Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකානු ෆෙඩරල් රජය අක්‍රීය කර වූ තාප්ප ප්‍රශ්නය

අනවශ්‍ය ලෙස සංක්‍රමණිකයන් ඇමෙරිකාව වෙතට පැමිණීම වැලැක්වීම සඳහා ඉතා දැඩි පියවර ගන්නා බවත්, නීති විරෝධී සංක්‍රමණිකයන් වැඩි ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතට ඇතුළු වෙන දකුණු දේශ සීමාව, එනම් ඇමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාව හරහා තාප්පයක් ඉදිකරන බවත් ඩොනල් ට්‍රම්ප් පවසන්නේ මීට ඉහත දී යි.

ඒ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ දී ලබා දෙන පොරොන්දුවක් ලෙස යි.

මේ වන විට ඇමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාව හරහා තාප්පයක් ගොඩනැංවීම සම්බන්ධයෙන් මෙක්සිකානු පාලනය හා එරට ජනතාව තම නොසතුට පළ කර ඇති අතර, ඇමෙරිකානු කොන්ග්‍රසයෙන් ද මේ සඳහා විරෝධතාවක් එල්ල වී තිබෙනවා. කොන්ග්‍රසයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයන් ද මේ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

අවශ්‍ය මුදල්වලින් කොටසක් කොන්ග්‍රසය හරහා අනුමත කරවා ගැනීමට දැරූ උත්සාහය කොන්ග්‍රස් සභිකයන්ගේ අකමැත්ත මත ව්‍යර්ථ වෙන්නේ පසු ගිය මාසයේ දී යි. ඒ අවස්ථාවේ දී මෙම අර්බුදය ඉතා දරුණු අතට හැරුණු අතර දින කිහිපයක් පුරා ඇමෙරිකානු මධ්‍යම රජය අක්‍රීය වීමට ද එය ප්‍රධානම හේතුවක් වුණා. ඒ හේතුවෙන් මධ්‍යම රජයේ සේවකයන් 80,000කට පමණ වැටුප් ලබා දීමේ උග්‍ර ගැටළුවක් නිර්මාණය වෙනවා.

ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙස ආ තාප්පය

දෙරටේ ජනාධිපති දෙපළ (Daily Express)

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස මැතිවරණ වේදිකාවේ දී විශාල පොරොන්දු තොගයක් ලබා දුන් පුද්ගලයෙක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු එහි දී ලබා දුන් එක් පොරොන්දුවක් වන්නේ මෙක්සිකෝ ඇමෙරිකා දේශ සීමාව හරහා තාප්පයක් ඉදිකිරීම යි.

ඒ සඳහා හේතූන් ලෙස ඔහු ගෙන හැර දක්වන්නේ නීති විරෝධී සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා ඇමෙරිකා වෙත ඇතුළත් වෙන බව යි. ඔවුන් බොහොමයක් අපරාධකරුවන් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් ඔවුන් ඇමෙරිකාවට හා එහි වෙසෙන ජනතාවට නිරන්තර කරදර ගෙන් එන බවත් මැතිවරණ කාල සීමාවේ දී ඔහු දිගින් දිගට ම පවසනවා. ඇමෙරිකාවේ අලෙවි වන හෙරොයින්වලින් 90%ක ම රැගෙන එන්නේ මෙම දේශ සීමාව හරහා බවත්, ඊට අමතර ව මෙක්සිකෝව ඔස්සේ ලතින් ඇමෙරිකානු රටවල විවිධ පුද්ගලයන් නීති විරෝධී ව ඇමෙරිකාව වෙත සංක්‍රමණය වන බවත් ත්‍රස්තවාදීන් පවා මේ ආකාරයට ඇතුළත් වෙන බවත් දක්වා සිටිනවා.

දේශ සිමාව ආශ්‍රිත ව ඇමෙරිකානු ආරක්ෂක භටයන් රඳවා සිටියත් මෙය නැවැත්විය නොහැකි බව ප්‍රකාශ කරන අතර, ඒ වෙනුවෙන් ගත හැකි ඉතා උචිත හා සාර්ථක ම ක්‍රියාමාර්ගය ලෙස ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන්නේ ඉක්මනින් මේ හරහා ශක්තිමත් හා දැවැන්ත තාප්පයක් ඉදිකිරීම බව පෙන්වා දෙනවා.

තාප්පයක් ඉදිකිරීම සඳහා ඇමෙරිකාව පමණක් බරපැන නොදරන බවත්, ඒ සඳහා මෙක්සිකානු රජයෙන් අනිවාර්යෙන් ම මුදලක් අය කර ගන්නා බවත් ඔහු විසින් තරයේ ප්‍රකාශ කරනවා. කෙසේ වුවද, ඩොනල්ඩ් ට්‍රම්ප් කුමන බාධක පැමිණිය ද දේශසීමා තාප්පය නිසැකයෙන් ම ඉදිකරන බව එදා සිට ම ප්‍රකාශ කරනවා.

මෙක්සිකෝවේ විරුද්ධත්වය

මෙක්සිකානුවන්ගේ විරෝධත්වය (Reuters)

ඔහු විසින් තාප්පයක් ඉදිකරන බවට ප්‍රකාශ කිරීමත් සමග මෙක්සිකානු රජය හා මෙක්සිකානු ජනතාව ඊට තම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. සීමා බාධක පිළිබඳ ව තමන්ට කිසිම විශ්වාසයක් නැති බව ප්‍රකාශ කරන මෙක්සිකානු වැසියන් ඇමෙරිකානු පාලනයට

2017 වසරේ දී මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එන්රික් පින්‍යා නියෙටෝ (Enrique Peña Nieto), මෙක්සිකෝව මුදල් ලබා දීමට සුදානම් නැති බව ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති එන්රික් පේනා නියෙටෝ, තවදුරටත් කියා සිටියේ එක්සත් ජනපදය තුළ සිටින සංක්‍රමණිකයන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම සඳහා තම රජයට කළ හැකි සෑම දෙයක් ම කරන බව යි. මෙම මත ගැටුම් හේතුවෙන් එවකට මෙක්සිකානු ජනාධිපතිවරයා වූ එන්රික් ඇමෙරිකානු රජය සමග පැවැත්වීමට නියමිත වූ සාකච්ජා වටයන් සඳහා ද සහභාගී වීම ප්‍රතික්ෂේප කරනවා.

ඇමෙරිකානුවන්ගේ විරෝධත්වය

නීති විරෝධී සංක්‍රමණිකයන් පලවා හරින ඇමෙරිකානු හමුදාව (The Denver Post)

තාප්පය ඉදිකිරිම සම්බන්ධයෙන් මෙක්සිකානුවන් මෙන්ම ඇමෙරිකානුවන් ද සිය අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා වැය වන මුදල ජනතා නාස්තියක් බවත්, ඔවුන් පෙන්වා දෙනවා. මේ සඳහා කොන්ග්‍රසයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයන් ද විරුද්ධ වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකි යි.

2017 වසරේ දී මෙම තාප්පය සඳහා කෘතියක් ගොඩනඟා අවසන් කරන අතර, කොන්ග්‍රසය විසින් ඩොලර් මිලියන 341ක් මෙම ගැටළුව සඳහා වියදම් කිරීමට තම අනුමැතිය ලබා දෙනවා. ඒ නව තාප්පයක් ඉදිකිරිම සඳහා නොවන බව අවධාරණය කරන කොන්ග්‍රසය ඒ මුදල් යෙදවිය යුත්තේ දේශ සිමාවේ දැනටමත් ඇති තාප්ප කොටස් හා පවතින බාධක අලුත්වැඩියාව සඳහා පමණක් බව ප්‍රකාශ කරනවා.

ඇමෙරිකානු රජයේ  අර්බුදයක්

දේශ සීමාව දෙපස ක්‍රීඩා කරන දෙරටේ වැසියන් (Quartz)

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත තාප්පය සෑදීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුදල කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇමෙරිකාවේ මහත් අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැඟෙනවා. එය සම්මත නොකර තාක් කල් තමන් විසින් කිසිදු පනතක් සඳහා තම අනුමැතිය ලබා නොදෙන බව ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් ඇමෙරිකානු මධ්‍යම රජය අක්‍රීය වෙනවා. ඒ සමග ම මධ්‍යම රජයේ සේවකයන් 800,000කට පමණ වැටුප් ගෙවීමේ අර්බුදයක් නිර්මාණය වෙනවා. ඉන් අනතුරුව ජනතාව අමතන ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මෙම තාප්පය සෑදීම සඳහා තමාට ජනතවගේ සහයෝගය අවශ්‍ය බව යි. මේ තත්ත්වය යටතේ තමන්ට පැවැරී ඇති බලතල ප්‍රකාර ව හදිසි නීති රෙගුලාසි යටතේ තාප්පය ගොඩනඟන බව වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

දේශ සීමාව අසල ඇමෙරිකානු හමුදා (Business Insider UK)

පසුව කොන්ග්‍රසය හා ජනාධිපතිවරයා අතර තිබු සාකච්ජා ද විසඳුමකින් තොරව අවසන් වෙන අතර, කොන්ග්‍රසය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මධ්‍යම රජය කඩා වැටීම වැළැක්වීම සඳහා පියවරක් ගත් බවත්, බහුතරයක් ඇමෙරිකානු පුරවැසියන් විරුද්ධ මේ විනාශකාරී වැඩපිළිවෙළට ඔවුන් සහාය නොදක්වන බවත් ය.

කවරයේ පින්තූරය: The Independent

මූලාශ්‍රයයන්:

web.archive.org

www.politifact.com

time.com

bbc.com

dw.com

Related Articles