Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් කපා දමයි!

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රදානය කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා ප්‍රකාශ කරනවා. ඔහුගේ එම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක් වී තිබෙනවා. චීනයෙන් ආරම්භ වී පැතිර යාම ආරම්භ වූ කොවිඩ් 19 වසංගතය, ඉන් අනතුරුව යුරෝපය කේන්ද්‍ර කරමින් යුරෝපා රටවලට ප්‍රබල තර්ජනයක් එල්ල කරනවා. මේ වන විට එම වසංගතය පැතිර යන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින්. 

කොවිඩ්-19 වෛරසය පිළිබඳ කරුණු වසන් කළ බව හා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල් නොමඟ යැවීම් සිදුකළ බවට, ඇමෙරිකානු නායකයා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් මෙලෙස තම රට විසින් ලබාදෙන අරමුදල් අත්හිටුවන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ චෝදනාව 

මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බව නිවේදනය කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (epimg)

“ලෝක සෞඛ්‍ය සංවිධානය පවතින කොරෝනාවෛරස් වසංගතය හමුවෙහි ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අසමත් වූ බවත්, චීනයේ වූහාන් (Wuhan) නගරයෙන් වෛරසය පළමුව පැතිරීම ආරම්භ වූ වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවත්” ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කරන ප්‍රධාන චෝදනාව වෙනවා.

“වෛරස ව්‍යාප්තිය ආරම්භයේ දී ම චීනය ඒ සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා පළ කෙරුවා. ඒ බව හෙළිදරව්‍ කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ කණ්ඩායම් චීනයට යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගන්නේ නෑ. ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තා නම්, ආරම්භයේ දීම මේ පිළිබඳව නිවැරදි තොරතුරු දැන ගැනීමෙන් ලෝකයට වූ හානිය අවම කරගැනීමට හැකියාව තිබුණා. ඒ මඟින් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමටත්, වෛරස පැතිරීම පාලනය කරගැනීමටත් හැකියාව මෙන්ම ලෝක ආර්ථිකය කඩා වැටීම ද වළකා ගැනීමටත්, එමඟින් හැකියාව ලබාගැනීමට තිබුණා.” අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කරනවා.

ඉහත ක්‍රියාමාර්ග වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය පවසන දේ, ඒ ආකාරයටම පිළිගනිමින් චීනය ආරක්ෂා කිරීමේ ක්‍රියා පිළිවෙතක පසුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. 

ජනාධිපතිවරයාගේ තීරණය විවේචනය කරන බිල් ගේට්ස් (dailymail.)

නමුත්, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම විවේචන නිවැරදි නොවන බව චීනය අවස්ථා කිහිපයක දී ම ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා බරපතල බවත්, නිසැකවම ඒවා විමර්ශනයට ලක් කළ යුතු බවත්, නමුත් එවැන්නකට මේ සුදුසු කාලය නොවන බවත් බොහෝ රාජ්‍ය නායකයන් හා සංවිධාන ප්‍රකාශ කර තිබෙනවා. කොරෝනාවෛරසය නිසා ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට ලක් වී ඇති මොහොතක, අමෙරිකාවෙන් සපයන අරමුදල් නැවැත්වීම කිසිලෙසකින් නොකළ යුක්තක් බව යි ඔවුන්ගේ මතය වෙන්නේ.

මේ වන විට කොවිඩ් 19 ගෝලීය වසංගතය පෙර නොවූ විරූ අයුරින් සෑම රටකම දේශීය ආර්ථිකයට හා සිවිල් ජීවිතයට බලපා තිබෙනවා. ඒ හේතුවෙන්  ඉදිරි මාසවල දී ජාත්‍යන්තර සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ගැටළු සඳහා ගෝලීය නායකත්වය සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හැරුණුකොට, වෙනත් බහුපාර්ශවීය ගෝලීය ආයතනයක් නොමැති තරම්. මෙම අවස්ථාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරී වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ හේතුවෙන් සංවිධානයට අරමුදල් අතයවශය් බව බොහෝ ගෝලීය සංවිධාන හා ලෝක නායකයන් ප්‍රකාශ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ඇමෙරිකානු අරමුදල කපා දැමීමේ ප්‍රතිඵල මොනවාද?

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (axios)

ඇමරිකානු බදු ගෙවන්නන් සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 400ත් 500ත් අතර අරමුදල් ප්‍රමාණයක් ගෙවනු ලබනවා. 2019 වසරේ දී අමෙරිකාවෙන් පමණක් ලැබුණු මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 400ක්. අරමුදල් කපා දැමීමට තීරණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ඉදිරි කාලයෙහි එම අරමුදල් සැපයුම යළි ආරම්භ කළ යුතු ද? නැද්ද? යන්න පිළිබඳව දින 60-90 අතර කාලයක සමාලෝචනයක් සිදුකරන බව පවසනවා. එම සමාලෝචනයෙන් පසුව, එකී තීරණය දිගටම ක්‍රියාත්මක කරන්නේ ද? නැද්ද? යන්න තීරණය කරන බව සඳහන් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික අරමුදල්වලින් 15%කට වඩා ඇමෙරිකාව සපයන බැවින් මේ තීරණය එකවරම දරාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට අපහසු වන බව සඳහන් වෙනවා.

මැලේරියා, රුබෙල්ලා, පෝලියෝ වැනි ආසියානු හා අප්‍රිකානු මහද්වීපවල තවමත් ඇති රෝගයන් තුරන් කිරීමට, ඒවායින් පිඩාවට පත් වන ජන කාණ්ඩ සඳහා සහන සැලසීමටත්, විවිධ සෞඛ්‍ය පර්යේෂණ සඳහාත් එම අරමුදල් වැය වෙනවා. ඇමෙරිකාව සිය ආධාර නතර කිරීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුදල් සපයනු ලබන, සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් කෙරෙහි එය දැවැන්ත හා අහිතකර ලෙස බලපෑමක් ඇති කරනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කෝවිඩ් 19 වසංගතය විසින් ඇති කර ඇති දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින්, ඔබ ගත් තීරණය නැවත සලකා බලා එක්සත් ජනපද අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙර පරිදි ලබාදෙන ලෙසත්, යම් වරදක් සිදු වී ඇත්නම් ඒවා විමර්ශනය කොට, පසුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් බොහෝ පාර්ශව ඇමෙරිකානු ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාර 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා (who.in)

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (António Guterres) ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය විවේචනයට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් කපා හැරීමට මෙය කාලය නොවන බව ප්‍රකාශ කරනවා. මෙම වෛරසයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව එක්සත්ව කටයුතු කළ යුතු කාලය මේ වන විට එළඹ තිබෙන බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීර්ඝකාලීන මිතුරෙකු බවත්, එම සම්බන්ධතාවය දිගටම පවතිනු ඇති බවත් තමන්ගේ විශ්වාස බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. මෙම තීරණය සමබන්ධයෙන් තමන් කණගාටු වන නමුත්, කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Related Articles