Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මුර්සි අධිකරණයේ දී මියයයි

පසුගිය දා ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයෙක් මරණයට පත් වෙනවා. ඔහු එරට පස්වන ජනාධිපතිවරයා වන මොහොමඩ් මුර්සි යි. මොහොමඩ් මුර්සිට එල්ල වූ චෝදනාවක් විභාග කිරීමට ඔහුව රැගෙන ඒමේ දී ක්ලාන්තව ඇද වැටී තිබෙන අතර ඉන්පසුව ඔහු මියගොස් තිබෙනවා. මියයන විට 67 වන වියේ පසුවෙනවා.

2012 වසරේ දී බලයට පත් වූ ඔහු 2013 දී බලයෙන් නෙරපුණ අතර ඉන්පසු විවිධ චෝදනා මත මුර්සිට නඩු පැවරෙනවා. මෙම වසරේ ජූනි 17වන දා ඔහු අධිකරණය වෙත පැමිණින්නේත් එවන් නඩුවක් සඳහා යි.

මුස්ලිම් සහෝදරත්වය ඔස්සේ බලයට පැමිණි මුර්සි

මොහොමඩ් මුර්සි (Los Angeles Times)

ඊජිප්තුවේ උපත ලබන මොහොමඩ් මුර්සි තම උසස් අධ්‍යාපනය නිම කරන්නේ ඊජිප්තුවේ කයිරෝ විශ්වවිද්‍යාලයයෙන්. පසුව යුද හමුදාවේ ටික කාලයක් සේවය කරන ඔහු ඉන් ඉවත්ව තම විද්‍යාපති උපාධිය සම්පූර්ණ කරනවා. අනතුරුව රජය මඟින් හිමි වූ ශිෂ්‍යත්වයක් මත ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව ලැබෙනවා. 1982 වසරේ එම විශ්වවිද්‍යාලයෙන් ද්‍රව්‍ය විද්‍යාව පිළිබඳව දර්ශනපති උපාධිය ලබා ගන්නවා. තම අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ  සහකාර මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ අතරතුරු ඇමෙරිකානු නාසා ආයතනයේ විවිධ ව්‍යාපෘති සඳහා ද සිය දායකත්වය දක්වනවා.

1985 වසරේ නැවතත් ඊජිප්තුව බලා පැමිණෙන ඔහු එරට විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයක ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

ඔහු පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්නේ  2000 වසරේ දී යි. ඔහු මුස්ලිම් සහෝදරත්වය පක්ෂය සමඟ සම්බන්ධතා පැවැත් වූ අතර එවකට ඊජිප්තුවේ සිටි ජනාධිපතිවරයා මුස්ලිම් සහෝදරත්වය සංවිධානය ප්‍රතික්ෂේප කළ අතර ඔහු ඇතුළු එහි නායකයන් රැසක් වරෙක අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.

මහජන ජන්දයෙන් පත් වූ ප්‍රථම ජනාධිපතිවරයා

ඔහුගේ මරණය පිළිබඳව විරෝධතා (Middle East Eye)

මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ සාමාජිකයකු වූ මෝර්සි 2011 දී හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව පවත්වන ලද ජනාධිපතිවරණයෙන් බලයට පත්වෙනවා. ඔහු ඊජිප්තු ජනාධිපති ධුරයට පත් වූ ඔහුගේ පක්ෂයේ එකම සාමාජිකයා යි. තව ද, මෑතකාලීන ඊජිප්තු දේශපාලන ඉතිහාසයේ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් බලයට පත් වූ ප්‍රථම ජනාධිපතිවරයා වන්නේ මොහු යි.

මුස්ලිම් සහෝදරත්වය ඔස්සේ බලයට පත් වූ මොහොමඩ් මුර්සි තමන් ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට සමත් වෙන්නේ නෑ. ඒ හේතුවෙන් ජනතාව අතරින් විරෝධතා මතු වෙනවා.

2013 වසරේ දී ඊජිප්තුවේ හමුදා කැරැල්ලක් ඇතිවෙන අතර ඒ ඔස්සේ මොහොමඩ් මුර්සිගේ පාලන බලය පෙරළා දැමීමට හමුදාව හා කැරලිකරුවන් සමත්වෙනවා.

ඉන්පසුව එරට ජනාධිපතිවරයා වන්නේ ජෙනරාල් අබ්දුල් ෆටා අල් සිසී යි. පසුව මොහොමඩ් මුර්සි හා ඔහුගේ අනුගාමිකයන් රැසක් අත්අඩංගුවට ගැනීමට අබ්දෙල් ෆටා අල් සිසී කටයුතු කරනවා.

මරණයේ වගකීම ඊජිප්තු රජයට ද?

අධිකරණය වෙත ගෙන ආ අවස්ථාවක් (Washington Post)

මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන්ට මැදපෙරදිග ක්‍රියාත්මක වෙන විවිධ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වීම හා ඔත්තු සැපයීම යන චෝදනා එල්ල වෙනවා. මොහොමඩ් මොර්සිට ද මෙම චෝදනා එල්ල වෙන අතර ඒ හේතුවෙන් ඔහු සිර කර තැබීමට අබ්දෙල් ෆටා ගේ රජය ක්‍රියා කරනවා. ඒ 2013 වසරේ ජූලි මාසයේ දී යි.

එලෙස නඩු වාරයක් සඳහා රැගෙන ඒමේ දී යි ඔහු මරණයට පත්වෙන්නේ. මරණයට හේතුව හදිසි හෘදයාබධයක් බව ඊජිප්තුවේ නොනිල ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම මරණයට ෆටාගේ රජය වගකිව යුතු බව හොස්නි මුබාරක්ට පක්ෂපාති මැදපෙරදිග රටවල නායකයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. තව ද මානව හිමිකම් සංවිධාන රැසක් ද හිටපු ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳව විනිවිද පරීක්ෂණයක් සිදු කළ යුතු බව එරට රජයට දන්වා තිබෙනවා.

මුර්සිගේ මරණය පිළිබඳව විරෝධතාවය දක්වන තුර්කි වැසියන් (Kuwait Times)

මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරන තුර්කි ජනාධිපතිවරයා මරණයට ඊජිප්තු රජය වග කිව යුතු බව සඳහන් කර ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් විශාල දේව මෙහෙය කිහිපයක්ම මෙන්ම විරෝධතා කිහිපයක් ද තුර්කිය තුළ පැවැත්වෙනවා.

කවරයේ පින්තූරය -Middle East Eye

මුලාශ්‍රයයන් -

aljazeera.com

bbc.com

dw.com

Related Articles