Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිරියාවට එල්ල වුණු රසායනික ගෑස් ප්‍රහාරය

2011 වසරේ සිට සිරියානු ජනතාව විශාල සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමි කරමින් සාමාන්‍ය ජනතාවගේ රුධිරය මතින් දිවයන සිරියානු අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ව ලෝකයේ අවධානය නැවත වරක් වඩාත් යොමුවුණා. ඒ සිරියානු රජයේ පාලනයේ පැවති අලේපෝ (Aleppo) ප්‍රදේශයට එල්ල වූ බවට විශ්වාස කෙරෙන රසායනික විෂ ගෑස් ප්‍රහාරය හමුවේ රුසියානු සහ සිරියානු ජාතිකයින් 50ත් 100ත් අතර සංඛ්‍යාවක් මේ වන විට රෝහල් ගත කර ඇති අතර, ඒ අතර කුඩා දරුවන් 12කට ආසන්න සංඛ්‍යාවක් ද වෙන බව යි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ප්‍රාන්ත මාධ්‍ය නිකුත් කළ ඡායාරුප කිහිපයක හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළීම නිසා රෝහල් ගත කෙරුණු සාමාන්‍ය ජනතාවගේ ඡායාරූප දැක්වෙනවා

හුස්ම ගැනීමේ අපහසුතාවයන් නිසාවෙන් රෝහල් ගත කෙරුණු තරුණයෙක්-bbc.com

මේ ප්‍රහාරය සිදුකළේ කවුද යන්න තවමත් නිශ්චිත නැහැත. මානව අයිතීන් පිළිබඳ සංවිධාන තුන්වන පාර්ශවීය රසායනික අවි තහනම් කිරිම පිළිබඳ  ආරම්භ කරන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති අතර, සියලු පාර්ශවයන්ගෙන් එයට සහාය ලබා දෙන ලෙස ද ඉල්ලිම් කිහිපයක් ද සිදුකර තිබෙනවා.

යුද වදින පාර්ශව අතර බල ප්‍රදේශ  – bbc.com

සිරියානු විපක්ෂ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන නස්ර් අල්-හරිරී(Nasr al-Hariri) විසින් සෞදි අල්-හදිත් රූපවාහිනියට (al-Hadath TV) පවසා ඇත්තේ අලේපෝට එල්ල වූ ප්‍රහාරය ඉරාන පාලන තන්ත්‍රය හා එහි අනුචරයින් උතුරු සිරියාවේ හමුදා මෙහෙයුම් දියත් කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස එය යොදා ගන්නා බවට ඔවුන් සතු ව තොරතුරු ඇති බව යි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණාගාරයට අනුව, මේ එල්ලවුණු ප්‍රහාරය රුසියාව සහ තුර්කිය කැරලිකාර පාලනය සතු ව පැවති ඉඩ්ලිබ් (Idlib) ප්‍රදේශය යුද මුක්ත කලාපයක් කිරීමට එකඟ වීමෙන් පසු ව එල්ල වූ පළමු ප්‍රහාරය යි.

රුසියානු සහ තුර්කි නායකයින්- syriadirect.org

මානව හිමිකම් පිළිබඳ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලාමා ෆකිහ් (Lama Fakih) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙවැනි සැක කටයුතු රසායනික ආයුධ ප්‍රහාර පිළිබඳ වාර්තා බරපතල විමර්ශනයකින් තොර ව ඉතිරි නොකළ යුතු බව යි.

අලේපෝ කලාපයේ කොටස් මෙන්ම හමා සහ ඉඩ්ලිබ් හි අසල්වැසි පළාත් පාලනය කරනු ලබන කැරලිකරුවන් සහ ජිහාඩ්වාදීන්, මේ රසායනික අවි ප්‍රහාර පිළිබඳ කැරලිකරුවන් වෙත නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේපප්‍රතික්ශේප කරමින් සිටිනවා. මේ අතර ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු ස්ථානගත කර ඇති ස්ථානයක් හඳුනාගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම රුසියානු හමුදා මාධ්‍යමාධ්ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ඊගෝර් කොනෂෙන්කෝ (Maj. Gen. Igor Konashenkov) පවසන්නේ රසායනික අවි ප්‍රහාරයට සම්බන්ධයැ යි සැක කෙරෙන, උතුරු සිරියාවේ කැරලිකාර කණ්ඩායම් සිටි ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර විනාශ කළ බව යි.

ප්‍රහාර හමුවේ නිවෙස් අතැර පලායන සරණාගතයින්- meobserver.org

මේ ප්‍රහාරයට පෙර ද සිරියාවෙන් රසායනික අවි පිළිබඳ වාර්තා වුණා. ඒ පසුගිය අප්‍රේල් 07 වෙනි දා යි. එවර මෙම ප්‍රහාරයේ චෝදනාව දැඩි ව එල්ල වූයේ සිරියානු රජය වෙත යි. නමුත් මිත්‍ර පාර්ශවයන් ලෙස කටයුතු කරන සිරියාව සහ රුසියාව, රසායනික අවි භාවිත කර ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 49කට ආසන්න බව යි විදේශ ආරංචි මාර්ග පවසන්නේ. සිරියාවේ ඩුමා නගරය වෙත එල්ල වූ රසායනිකයැ යි සැක කෙරෙන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, සිරියාවේ රසායනික අවි ඇතැ යි සැලකෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් එරට ආණ්ඩුවේ ඉලක්ක ගණනාවකට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, හා ප්‍රංශය ගුවනින් බෝම්බ හෙළනවා. එදින ම ඇමෙරිකානු වේලාවෙන් රාත්‍රි 9යට පමණ ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා සමග එක් වී ඒකාබද්ධ මෙහෙයුම් මාලාවක් සිදුකරමින් සිටින බව යි. මේ සිදුවීම මෙන්ම පෙර සිදු වූ රසායනික අවි භාවිතය මඟින් සිදුකරන ලද ප්‍රහාර බහුතරයකට වගකිව යුත්තේ සිරියානු රජය ඇතුළු මිත්‍ර පාර්ශවය බව බටහිර රටවල් සහ UN සංවිධාන දිගින් දිගට ම චෝදනා එල්ල කරමින් සිටිනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් – bbc.com

කෙසේ නමුත් මේ වන විටත් ජීවිත අපේක්ෂාවෙන් යුධ කලාපවල ජනතාව පලා යමින්, සරණාගතයින් ලෙස වෙනත් රටවල් වෙත සංක්‍රමණය වෙමින් පවතින බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට මිලියන 5.5ක පමණ පිරිසක් සරණාගතයින් ලෙස රටවල්වලින් බැහැර වී තිබෙනවා.

සිරියානු සරණාගතයින් සංඛ්‍යාව දැක්වෙන රූප සටහනක්- mercycorps.org

 

කවරයේ පින්තූරය: wamu.org

මූලාශ්‍රයයන්:

Bbc.com

Syriadirect.org

Carlyleobserver.com

Edition.cnn.com

Youtube.com

Time.com

Related Articles