Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රම වෙළෙඳපොළ ජය ගන්න කතුන් දිරිමත් කරන මං

අප රටේ පවතින නිදහස් අධ්‍යාපන අවස්ථා හේතුවෙන් කාන්තා, පිරිමි යන දෙපිරිසට ම පොදුවේ මූලික අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීමට අවස්ථාව හා හැකියාව උදා වී පවතී. එනමුදු මෙරට ආර්ථිකයට කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පවතින්නේ අවම මට්ටමක බව පර්යේෂණ වාර්තා හෙළි කරයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව කාන්තාවන් මෙරට ආර්ථිකයට ලබා දෙන ශ්‍රම දායකත්වය පවතින්නේ 34.5% ක තරම් අවම ප්‍රමාණයකි.

ආසියානු රටවල් සැලකීමේදී එම රටවල ආර්ථිකයට කාන්තා ශ්‍රම දායකත්වය 40%කට වැඩි ප්‍රමාණයක සාමාන්‍යයක පවතියි. එය එම රටවල සමස්ත ආර්ථිකයට සැපයෙන 29% ක දායකත්වයකි. කෙසේ වෙතත් ඕනෑම රටක ශ්‍රම බළකායේ සහභාගීත්වය අඩු වීම යනු එරට රැකියා විරහිත ප්‍රතිශතය ඉහළ යාම පිළිබඳ ඉඟි කරන්යිනක් ද වේ. මේ පිරිස වෙනුවෙන් එරට ආර්ථිකයට අමතර වියදමක් දැරීමට සිදු වන අතර ම රටෙහි නිෂ්පාදනයේ සමස්ත අඩු වීමක් ද එමඟින් පෙන්නුම් කරයි. 

ශ්‍රම බළකායේ කාන්තා දායකත්වය - wedabima.lk
ශ්‍රම බළකායේ කාන්තා දායකත්වය – Wedabima.lk

ආසියානු කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන කල අඩුම කාන්තා ශ්‍රම දායකත්වයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළ හැකි ය. කලාපයේ අනෙකුත් රටවල ආර්ථිකයට සැපැයෙන කාන්තා ශ්‍රම දායකත්වය මෙලෙස ය.

සිංගප්පූරුව – 58.8%

ජපානය – 48.6%

චීනය – 63.6%

මැලේසියාව – 44.2%

දියුණු රටවල් හා සැලකීමේ දී එම රටවල් ඉහළ සංවර්ධනයක් ළඟා කර ගැනීමට ප්‍රධාන හේතුව, ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථිකය ඉතා ශක්තිමත් වීම යි. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැඟීමට අවශ්‍ය ශ්‍රමය කාන්තා හෝ පුරුෂ භේදයකින් තොරව උපරිම වශයෙන් ලබා ගැනීම එයට එක් හේතුවක් ලෙස දැකිය හැකි ය. ඒ අනුව සංවර්ධිත රටවල සංඛ්‍යා ලේඛන හා දත්ත අතර කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ මට්ටමක පවතී.

මෙරට ඉහළ ම කාන්තා ශ්‍රම දායකත්වය පවතින්නේ කෘෂිකාර්මික අංශයේ ය -Getty Images

 

ඉහළ ම කාන්තා ශ්‍රම දායකත්වය කෘෂිකාර්මික අංශයට

කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා යන අංශ තුන සලකා බැලීමේදී මෙරට ඉහළ ම කාන්තා ශ්‍රම දායකත්වය පවතින්නේ කෘෂිකාර්මික අංශයේ ය. පහත දක්වා ඇත්තේ  මෙරට ප්‍රධාන නිෂ්පාදන අංශ තුළ වන කාන්තා ශ්‍රම දායකත්වය යි.

කෘෂිකර්මය – 35.7%

කර්මාන්ත – 33.2%

සේවා – 34.4%

දිස්ත්‍රික් අනුව සලකා බැලීමේ දී ආර්ථිකයට සැපැයෙන කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ ම හා අවම දිස්ත්‍රික්ක මෙසේ ය.

අනුරාධපුර – 40.2%

නුවර එළිය – 39.6%

මාතලේ – 39.3%

මුලතිව් – 23.1%

කිලිනොච්චි – 26.3%

යාපනය – 28.6%

ඉහළම කාන්තා දායකත්වය වතු ක්ෂේත්‍රය නියෝජනය කරයි – Tharaka Basnayaka/NurPhoto via Getty Images

 

ඒ අනුව ඉහළම කාන්තා දායකත්වය වතු ක්ෂේත්‍රය නියෝජනය කරන අතර උතුරු පළාත තුළ සමස්ථයක් ලෙස අඩු කාන්තා නියෝජනයක් පවතී. සංඛ්‍යා ලේඛන හා දත්ත අනුව ග්‍රාමීය, නාගරික හා වතු අංශයන්ගේ කාන්තා දායකත්වය පහත පරිදි ය. 

ග්‍රාමීය  – 35.1% 

නාගරික – 35%

වතු – 41.5%

කාන්තා ශ්‍රම දායකත්වය සැලකීමේ දී මෙරට කාන්තාවන් අඩුවෙන් යොමු වී ඇති ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ ව ද අවධානය යොමු කළ හැකි ය. සමීක්ෂණ අනුව  මෙරට කාන්තා පාර්ශවය, පිරිමි පාර්ශවයට සාපේක්ෂව පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත්වීමේ ප්‍රවණතාව අඩු මට්ටමක පවතියි. ආසියානු කලාපයේ අනෙකුත් රටවල් හා සසඳා බැලීමේ දී මෙරට  කාන්තාවන් ව්‍යාපාර සඳහා යොමු වීමේ හා ඒ සඳහා ආයෝජනය කීරීමේ ද අඩු ප්‍රවණතාවක් පවතී.  

තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ක්ෂේත්‍ර තුළ කාන්තාවන්ගේ නියෝජනය ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමක පවතින අතර තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් හැදෑරීමට ද මෙරට කාන්තාවන් යොමු වන්නේ අඩු ප්‍රතිශතයකින් බව පර්යේෂණ වාර්තා හෙළි කරයි. මෙරට පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ සිට ම ජනතා නියෝජිතයන් ලෙස කාන්තාවන් පත් කර ගැනීම හා ඒ සඳහා ඉදිරිපත් වීම ද ඉතාම අඩු මට්ටමක පවතී. පෙනී යන්නේ කාන්තාවන් දේශපාලනය සඳහා පිවිසීමේ සම්භාවිතාව අඩු බව යි.

තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ක්ෂේත්‍ර තුළ කාන්තාවන්ගේ නියෝජනය – ISHARA S. KODIKARA/AFP via Getty Images

 

ස්ත්‍රියට, පුරුෂයා හා සම අවස්ථා සහ අයිතීන්

ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය අනුව ස්ත්‍රියට, පුරුෂයා හා සම අවස්ථා සහ අයිතීන් ඇති බවට සඳහන් ව තිබුණ ද එය භාවිතයේ දී ස්ත්‍රිය දෙවන පෙළ පුරවැසියකු බවට පත්ව ඇති බවට කරුණු හෙළි වේ. පුරුෂ මූලික සමාජය තුළ පුරුෂාධිපත්‍ය සිතුවිලි සහ තීරණ අතර ස්ත්‍රියට හිමිවිය යුතු තැන නොලැබෙන බවට අදහස් ප්‍රකාශවන බව ද නිරීක්ෂණය කළ හැකි ය.

වර්තමාන ශ්‍රී ලංකාවේ මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජන ප්‍රමාණය දෙස අවධානය යොමු කිරීමෙන් මෙය මනාව වටහා ගත හැකි ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 5.8% ක් වනවිට පළාත් සභාවල කාන්තා නියෝජනය 0% කි. පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 1.9% කි.

දේශපාලන වශයෙන් කාන්තාවන් බලගැන්වීම – ARUN SANKAR/AFP via Getty Images

 

එහෙයින් දේශපාලන වශයෙන් කාන්තාවන් බලගැන්වීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නීති සංශෝධනය, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය හා ඒ පිළිබඳව ඇති ගැටලු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන් ම කාන්තා ක්‍රියාකාරිණියන් දැනුම්වත් කිරීමත් වත්මන් අවශ්‍යතාවකි. 

පළාත් පාලන ආයතනවල නියෝජනය සඳහා කාන්තාවන් වෙනුවෙන් 25%ක පංගු ක්‍රමයක් (Quota) හඳුන්වා දීම හා කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය පිළිබඳ ගැටලු ගැන ද මෙහි දී අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

කාන්තා ශ්‍රම දායකත්වය අවම මට්ටමක පැවතීමට බලපාන හේතු මොනවාදැයි විමසා බැලීම ද මෙහි දී වැදගත් ය. ඒ අතර මෙරට ආර්ථිකයට ශ්‍රම දායකත්වය නොදක්වන කාන්තාවන්ගෙන් 91%ක් පමණ ගෘහනියන්ගේ කාර්ය භාරය සිදු කරන අතර කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය අහිමිවීමට ප්‍රධාන හේතුවක් ලෙස කාන්තාවන් නිවසට පමණක් සීමා වී සිටීම දැක්විය හැකි ය.

ආර්ථික ශක්තියට උර දෙන දකුණු ආසියාතික කාන්තාවන් - Ada.lk
ආර්ථික ශක්තියට උර දෙන කාන්තාවන් – LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

ශ්‍රම වෙළෙඳපොළ කාන්තා ප්‍රවේශය

1950 -1960 හෝ ඊට පෙර කාලවලදී කාන්තාවන්ගේ ශ්‍රමය සූරාකෑම් වැලැක්වීම සඳහා පනවා තිබූ නීති රීති මේ වන විට සංශෝධනය වී ඇත්තේ ඉතාම සුළු වශයෙන් වන අතර කාන්තාවන්ට ශ්‍රම වෙළඳපොළ සඳහා ප්‍රවේශ වීමට මෙමගින් බාධා ඇති කර යි.

කාන්තාවන්ගේ ශ්‍රමය පහසුවෙන් යොදවා ගත හැකි රැකියා අවස්ථා ග්‍රාමීය පරිසරය තුළට නොයෑම ද මෙරට ආර්ථිකයට කාන්තා ශ්‍රම දායකත්වය අඩු වීමට හේතුවක් වී ඇත. නිදසුනක් වශයෙන් සැලකීමේ දී කාන්තාවන්ගේ ශ්‍රමය පහසුවෙන් යෙදවිය හැකි ක්ෂේත්‍රයක් වන රෙදිපිළි නිෂ්පාදන ආයතන ග්‍රාමීය පරිසරයට හදුන්වා දී ඇත්තේ ඉතාම අඩුවෙනි. උතුරු පළාතේ කාන්තා ශ්‍රම දායකත්වය අඩු වීමට මෙවැනි හේතූත් බලපෑ හැකි ය.

අප වැනි දකුණු ආසියානු කාලාපයේ රටවල් අතර පවතින සංස්කෘතිකමය වශයෙන් කාන්තාවන්ට වෙන් වූ කාර්ය භාරය හා ඒ සම්බන්ධ ව පවතින විවිධ මත හේතුවෙන්  ද ශ්‍රම වෙළඳපොළ තුළ කාන්තා ශ්‍රම දායකත්වය අඩු වී ඇත.

රට දිනවීමට කාන්තාවන් දිනවමු - දිනමිණ
රට දිනවීමට කාන්තාවන් දිනවමු – Buddhika Weerasinghe/Bloomberg via Getty Images

ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය ලබා ගන්නේ කෙසේද? යන්න අද සංවාදයට බඳුන් වන වැදගත් මාතෘකාවකි.

ග්‍රාමීය පරිසර වලට කාන්තා ශ්‍රම දායකත්වය ලබා ගත හැකි රැකියා අවස්ථා රැගෙන යාම, වැටුප් ගෙවීමේදී මාසික වැටුප නොසලකා දින වැටුප් , සති වැටුප් ලබා දීම හා අර්ධ කාලීන රැකියා සිදු කිරීමට අවස්ථාව ලබා දීම, නිවසේ සිට නිශ්පාදනයේ යෙදිය හැකි විවිධ නිශ්පාදන සඳහා කාන්තාවන් දිරිමත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම ද එහිදී වැදගත් වේ.

අඩු දායකත්වයක් පවතින තොරතුරු තාක්ෂණය

කාන්තාවන්ගේ අඩු දායකත්වයක් පවතින තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කර අදාළ දැනුම ලබා දීම මඟින් ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කර  එම ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යාමට මාර්ගය සලසා දීම අද අත්‍යවශ්‍ය කරුණකි.

කාන්තා අයෝජකයන් දිරිමත් කිරීම, ව්‍යාපාරික අවස්ථා සඳහා කාන්තාවන්ට අවස්ථා සලසා දීම හා මඟ පෙන්වීම් සිදු කිරීම ද මේ පසුබිම වෙනස් කරන්නට ගත හැකි තවත් පියවරකි. රැකියා අවස්ථාවල නිරත වන කාන්තාවන්ගේ පහසුව සඳහා ළමා සුරැකුම් මධ්‍යස්ථාන වැනි ආයතන  පිහිටු වීම ද ප්‍රතිපලදායක කටයුත්තකි.

කවරයේ ඡායාරූපය : තේ දළු නෙළන කාන්තාවෝ - Bigbreaks.com

මූලාශ්‍ර :

www.statistics.gov.lk

www.worldbank.org

 elections.gov.lk 

Related Articles