලැබූ අතර, දැන් සුවය ලැබූ මුළු ගණන 104කි.

අප්‍රේල් 21, අඟහරුවාදා

18:02 වරකාපොළින් එක් කොවිඩ්-19 ආසාදිතයකු හමු විය.

අප්‍රේල් 20, සඳුදා

09:55 නව කොවිඩ්-19 ආසාදිතයන් 24 දෙනෙකු හමුවිය. සියල්ලෝම කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටි අය යි.

අප්‍රේල් 19

ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන කාලය තුළ එම පෙදෙස්හි සුරාසැල් විවෘත කෙරෙන බව රජය කියා සිටියා.

දුම්රිය ගමනාගමනය නැවත ඇරඹීම පිළිබඳ රජය දන්වා සිටියා. මේ අනුව වාර ප්‍රවේශපත් ඇති මඟීන්ට පමණක් දුම්රිය සේවය ඇරඹුණ පසු මුල් දිනවල ගමන් කළ හැකියි.

අප්‍රේල් 18

ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ රජය නිවේදනය කළා. මේ අනුව අවදානම් නොවන කලාපවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන දා සිට දිවා කාලයේ ලිහිල් කෙරෙනවා.

අප්‍රේල් 17

පසුගිය පැය 24 ක් තුළ කිසිදු නව ආසාදිතයකු වාර්තා නොවූ බව අද උදෑසන වන විට ප්‍රකාශ වුණා.

සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගියේයැ යි පසුව නිවේදනය කරනු ලැබුණා.

අප්‍රේල් 15

මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගියා.

දැනට පවතින සීමා කිරීම් ඉවත් කෙරෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් මත පමණකැ යි COVID-19 පිළිබඳ ජනාධිපති කාර්යය සාධන බලකාය කියා සිටියා.

අප්‍රේල් 14

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මඟී ගුවන් ගමන් අත් හිටුවීම අප්‍රේල් 30 තෙක් දීර්ඝ කෙරුණා.

මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගියා.

අප්‍රේල් 13

මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 217 තෙක් ඉහළ ගියා.

අප්‍රේල් 12

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගියා.

විශ්වවිද්‍යාල මැයි 4 වන දා සිට අදියර තුනකින් විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියා.

මාස 4ක් වයසැති ලංකාවේ මෙතෙක් වාර්තා වූ ලාබාලම ආසාදිතයා වූ ළදරුවා සම්පූර්ණ සුවය ලබා ඇතැ යි වාර්තා වුණා.

අප්‍රේල් 11

COVID-19 රෝගීන් හත් දෙනෙකු අලුතින් සොයාගත් බව නිවේදනය කෙරුණා. අද දිනය තුළ ඊට තවත් රෝගියකු එක් වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 198ක්.

අප්‍රේල් 14 වන දා දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය පැය අටකට ඉවත් කිරීමේ තීරණය වෙනස් කෙරුණා. ඒ අනුව එම ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 16 උදේ 6.00 සිට සවස 4.00 තෙක් ඉවත් කෙරෙනවා.

පාසැල් අරඹන දිනය මැයි 11ට කල් දමා තිබෙනවා.

අප්‍රේල් 10

මෙරට තුළ තවත් COVID-19 රෝගීන් පස් දෙනකු සුවය ලැබුවා. අලුතින් රෝගීන් වාර්තා වූ බවක් අද නිවේදනය කෙරුණේ නැහැ.

අප්‍රේල් 9

අවදානම් දිස්ත්‍රික්ක නොවන දිස්ත්‍රික්ක 19ට (රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයන් හැර​) ඇඳිරි නීතිය පැය අටක් සඳහා ඉවත් කෙරුණා

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගියා.

ස්වයං නිරෝධායන උපදෙස් නොතැකූ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ 28 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යැවීමට නාවික හමුදාව කටයුතු කළා.

අප්‍රේල් 8

මෙරට 7 වන COVID19 මරණය වාර්තා වුණා. ඒ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි අයෙක්.

අප්‍රේල් 7

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ හය වන කොරෝනාවෛරස සම්බන්ධ මරණය අද වාර්තා වුණා.

මෙරට COVID-19 ආසාදනය වූ ගණන 185 තෙක් ඉහළ ගියා.

ඇඳිරි නීතිය සමයේ ද ආයුර්වේද රෝහල් විවෘතව තැබීමට රජය තීරණය කළා.

අගමැති මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් COVID-19 වසංගතය පිළිබඳ රජයේ වැඩ කටයුතු පිළිබඳ සඳහන් කළා.

අප්‍රේල් 6

අවදානම් කලාප ලෙස නොසලකන දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා පැය අටක් සඳහා ඉවත් කෙරෙන බව රජය කියා සිටියා.

මෙරටින් වාර්තා වූ කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව 178 තෙක් ඉහළ ගියා.

කොරෝනාවෛරසය ආසාදනය වූ මෙරට තවත් 5 දෙනෙකු සුව වූයේයැ යි වාර්තා වුණා.

අප්‍රේල් 5

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරවී සිටින්නන්ට සිය ගම් බලා යාමට ක්‍රමවේදයක් සකසන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක ප්‍රකාශ කළා.

නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක කාලය නිමවා නිවෙස් බලා ගිය අය තවත් දින 14ක් නිරෝධායනය වන ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දින තුළ 175 දක්වා ඉහළ ගියා.

අප්‍රේල් 4

මෙරටින් වාර්තා වූ පස්වන කොරෝනා ආසාදිත මරණකරු පිළිබඳ අද උදෑසන නිවේදනය කෙරුණා.

මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගිය බව අද සවස නිවේදනය කෙරුණා. රාත්‍රී 10.30ට පමණ රජය නිවේදනය කළේ එම සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගිය බව යි.

අප්‍රේල් 3

බිල්පත් ගෙවීම පමා වීම හේතුවෙන් දුරකථන සබඳතා විසන්ධි නොකරන ලෙසත් අප්‍රේල් මස අවසානය දක්වා පාරිභෝගිකයන් වෙත සහන කාලයක් ලබාදෙන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියළු සේවා සපයන්නන් වෙතින් ඉල්ලා සිටියා.

මෙරටින් වාර්තා වූ COVID19 ආසාදිතයින් සංඛ්‍යාව 156 තෙක් ඉහළ ගියා.

අප්‍රේල් 2

මෙරටින් හමුවූ COVID19 ආසාදිත සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගිය බව අද උදෑසන රජය කියා සිටියා. සවස් වරුවේ රජය නිවේදනය කළේ එම සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගිය බව යි.

COVID19 මරණකරුවන්ගේ අවසන් කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව කෙරෙන බව ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවා.

ශ්‍රී ලංකාවේ සිව් වන COVID19 මරණය වාර්තා වුණා. ඒ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි අයෙක්.

අප්‍රේල් 1

ඊයේ රාත්‍රියේ තවත් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙරට ආසාදිත සංඛ්‍යාව 143ක් වී තිබුණා. අද සවස 5.25ට රජය නිවේදනය කළේ තවත් ආසාදිතයින් තිදෙනෙකු තහවුරු වූ බව යි.

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ සියළු වර්ගයන්ට අයත් වීසාවල වලංගු කාලය මැයි 12 දක්වා දීර්ඝ කරන බව රජය නිවේදනය කළා.

COVID19 මැඩලීමට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ අඩුපාඩු පිළිබඳ හුවා දක්වන අසත්‍ය හා ද්වේශ සහගත පළකිරීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අප්‍රේල් 8 සිට අප්‍රේල් 21 දක්වා වන සියළු ගුවන් ගමන් අත්හිටුවන බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ තුන්වන COVID19 මරණය වාර්තා වුණා. ඒ මරදාන ප්‍රදේශයේ 72 හැවිරිදි අයෙක්.

මාර්තු 31

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙන බව අද සවස රජය නිවේදනය කළා.

රාත්‍රී 8ට පමණ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ තවත් දස දෙනෙකු ආසාදිත බව තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ථ COVID19 ආසාදිතයන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගිය බව යි.

මාර්තු 30

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආමාත්‍යංශය අද සවස සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ දෙවන #COVID19 මරණය වාර්තා වුණා. ඔහු පුද්ගලික රෝහලක සිට අද දින මීගමුව රෝහල වෙත මාරු කළ​ අයෙකු බව රජය නිවේදනය කළා. ඔහු මීගමුව කොච්චිකඩේ  ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි අයෙක්. කොරෝනාවෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු කර ගෙන ඇත්තේ ද අද දින යි.

මාර්තු 29

ඇතැම් දිස්ත්‍රික්කවල හෙට උදේ 6 සිට දහවල් 2 තෙක් ඇඳිරි නීතිය ඉවත් කරන බව රජය ප්‍රකාශ කළා. බස්නාහිර පළාතේත්, යාපනය, පුත්තලම හා මහනුවර දිස්ත්‍රික්කවලත් ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වනවා.  මේ අතර අටලුගම හා අකුරණ සම්පූර්ණයෙන් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන ලබන බව රජය නිවේදනය කළා.

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා.

මාර්තු 28

ශ්‍රී ලංකාවේ COVID19 ආසාදිතයින් සංඛ්‍යාව අද සවස වෙද්දී 110 දක්වා ඉහළ ගියා.

COVID19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මරණය වාර්තා වූ බව රාත්‍රී 8ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මියගිය තැනැත්තා IDH හි ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 60ක් වන, මාරවිල ප්‍රදේශයේ අයෙක්.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව​ 113 දක්වා ඉහළ ගිය බව රාත්‍රී 9.45ට පමණ රජය නිවේදනය කළා.

මාර්තු 27

ස්විස්ටර්ලන්තයේ වාසය කළ​ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු #COVID19 ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇතැ යි විදේශ අමාත්‍යාංශය පැවසුවා.

රාජ්‍ය ඔසුසැල් හැර අනෙකුත් සියලු ඔසුසැල්  සහ සිල්ලර වෙළෙදසැල් වසා තැබීමට රජය තීරණය කළා. ඒ, ඇඳිරි නීතිය කඩමින් සැරිසරන පුද්ගලයන් පාලනය කිරීමේ අරමුණින්.

මාර්තු 26

යාපනය දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය කලින් සැලසුම් කළ පරිදි සිකුරාදා උදේ 6 සිට 12 තෙක් ඉවත් නොකෙරෙන බව රජය කියා සිටියා. එම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක බව යි සඳහන් කෙරුණේ.

මාර්තු 30 – අප්‍රේල් 3 අතර දින, නිවසේ සිට රාජකාරි කරන දින ලෙස රජය විසින් ප්‍රකාශ කෙරුණා.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව​ 104 දක්වා ඉහළ ගියා.

මාර්තු 25

කොළඹ​, ගම්පහ​, කළුතර දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම බල පවත්වන බව රජය පැවසුවා. පුත්තලම දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ ඇඳිරි නීතිය සිකුරාදා (27) උදේ 6 සිට දහවල් 12 තෙක් ඉවත් කෙරෙන බව ද සඳහන් කෙරුණා.

මාර්තු 24

නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසු කන්දකාඩු (108 ක්) සහ පූනානි (203 ක්) නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 311 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගියා.

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් COVID19 අවදානම් කලාප ලෙස හඳුනා ගැනීමත් සමග එම දිස්ත්‍රික්කයන්ට  නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

සවස 2.45 වන විට ශ්‍රී ලංකාවේ COVID19 ආසාදිතයින් සංඛ්‍යාව 100ක් වුණා.

මාර්තු 23

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ යන දිස්ත්‍රික්ක අටෙහි හැර ඉතිරි දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද උදේ 6ට ඉවත් කෙරුණා. එය නැවත දහවල් 2ට පණවන ලද අතර බ්‍රහස්පතින්දා උදෑසන 6 තෙක් බලපැවැත්වෙන බව නිවේදනය කෙරුණා.

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ සඳහා ඇඳිරි නීතිය හෙට උදේ 6 සිට මධ්‍යහ්නය තෙක් ඉවත් කෙරෙන බවත් යළිත් හෙට මධ්‍යහ්නයේ සිට සිකුරාදා උදේ 6 දක්වා බල පැවැත්වෙන බවත් නිවේදනය කෙරුණා.

COVID-19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

COVID-19 ආසාදිත බව තහවුරු වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව අද දිනය තුළ තවත් ඉහළ ගියා. උදෑසන නිකුත් වූ නිවේදනයකින් කියැවුණේ ආසාදිතයින් සංඛ්‍යාව 86ක් වූ බවයි. සවස් වනවිට එම සංඛ්‍යාව 91ක් වුණා. රාත්‍රී 10ට පමණ නිකුත් කළ නිවේදනයකට අනුව ආසාදිතයින් ගණන 93 දක්වා ඉහළ ගොස් තිබුණා. එහෙත් එම සංඛ්‍යාව 97ක් බව එයින් සුළු වෙලාවකට පසු ප්‍රකාශ කෙරුණා.

මාර්තු 22

මාර්තු 20 සවස 6 සිට අද (22) උදෑසන 9 වනවිට​, ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 338 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

පෙබරවාරි මාසයේ විදුලි බිල ගෙවීමට මාර්තු මාසය අවසානය තෙක් කල් ලබා දෙන බව බලශක්ති ඇමතිවරයා ප්‍රකාශ කළා.

සියලුම මඟී ගුවන්‍ යානා සහ මඟී නැව් රට තුළට ඇතුළු වීම තහනම් කරනු ලැබුණා.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ ඇදිරි නීතිය අඟහරුවාදා පෙරවරු 6.00 දක්වා දීර්ඝ කෙරුණා.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව​ 82 දක්වා ඉහළ ගිය බව සවස 5.25ට නිකුත් කළ නිවේදනයකින් ප්‍රකාශ කෙරුණා.

මාර්තු 21

හෝමාගම​ මූලික රෝහල  #COVID19 සඳහා ප්‍රතිකාර කිරීමේ  රෝහලක් බවට පරිවර්තනය​ කෙරේ. ඒ අනුව, දින දෙකක් තුළ එහි සිටින රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කර​ කොරෝනා රෝගීන් පමණක් එයට ඇතුළත් කරගනු ඇත.

කොළඹ​, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කයන් සඳහා ඇඳිරි නීතිය අඟහරුවාදා (24) උදෑසන 6 තෙක් දිගු කෙරේ. එදිනම සවස 2ට එම දිස්ත්‍රික්ක සඳහා යළි ඇඳිරි නීතිය යළි පැනවේ. අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා උදෑසන 6 න් අවසන්. එදිනම (23) සවස 2ට එම දිස්ත්‍රික්ක සඳහා යළි ඇඳිරි නීතිය පැනවේ. ඒ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඟහරුවාදා (24) උදේ 6න් අවසන්.

මහමැතිවරණය කල් තැබීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. මැතිවරණය මැයි 14 වනදායින් පසුව පැවැත්වෙන බව නිවේදනය කරනු ලැබුණා.

ශ්‍රී ලංකාවේ COVID19 ආසාදිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගියා.

මාර්තු 20

අද සවස 6 සිට සඳුදා උදෑසන 6 තෙක් රටපුරා ඇඳිරි නීතිය පණවන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන COVID19 ආසාදිතයින් සංඛ්‍යාව 65 තෙක් ඉහළ ගොස් ඇතැ යි නිවේදනය කෙරුණා.

සියලු අධිවේගී මාර්ග අද පස්වරු 4.00 සිට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. පසුව එම කාලය සවස 6 තෙක් දිගු කෙරුණා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා දිගටම එම මාර්ග භාවිතා කළ හැකියැ යි රජය සඳහන් කළා.

සියළු තැපැල් සේවා අත්හිටුවීමට රජය තීරණය කළා.

ශ්‍රී ලංකාවේ COVID19 ආසාදිතයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගියා.

තම රෝග ලක්ෂණ වසන් කර වෙනත් රෝගයක්යැ යි කියමින්, රාගම රෝහලට ඇතුළු වූ පුද්ගලයකුට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කළා. මොහු COVID19 ආසාදිතයකු බව තහවුරුව තිබෙනවා.

මාර්තු 19

පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ පොලිස් වසමට බල පැවැත්වූ පොලිස් ඇඳිරි නීතිය උදේ අටට ඉවත් කෙරුණා. එය යළි නැවත දැනුම් දෙනතුරු අද සවස 2 සිට ක්‍රියාත්මක යි.

මාර්තු 20 – 27 කාලය රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි කරන කාලයක් ලෙස රජය නිවේදනය කළා.

මහමැතිවරණය අප්‍රේල් 25 පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. එය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය මාර්තු 25 වනදා යි.

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගිය බව සවස 3.45ට පමණ නිවේදනය කෙරුණා. ඉන් ස්වල්ප වෙලාවකට පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේ එම සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගිය බව යි.

වත්තල සහ ජා ඇල පොලිස් වසම්වල අද රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුණා.

මාර්තු 18

ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ වීසා වලංගු කාලය අප්‍රේල් 12 තෙක් දිගු කෙරුණා.

පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ පොලිස් වසමට සවස 4.30 සිට පොලිස් ඇඳිරිනීතිය පනවන බව නිවේදනය කෙරුණා.

ශ්‍රී ලංකාවේ COVID19 ආසාදිතයින් අට දෙනෙකු සොයාගත් බව රජය පැවසුවා. මේ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 51 යි.

ඉතා දැඩි කොන්දේසි යටතේ පුද්ගලික රෝහල්වලට ද සඳහා පරික්ෂා කිරීමේ ඉඩ ලබාදෙනු ලැබුණා. ඔවුන්ට පරික්ෂණයට ලක් කළ හැක්කේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය පමණයි.

මාර්තු 17

දියතලාවේ පිහිටි යුධ හමුදාවට අයත් නිවාඩු බංගලා සියල්ල නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කර ඇතැ යි නිවේදනය කෙරුණා. වන්නි ආරක්ෂක මූලස්ථානයට අයත් ගොඩනැගිලි පහක් ද නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කෙරෙන්නේයැ යි ද ප්‍රකාශ කෙරුණා.

කටාර්, බහරේන් සහ කැනඩාව යන රටවලින් පැමිණෙන්නන්ට ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය අද දහවල් පැවසුවා.

පවත්නා COVID19 වසංගත තත්ත්වය හේතුවෙන් මහමැතිවරණය කල් තබන ලෙස PAFFREL සංවිධානය​ සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) අද දින ඉල්ලීම් කළා.

රටම නිරෝධායනය කිරීමක් අවශ්‍ය නොවන බවත්, තත්ත්වය පාලනය කළ හැකි බවත්, කොරෝනා මර්ධන කටයුතු ජනාධිපති කර්ය සාධන බලකාය හමුවූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවා.

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් ගමන් සති දෙකකට නවත්වනු ලැබුණා.

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන COVID19 ආසාදිතයින් සංඛ්‍යාව 34 තෙක් ඉහළ ගොස් ඇතැ යි සෞඛ්‍ය ඇමැතිණී පවිත්‍රා වන්නිආරච්චි අද සවස​ සඳහන් කළා. තවත් ආසාදිතයින් 9 දෙනෙකු සොයාගැනීමත් සමග මෙම සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගියේයැ යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රී 7.30ට පමණ නිවේදනය කළා.

මාර්තු 16

පවතින COVID19 අවදානම හේතුවෙන් අත්‍යවශ්‍ය කරුණකට මිස, කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත නොපැමිණෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත වූ සියළු විභාග දින නියමයක් නොමැතිව කල් දමන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

අප්‍රේල් 25 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නැතැ යි මැ. කො. සභාපති කියා සිටියා.

වැළඳුණ බවට සනාථ වූ මෙරටින් හමුවූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගිය බව​ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි අයකුට COVID19 ආසාදනය වී ඇතැ යි තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කළා. මේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID19 වැළඳුන 22 වන රෝගියා යි.

අත්‍යවශ්‍යම කරුණකදී හැර​, හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට (17) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන බව නිවේදනය කෙරුණා.

මාර්තු 17 සිට 20 දක්වා රට තුළ අධිකරණ කටයුතු සිදු නොවන බවත්, එම දින තුළ පැවැත්වීමට නියමිතව තිබූ නඩු කටයුතු සඳහා නව දින නිකුත් කිරීම අප්‍රේල් මුල දී කෙරෙන බවත් අධිකරණ සේවා කොමිෂන් සභාව නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ COVID19 ආසාදිතයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රියේ දී නිකුත් කළ නිවේදනයකින් කියැවුණා.

මාර්තු 17, 18, 19 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කරනු ලැබුණා.

මාර්තු 15

COVID-19 ආසාදන අවදානම හේතුවෙන් වන්දනා ගමන් නොයන ලෙස බුද්ධ සාසන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මහ මැතිවරණය සඳහා ඇප මුදල් හෙට බාර නොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා. එදින රජයේ නිවාඩු දිනයක් වීම ඊට හේතුව යි. එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය මාර්තු 17 මධ්‍යම රාත්‍රිය තෙක් දිගු කෙරුණා.

පිරිස් එකතුවන ලෙස කෙරෙන ජුම්මා යාඥා සහ මුස්ලිම් පල්ලිවල කෙරෙන දිනපතා යාඥාවන් අත් හිටවන ලෙස සමස්ථ ලංකා ජමියතුල්ලා උලේමා සංවිධානය ඉල්ලා සිටියා.

ප්‍රංශය, ජර්මනිය, ඩෙන්මාර්කය, රුසියාව, ස්වීඩනය ආදී රටවල් 11කින් පැමිණෙන්නන් දින 14ක් නිරෝධායනය කෙරෙන බව නිවේදනය කෙරුණා.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල සති දෙකකට වසා දමනු ලැබුවා.

මාර්තු 16 රාත්‍රියේ සිට එක්සත් රාජධානිය, බෙල්ජියම හා නෝර්වේ සිට පැමිණෙන සියළු ගුවන් ගමන් සති දෙකකට තහනම් කරන බව නිවේදනය කෙරුණා.

COVID-19 පිළිබඳ ජනාධිපති කාර්යය සාධන බලකාය හා ජනතාවට සම්බන්ධ විය හැකි හදිසි ඇමතුම් අංකයක් (117) හඳුන්වා දෙනු ලැබුණා.

ශ්‍රීලංකාවෙන් වාර්තා වූ 11 වන COVID-19 ආසාදිතයා හඳුනා ගැනුණා.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් හත් දෙනකුට COVID-19 ආසාදනය වී ඇතැ යි තහවුරු වුණා. මෙයින් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගියා.  

මාර්තු 14

අටවන COVID-19 ආසාදිතයා ද තහවුරු වූ බව වාර්තා වුණා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී සොයාගත් ඔහු 42 හැවිරිදි අයෙක්.

දෙහිවල සතුන් වත්ත, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සතුන් වත්ත හා රිදියාගම සෆාරි උද්‍යානය මාර්තු 15 සිට සති දෙකක් වසා තබන බව නිවේදනය කෙරුණා.

COVID-19 ආසාදිත නව වැන්නා සහ දස වැන්නා ද ශ්‍රී ලංකාවෙන් හමු වුණා. ඒ 56 හැවිරිදි කාන්තාවක් හා 17 හැවිරිදි ගැහැණු දරුවෙක්. මෙම දරුවා කලින් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ අයකුගේ පවුලේ අයකු බවයි කියවුණේ.

කොළඹ දියෝකිසයේ හා හලාවත දියෝකිසයේ සියළු කතෝලික පල්ලිවල ඉරිදා දේව මෙහෙය අත් හිටුවීමට තීරණය කෙරුණා.

මාර්තු 16 වනදා ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මාර්තු 13

ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව යන රටවලින් මෙරටට පැමිණීම සති දෙකකට තහනම් කෙරුණා.

ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාව යන රටවලින් පැමිණෙන්නන්ට මාර්තු 15 සිට 29 දක්වා මෙරටට ඇතුල් වීම තහනම් කරන බව නිවේදනය කෙරුණා.

ශ්‍රී ලංකාවේ තහවුරු වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 5 දෙනකු දක්වා ඉහළ ගියා. අලුතින් තහවුරු වූ දෙදෙනකු ඉතාලියේ සිට පැමිණි අය යි. අනෙක් තැනැත්තා ජර්මනියේ සිට පැමිණි අයෙක්.

මාර්තු 12

සෞදි අරාබිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් කිහිපයක වැසියන්ට එරටට පැමිණීම තහනම් කළා.

COVID-19 ආසාදනය වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවුණා. ඔහු 44 හැවිරිදි අයෙක්. එමෙන්ම පළමු ආසාදිතයා හා එකට නවාතැන් ගත් අයකු බව ද වාර්තා වුණා.

කොළඹ සියළු කතෝලික පාසැල් මාර්තු 26 තෙක් වසා තැබෙන බව නිවේදනය කෙරුණා.

මේ අතර රජයේ පාසැල් සියල්ල මාර්තු 13 සිට අප්‍රේල් 20 තෙක් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම කියා සිටියා.

COVID-19 පිළිබඳ ජනතාවට තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක දෙකක් රජය විසින් විවෘත කළා. ඒවා 0710107107 හා 0113071073 යි.

මාර්තු 11

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු COVID-19 ආසාදිතයා පිළිබඳ වාර්තා වුණා. ඔහු 52 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙක්. ඔහු ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බවයි කියවුණේ.

Cover Image: Black Press Media

Related Articles