Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකානු රජයට එරෙහිව නඩු මගට බසින රුසියාවේ කැස්පර්ස්කි ලැබ් සමාගම

ලෝ පතල රුසියානු සයිබර් ආරක්ෂණ සමාගමක් වන කැස්පර්ස්කි ලැබ් ආයතනය ඇමරිකා එක්සත් ජනපද රජයට එරෙහිව නඩු මගට එළඹීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයට හේතු වී ඇත්තේ පසුගිය සැප්තැම්බරයේ දී ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) විසින් කැස්පර්ස්කි ලැබ් හි ප්‍රතිවයිරසය භාවිතා නොකරන ලෙස ඇමරිකානු රාජ්‍ය ආයතන වෙත කරන ලද නියෝගයයි.

කැස්පර්ස්කි ලැබ් ආයතනයේ මූලස්ථානය මොස්කව් නුවර පිහිටා ඇති බැවින් එහි ප්‍රතිවෛරස භාවිතය තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකි යයි ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූවා.

කැස්පර්ස්කි ආයතනය හා රුසියානු රජය අතර සබඳතාවන් ඇතැයි යන සැකය මත මෙම අනතුරු ඇඟවීම සිදුව තිබෙන බව පැහැදිලියි.

පසුගිය මාස කිහිපය තුළ කැස්පර්ස්කි ලැබ් සහ රුසියානු රජය අතර වන සබඳතා පිළිබඳ ද විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා.

“පදනමක් නොමැති වාර්තා”

කෙසේ නමුත් දෙසැම්බර් 18 වනදා පළ කරන ලද විවෘත ලිපියක් මගින් කැස්පර්ස්කි ලැබ් හි ප්‍රධාන විධායක යෙව්ගිනි කැස්පර්ස්කි සඳහන් කළේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එල්ල කරනු ලබන්නේ පදනම් විරහිත චෝදනා බවයි. මෙය ඔවුන් විසින් ඇති කරගත් අනියත භීතිකාවක් බව ඔහු කියා සිටියා.

තවද​, ඇමරිකානු රජය මෙම පියවර ගෙන ඇත්තේ පදනම් විරහිත මාධ්‍ය වාර්තා කිහිපයක් මුල් කරගෙන බව පවසන කැස්පර්ස්කි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යෙව්ගිනි කැස්පර්ස්කි අදාළ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළා.

යෙව්ගිනි කැස්පර්ස්කි

කැස්පර්ස්කි සමාගම විසින් ඇමරිකානු රජය වෙත විකුණන ලද මෘදුකාංගවල වටිනාකම ඇමරිකන් ඩොලර් 54,000 ක් වන බව පවසන එම සමාගම එය සිය සමස්ථ ඇමරිකානු වෙළෙඳපොලෙන් සියයට 0.03 ක් වැනි ඉතා සුලු ප්‍රමාණයක් බව පවසා සිටිනවා.

කෙසේ නමුත් මෙම චෝදනා හේතුවෙන් විශේෂයෙන්ම ඇමරිකාව තුළ තම සමාගමට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පවසන කැස්පර්ස්කි ලැබ් සමාගම එමගින් ඇමරිකානු රජය විසින් නිසි ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කර ඇතැයි තර්ක කර සිටිනවා.

කැස්පර්ස්කි ලැබ් සමාගම​

යෙව්ගිනි කැස්පර්ස්කි විසින් කැස්පර්ස්කි ලැබ් සමාගම පිහිටුවන ලද්දේ 1997 දියි. මෙවන් සමාගමක් පිහිටුවීමට ඔහු තුළ අදහසක් පහළ වී ඇත්තේ ඊට වසර කිහිපයකට පෙර ඔහුගේ පරිගණකය “කැස්කේඩ්” වයිරසයේ ප්‍රහාරයකට ලක් වීම හේතුවෙන්. කැස්පර්ස්කි සමාගම සමග ගනුදෙනු කරන ආයතන 270,000 ක් තිබෙන බවත් මිලියන 400 ක් දෙනා කැස්පර්ස්කි සමාගමේ මෘදුකාංගවලින් සිය පරිගණක ආරක්ෂා කරගන්නා බවත් ඔවුන් පවසනවා.

තවද​, කැස්පර්ස්කි සමාගමේ ඇමරිකානු මූලස්ථානය මැසෙචුසෙට්ස් ප්‍රාන්තයේ පිහිටා තිබෙන අතර 300 කට වැඩි සේවකයන් පිරිසක් ඇමරිකාවේ සිටින බව ඔවුන් මතක් කර දෙනවා.

තොරතුරු සොරා ගැනීම

2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව විසින් අයථා ලෙස බලපෑම් කළ බවට දරුණු චෝදනාවක් පවතිනවා. විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටුවේ ඊමේල් ගනුදෙනු හෙළි වීම මේ අතර විශේෂ සිද්ධියක් වුණා. විකිලීක්ස් වෙබ් අඩවිය මගින් මෙම ඊමේල් හෙළි කළ ද​, ඒවා සොරා ගන්නා ලද්දේ රුසියානු හැකරුන් යයි විශාල සැකයක් පවතිනවා. මේ අතර රුසියාව සහ එවකට ඇමරිකන් ජනාධිපති අපේක්ෂකයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර පැවති සබඳතා පිළිබඳ ප්‍රශ්න අදටත් පැණ නගිමින් තිබෙනවා.

TASS

මේ අතර මෙම දත්ත සොරාගැනීමට කැස්පර්ස්කි ලැබ් ආයතනය ද සම්බන්ධ යැයි විවිධ වාර්තා පළ වුණා. කැස්පර්ස්කි ලැබ් ආයතනය සඳහන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතරම ඔවුන් 2017 ජූලි 18 වනදා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් දන්වා යවා ඇත්තේ තමන් සම්පූර්ණ විනිවිදභාවයෙන් කටයුතු කරන බවත් අදාළ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවත්.

එම දෙපාර්තමේන්තුව කැස්පර්ස්කි ලැබ් ආයතනයට ස්තූති කරමින් අගෝස්තු 14 වනදා ලිපියක් එවා තිබෙනවා.

කෙසේ වෙතත් සැප්තැම්බරයේ දී එම දෙපාර්තමේන්තුව විසින්ම කැස්පර්ස්කි ලැබ් ආයතනයේ මෘදුකාංග භාවිතා නොකරන ලෙස රාජ්‍ය ආයතනවලට උපදෙස් දීමට කටයුතු කළා.

අනවශ්‍ය දෙයක්

ජර්මනියේ ඩී සයිට් (Die Zeit) පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් යෙව්ගිනි කැස්පර්ස්කි ඔක්තෝබරයේ දී සඳහන් කළේ මෙම ක්‍රියාව සැක උපදවන්නක් බවයි. සියලුම රාජ්‍ය ආයතනවලින් කැස්පර්ස්කි මෘදුකාංග ඉවත් කරන ලෙස ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් උපදෙස් දී ඇතැයි මතක් කරමින් ඔහු කියා සිටියේ එවැනි අවශ්‍යතාවක් කිසි ලෙසකින් හෝ නොවූ බවයි. ඇමරිකානු රජයේ ආයතන කැස්පර්ස්කි නිෂ්පාදන භාවිතා නොකරන තරම් වන හෙයින් මෙම නියෝගය තනිකරම ප්‍රෝඩාවක් බව ඔහු තර්ක කරනවා.

“ප්‍රශ්නයට මූලික හේතුව වී ඇත්තේ අනෙක් සියල්ලන්ටම වඩා හොඳින් අප අපගේ කාර්යය කිරීම බවයි පෙනෙන්නේ” යනුවෙන් යෙව්ගිනි කැස්පර්ස්කි ඩී සයිට් පුවත්පත සමඟ​ සඳහන් කළා.

එක් අවස්ථාවක කැස්පර්ස්කි සමාගම විසින් එතරම් ප්‍රසිද්ධ නොවූ, ඇතැම් විට ඇතැම් අයට අප්‍රසිද්ධ නොවූ, මැල්වෙයාර් එකක් සොයාගත් බව කැස්පර්ස්කි කියා සිටියා. මේ පිළිබඳව ඇමරිකානු රජය අසතුටට පත්වූ බවක් පෙනෙතැයි ඔහු සඳහන් කරනවා.

මේ අතර මෑතකදී පළවූ මාධ්‍ය වාර්තාවකින් කියැවුණේ 2009 දී පමණ රුසියාවේ රාජ්‍ය ඔත්තු සේවයෙහි යම් කටයුතු කැස්පර්ස්කි සමාගම විසින් සිදු කළ බවට සැක මතුව ඇති බවයි. යෙව්ගිනි කැස්පර්ස්කි සහ සමාගමේ සේවකයින් අතර වූ ඊමේල් පණිවිඩ හුවමාරුවක් හෙළි වීමෙන් පසු මෙම සැකය මතුව ඇතැයි එම වාර්තා කියා සිටියා.

Cover Image: Reuters

Related Articles