Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල්

චීනයේ හුබේ පළාතේ වුහාන් ප්‍රදේශයෙන් 2019 වසරේ අගභාගයේ හඳුනා නොගත් මාරාන්තික උණ රෝගයක් වාර්තා වෙනවා. පසුව එය මිනිසාට මීට පෙර ද බලපෑම් එල්ල කර තිබෙන කොරෝනාවෛරස පවුලේ තවත් එක් හඳුනා නොගත් වෛරසයක් බවට චීන සෞඛ්‍ය අංශයන් විසින් ආනාවරණය කර ගන්නවා. 

2019 වසරේ දෙසැම්බර් මාසයේ හා 2020 වසරේ ජනවාරි මාසය වන විට නව කොරෝනාවෛරසය හෙවත් කොවිඩ් 19 චීනය පුරාම පැතිරුණු අතර ඉන් අනතුරුව එය ක්‍රම ක්‍රමයෙන් වෙනත් රටවල් කරා ද පැතිර යාම ආරම්භ වෙනවා. මේ වන විට කොවිඩ් 19 හෙවත් නව කොරෝනාවෛරසය ආසියා, යුරෝපා, ඕස්ට්‍රේලියා, අප්‍රිකා, උතුරු අමෙරිකා හා දකුණු ඇමෙරිකා යන මහද්වීප සියල්ලටම පැතිර ගොස් අවසන්. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි මේ වන විට වෛරසය රටාව 200කට වඩා වැඩි ප්‍රමාණයකට පැතිර ගොස් අවසන් 

මුලින්ම චීනය කේන්ද්‍රකරගෙන නව කොරෝනාවෛරසය පැතිර ගිය අතර අනතුරුව එහි කේන්ද්‍රය බවට පත්වන්නේ ඉතාලිය, ප්‍රංශය, හා ස්පාඤ්ඤය ප්‍රමුඛ යුරෝපය යි. පසුව ඇමෙරිකා එක්සත් ජනපදය වෛරසයේ කේන්ද්‍රය බවට පත්වෙන අතර එය නුදුරේ දී අප්‍රිකා මහාද්වීපය කරා ගමන් කළ හැකි බව ද විශ්ලේෂකයන් සඳහන් කරනවා.

අද (මැයි 9) වන විට ලෝකය පුරා වෛරසය ආසාධිත පුද්ගලයන් ගණන 4,012,837 හෝ ඊට වඩා වැඩිවිය හැකි බවත්, ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 276,216 හෝ ඊට වඩා වැඩි විය හැකි බවත් දැක්වෙනවා. ඉතින් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ මේ වන විට වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන රටවල් කිහිපය පිළිබඳව යි.

01. වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වෙන ඇමෙරිකා එක්සත් ජනපදය 

වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. (medscape)

මේ වන විට වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. 2020 ජනවාරි 23 වන දා එරට පළමු කොරෝනා ආසාධිත රෝගියා වාර්තා වෙනවා. මේ වන විට රටකින් වාර්තා වෙන වැඩිම අසාදිතයන් ප්‍රමාණය මෙන්ම වැඩිම මරණ ප්‍රමාණය ද වාර්තා වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. මේ වන විට ආසාදිතයන් ප්‍රමාණය 1,321,785ක් ලෙසත් මුළු මරණ ප්‍රමාණය 78,615ක් ලෙසත් වාර්තා වෙනවා. ආසාදිතයන් 340,705ක් වාර්තා වෙන, මරණ ප්‍රමාණය 26,585ක් ලෙස දැක්වෙන නිව් යෝර්ක් ප්‍රාන්තය කොරෝනා වෛරසයේ ප්‍රබලම ගොදුර බවට පත් වී තිබෙනවා.

02. යුරෝපයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන ස්පාඤ්ඤය 

යුරෝපයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන ස්පාඤ්ඤය (weforum)

මේ වන විට යුරෝපයේ වැඩිම ආසාදිත ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ස්පාඤ්ඤයෙන්. අද වන විට එම රටින් ආසාදිතයන් 260,117ක් වාර්තා වෙන අතර මරණ ප්‍රමාණය 26,299ක් ලෙස සඳහන් වෙනවා. ස්පාඤ්ඤයෙන් පළමු කොරෝනා අසාදිතයා වාර්තා වන්නේ 2020 ජනවාරි 31 වන දා යි. සෞඛ්‍ය සේවාවන්වලට දරා ගත නොහැකි වන සේ රෝගීන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මාර්තු 14 වන දා රට වසා දැමීමට එරට රජය කටයුතු කරනවා. සීග්‍රව වැඩි වූ රෝගීන් ප්‍රමාණය හා මරණ ප්‍රමාණය මාර්තු අග වන විට උපරිම මට්ටමට ළඟා වෙනවා. මේ වන විට එය ක්‍රමක්‍රමයෙන් අඩු වීම හේතුවෙන් රට වසා දැමීමේ නීති ක්‍රමයෙන් ලිහිල් කිරීමට එරට බලධාරීන් සුදානම් වෙනවා.

03. වැඩිම ආසාධිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන තෙවන රට – ඉතාලිය 

ඉතාලියේ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය එරට සෞඛ්‍ය අංශවලට දැරිය හැකි මට්ටම ද ඉක්මවා යනවා (aljazeera)

අද වන විට ඉතාලියේ වාර්තා වෙන අසාදිතයන් ප්‍රමාණය 217,185ක් ලෙස සඳහන් වෙන අතර, ඒ හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය 30,201ක් ලෙස සටහන් වී තිබෙනවා. 2020 වසරේ ජනවාරි 31 වන දා ඉතාලියේ ප්‍රථමවරට කොරෝනා අසාධිතයන් දෙදෙනෙක් හඳුනා ගන්නවා. රෝමයන් හඳුනාගන්නා ඔවුන් චීන ජාතික සංචාරකයන් දෙදෙනෙක්. ඉන් පසුව පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසය අවසන් වන තුරු රෝගීන් ප්‍රමාණය සීග්‍ර වර්ධනයක් දකින්න ලැබෙනවා. අප්‍රේල් මාසයේ මුල සිට මේ දක්වා රෝගීන් ප්‍රමාණය හා මරණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වීමක් දකින්න ලැබෙනවා. නමුත් මේ වන විටත් සැලකිය යුතු අඩු වීමක් දකින්න ලැබෙන්නේ නෑ. මාර්තු 21 වන දා සිට අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු සේවා ඉතාලිය විසින් නවත්වා තිබෙන අතර මෑතක සිට පවතින නීති රීති ක්‍රමයෙන් ලිහිල් කිරීමට එරට සූදානම් වෙනවා. 

04. දැනට යුරෝපයේ වැඩිම මරණ එක්සත් රාජධානියෙන් 

යුරෝපයේ වැඩිම මරණ එක්සත් රාජධානියෙන් (api.time)

කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් යුරෝපයේ වැඩිම මරණ ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී තිබෙන්නේ එක්සත් රාජධානියෙන්. මේ වන තුරු එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබෙන රෝගීන් ප්‍රමාණය 211,364ක්. ඒ හේතුවෙන් වාර්තා වී තිබෙන මරණ ප්‍රමාණය 31,241ක්. ජනවාරි මාසයේ අග භාගයේ දී එරට රෝගීන් වාර්තා වීම ආරම්භ වූ අතර මාර්තු මාසය මැද වන විට රෝගීන් වාර්තා වීම සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා, එය මේ වන විටත් ක්‍රමිකව අඩු වීමක් දකින්න ලැබෙන්නේ නෑ. වාර්තා වෙන මරණ ප්‍රමාණය නම් අප්‍රේල් මාසයේ අග සිට අඩු වීමක් දකින්න පුළුවන්.

05. රුසියාව හා ප්‍රංශය 

ආසාධිත රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව මරණ ප්‍රමාණය අවම මට්ටමක පවත්වා ගැනීමට රුසියාව සමත්ව තිබෙනවා (aljazeera.com)

රුසියාවේ මේ වන විට වාර්තා වෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 187,859ක් ලෙස සටහන් වන අතර ආසාදිත රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව මරණ ප්‍රමාණය අවම මට්ටමක පවත්වා ගැනීමට එරට රජය සමත් ව තිබෙනවා. දැනට එහි මරණ ප්‍රමාණය ලෙස සටහන් වන්නේ 1,723ක්. 2020 වසරේ ජනවාරි 31 වන දා යි එරට පළමු රෝගියා වාර්තා වෙන්නේ. මාර්තු මාසයේ අවසානයේ සිට රෝගීන් ප්‍රමාණය ඉහළ යාම ආරම්භ වෙන අතර එය අඩු වීමක් තවම දකින්න ලැබෙන්නේ නෑ. නමුත් මරණ ප්‍රමාණය ක්‍රමික අඩුවීමක් දකින්න පුළුවන්.

ප්‍රංශයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 176,079ක් වාර්තා වෙන අතර මරණ ප්‍රමාණය 26,230ක් ලෙස සටහන් වෙනවා. ප්‍රංශයේ පළමු කොරෝනාවෛරස ආසාදිතයා වාර්තා වෙන්නේ පසුගිය ජනවාරි 24 වන දා යි. වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට අඩු වීමක් දකින්න ලැබෙන අතර මරණ ප්‍රමාණයේ ද අඩු වීමක් මේ වන විට වාර්තා වෙනවා. 

කවරයේ පින්තූරය - api.time

මූලාශ්‍රයයන් - 

Worldometers.info

Statista.com

Related Articles