ප්‍රජාවෙන් ප්‍රජාවට සෙත සදන ප්‍රජා මුළුතැන්ගෙය

” එක දවසක් මාමා කෙනෙක් කිවුවා මාස හතරකට පස්සේ ඒක එයා කාපු දෙවැනි බත් පිඟාන කියලා. තව එක්කෙනෙක් කිව්වා මාස තුනකට පස්සේ තමයි කුකුල් මස් කෑල්ලක් ඇහැට දැක්කෙ කියලා” ආකාෂ් මෝසස්, ඔහු පිටුපසින් ක්‍රියාත්මක රාජගිරියේ ප්‍රජා මුළුතැන්ගෙයි දෛනික කටයුතු අතරතුර සිහිපත් කළේය. 

රාජගිරියේ ප්‍රජා මුළුතැන්ගෙය Voice for Voiceless පදනම මගින් ක්‍රියාත්මක වන්නකි.

 “ඊට පස්සේ අපි මීගමුවේ කාමච්චෝඩේ නිවාස නැති ප්‍රජාව සමඟ හිටියා. එතන හිටපු මිනිස්සු අපි දුන්නු කෑමට පින් දුන්නා. අනිත් හැමෝ ම ඔවුන් ඈත් කරලා තියෙද්දී එයාලත් එක්ක කෑම කෑවට අපට ස්තුති කළා.’’

Voice for Voiceless පදනම පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය – Nazly Ahmed

 

Voice for Voiceless පදනම පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය, ස්වේච්ඡා සේවකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම හිටපු සාමාජිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග මත මැයි මස අග දී ආරම්භ විය. රාජගිරිය, කඩවත, මීගමුව, මඩකලපුව, යාපනය, ඩෙල්ෆ්ට් දූපත් සහ කොල්ලුපිටිය යන ප්‍රදේශ පුරා ප්‍රජා මුළුතැන්ගෙය ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක වන අතර, මස්කෙළිය සහ කිලිනොච්චිය  ප්‍රදේශවල තවත් ප්‍රජා මුළුතැන්ගෙය දෙකක් මෙම මස අගදී විවෘත කිරීමට පදනම බලාපොරොත්තු වේ.

“උයන්න ක්‍රමයක් නැති නිසා දවස් තුනක් කොස් ගෙඩියෙන් දිවි ගලවා ගත් මවක් සහ ඇගේ පවුල ගැන අසන්නට ලැබුණු පසුයි අපට මුලින්ම මෙම අදහස පැමිණියේ” යනුවෙන් පදනමේ සම-නිර්මාතෘවරයකු සහ අධ්‍යක්ෂවරයකු වන මෝසෙස් Roar Media වෙත කිය යි.

ප්‍රජා මුළුතැන්ගේ තේමාව ප්‍රජාවෙන් ප්‍රජාවට යන්න යි – Nazly Ahmed 

 

“ඉතින් අපිට තේරුණා සමහර අයට කෑම උයන්න බැරි නිසා ඔවුන් පරිත්‍යාග කරන වියළි සලාක විකිණීමට යොමු වෙන බව. ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය ආරම්භ වුණේ එතැනින්. අපේ තේමාව ප්‍රජාවෙන් ප්‍රජාවට යන්න යි.”

ඉන්ධන අර්බුදය හේතුවෙන් සියලු ම ප්‍රජා මුළුතැන්ගේ ව්‍යාපෘතිවලට දර මත යැපීමට බලකෙරී ඇත.

 “දැනට අපට ඇති ලොකු ම අභියෝගය වන්නේ මුළුතැන්ගේ ව්‍යාපෘතිවල දෛනික මෙහෙයුම් සඳහා භූමිතෙල් සොයා ගැනීම යි.’’

සියලු ම ප්‍රජා මුළුතැන්ගේ ව්‍යාපෘතිවලට දර මත යැපීමට බලකෙරී ඇත – Nazly Ahmed 

 

ප්‍රජා මුළුතැන්ගේ ස්වේච්ඡා කණ්ඩායම් WhatsApp සමූහ 15 ක් ලෙස එකට එකතු වී ඇත. පෙර දින එකතු කළ “විකිණීමට නොහැකි නමුත් භාවිත කළ හැකි”, සුපිරි වෙළෙඳසල්වලින් ඉවතලන එළවළු ඔවුනට ලැබේ. මුළුතැන්ගෙයි වැඩ සෑම දිනක ම පෙරවරු 9 ට ආරම්භ වන අතර එය දහවල් 12.30 ට මහජනතාව සඳහා විවෘත වේ.

“ඔවුන් කවුරු වුණත්, ඒ සැමට ම මෙහි පැමිණ ආහාර ගන්න පුළුවන්” මෝසෙස් කිය යි.

ඔවුන් කවුරු වුණත්, ඒ සැමට ම මෙහි පැමිණ ආහාර ගන්න පුළුවන් – Nazly Ahmed 

 

 “අපි කරන්නෙ මේ මිනිස්සුන්ට කන්න දෙන එක විතරක් නෙවෙයි. අපි එයාලත් එක්ක ඉඳගෙන, කතා කරනවා, එයාලගේ වැඩකටයුතු කොහොමද කියලත් අහනවා.”  

ඡායාරූප: නස්ලි අහමඩ්

Related Articles