Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු ඇමරිකාවේ කොරෝනා තත්ත්වයේ නවතම තොරතුරු

පසුගිය වසරේ අග භාගයේ චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය තවමත් මර්දනය කර අවසන් නැහැ. සමහර රටවල් තුළ තවමත් දරුණු ආකාරයට පැතිරී යන කොරෝනා වසංගතයට අද වන විට මිලියන 30කට වැඩි පිරිසක් ගොදුරු වී තිබෙනවා. ඒ අතරින් මිලියනයකට ආසන්න ප්‍රමාණයකට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. වර්තමානය වන විට කොරෝනා වසංගතය වඩාත් දරුණු ලෙසින් පැතිර යන කලාප කිහිපය අතරට දකුණු ඇමරිකානු කලාපයත් අයත් වනවා. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට එම කලාපයෙන් වාර්තා වී තිබුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 72 ඉක්මවා තිබුණා. එසේම වාර්තා වුණු මරණ ප්‍රමාණය 232,000 ඉක්මවා තිබුණා.

අවසන් මාසය තුළ ආසාදිතයන් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක්  

දකුණු ඇමරිකානු රටකින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ පෙබරවාරි 25 වැනිදා යි. කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේ වැසියෙකුට යි. බ්‍රසීලයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී දින 38ක් ගතවන විට කලාපයේ සෑම රටකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු කලාපයේ රටවල් 7ක කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා තිබුණා. එසේම අවසන් මාසය ඇතුළත දකුණු ඇමරිකානු කලාපයෙන් කොරෝනා රෝගීන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. ඉන් පැහැදිලි වන්නේ වසංගතය තවමත් දකුණු ඇමරිකානු කලාපය තුළ පැතිර යන බව යි.

ආජන්ටිනාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

අවසන් මාසය තුළ 50000කට ආසන්න මරණ ප්‍රමාණයක්  

දකුණු ඇමරිකානු කලාපයෙන් මුල්ම කොරෝනා මරණය වාර්තා වුණේ මාර්තු 7 වැනිදා යි. ආජන්ටිනා ජාතිකයෙකු එලෙස මරණයට ගොදුරු වී තිබුණා. ඉන් අනතුරුව දකුණු ඇමරිකානු කලාපය තුළ කොරෝනා තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වන ආකාරය දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලය වුණේ කොරෝනා වසංගතයට ගොදුරු වීම නිසා මියගිය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම යි. මුල් මාස කිහිපය තුළ බ්‍රසීලයෙන් පමණක් මරණ අධික ප්‍රමාණයක් වාර්තා වුණත් පසුව පේරු, චිලී, ආජන්ටිනාව, කොලොම්බියාව වැනි රටවල්වලින් ද අධික මරණ ප්‍රමාණයක් වාර්තා වුණා. 

පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකාවෙන් කොරෝනා මරණ 232,239ක් වාර්තා වී තිබුණා. ඉන් මරණ 50000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ ගෙවුණු මාසය තුළ යි. එසේම පසුගිය මාසය තුළ දකුණු ඇමරිකා මහද්වීපය කොරෝනා මරණවලින් යුරෝපා මහද්වීපය පසුකර ගියා. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට එක් එක් මහද්වීපය තුළින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණයන් පහත දක්වා තිබෙනවා.

1) උතුරු ඇමරිකා මහද්වීපය- 293,637

2) දකුණු ඇමරිකා මහද්වීපය- 232,239

3) යුරෝපා මහද්වීපය- 214,231

4) ආසියා මහද්වීපය- 169,887

5) අප්‍රිකා මහද්වීපය- 33,294

6) ඕස්ට්‍රේලියා මහද්විපය- 859

ඇමරිකාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

බ්‍රසීලයෙන් ආසාදිතයන් ලක්ෂ 44ක් 

පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු කලාපයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ලක්ෂ 72ක අතුරින් ලක්ෂ 44ක් බ්‍රසීලය තුළින් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය යි.

බ්‍රසීලය- 4,419,083

පේරු- 738,020

කොළොම්බියාව- 736,377

ආජන්ටිනාව- 577,338

චිලී- 439,287

බොලිවියාව- 128,286

ඉක්වදෝරය- 121,525

වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයත් බ්‍රසීලයෙන් 

පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු කලාපයෙන් කොරෝනා රෝගීන් 7,269,887ක් වාර්තා වී තිබුණා. එලෙස වාර්තා වුණු රෝගීන් අතුරින් 232,239ක් මරණයට පත්ව තිබුණා. එහි දී වැඩිම මරණ ප්‍රමාණයක් බ්‍රසීලයෙන් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය යි.

බ්‍රසීලය- මරණ 134,106

පේරු- මරණ 30,927

කොළොම්බියාව- මරණ 23,478

චිලී- මරණ 12,058

ආජන්ටිනාව- මරණ 11,910

ඉක්වදෝරය- මරණ 10,996

බොලිවියාව- මරණ 7,447

මියගිය රෝගියෙක් (gettyimages)

ආසාදිතයන් ලක්ෂ 60කට වැඩි පිරිසක් සුවය ලබයි 

දකුණු ඇමරිකානු කලාපය තුළ වාර්තා වුණු රෝගීන් 7,269,887 අතරින් 6,036,251 දෙනෙකු සැප්තැම්බර් 17 වැනිදා වන විට සම්පූර්ණ සුවය ලබා තිබුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු සුවය ලැබූ රෝගීන්ගේ ප්‍රමාණය යි.

බ්‍රසීලය- 3,720,312

කොළොම්බියාව- 610,978

පේරු- 580,753

ආජන්ටිනාව- 448,263

චිලී- 411,853

ඉක්වදෝරය- 97,063

බොලිවියාව- 86,216

තවමත් මිලියනයක් ප්‍රතිකාර ලබයි 

පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු රටවල්වල කොරෝනා රෝගීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටියා. තවමත් එක් එක් රටවල ප්‍රතිකාර ලබමින් සිටින රෝගින් ප්‍රමාණයන් පහත දක්වා තිබෙනවා.

බ්‍රසීලය- 564,665

පේරු- 126,340

ආජන්ටිනාව- 117,165

කොළොම්බියාව- 102,821

බොලිවියාව- 34,623

චිලී- 15,376

පැරගුවේ- 13,485 

ඉක්වදෝරය- 13,466

වෙනිසියුලාව- 11,792

කොරෝනා වසංගතය දකුණු ඇමරිකාව තුළ තවදුරටත් පවතින ලකුණු 

පසුගිය මාසය තුළ දකුණු ඇමරිකානු කලාපයෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් ලක්ෂ 20ක් පමණ වුණා. ඒ අනුව වර්තමානය වන විට කොරෝනා වසංගතය තවදුරටත්  පැතිර යන කලාප අතරට මෙම කලාපයත් අයත්. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට නිකුත්ව තිබුණු කොරෝනා වසංගත දත්තයන්ට අනුව දකුණු ඇමරිකානු කලාපය තුළ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ප්‍රමාණය 1,001,397ක් ලෙසින් සටහන් වුණා. ඒ අනුව තවත් මාස කිහිපයක් යන තුරු දකුණු ඇමරිකානු ජනතාවට කොරෝනා වසංගතය සමග සටන් කිරීමට සිදුවනු ඇති.

කවරයේ ඡායාරූපය- බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

සැලකිය යුතුයි- මෙම ලිපිය ලිවීමේ දී භාවිතා කර තිබෙන්නේ සැප්තැම්බර් 17 වැනිදා වන විට නිකුත් වී තිබුණු කොරෝනා වසංගතය පිළිබඳ දත්ත යි.

මූලාශ්‍රයයන්- worldometer

Related Articles