Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිළිඳු මරණ නිසා ටියුනීසියානු සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වෙයි.

2019 වසරේ මාර්තු මාසයේ 7 හා 8 යන දිනවල දී උතුරු අප්‍රිකානු රටක් වන ටියුනීසියාවේ ප්‍රධාන අගනුවර වන ටියුනස් (Tunis) හි රෝහලක අලුතෙන් උපත ලද ළදරුවන් 11 දෙනෙකු හදීසියේ මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් එරට සෞඛ්‍ය ඇමති අබ්දොරෝව්ෆ් චෙරිෆ් (Abderraouf Cherif) සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් ම වාර්තා කර තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ඇමතිවරයා සිය ධූරයේ දිවුරුම් දීමෙන් මාස හතරකට පමණ පසු මෙම සිදුවීම නිසා ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීම රාජ්‍ය මාධ්‍යයන් ඔස්සේ වාර්තා කිරීමෙන් අනතුරුව ඇමතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය එරට අගමැති යූසෙෆ් චැහැඩ් (Youssef Chahed) හමුවී භාර දී තිබෙනවා. පසුව අගමැතිවරයා විසින් ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබෙනවා.

උතුරු අප්‍රිකාවේ හොඳම සෞඛ්‍ය සේවයක් හිමි ටියුනීසියාව

ටියුනීසියාවේ අලුත උපන් බිළිඳුන් මිය යාමේ සිදුවීම (www.alaraby.co.uk)

උතුරු අප්‍රිකාවේ මහජන සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශිෂ්ටතම කීර්ති නාමයක් හිමි කරගෙන සිටින්නේ ටියුනීසියාව යි. නමුත්, 2011 වසරේ දී සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග එනම්, ජනාධිපති අල් අබිඩින් බෙන් අලි (Zine El-Abidine Ben Ali)ගේ ආණ්ඩුව විසින් රට පාලනය කිරීම ආරම්භ කිරීමත් සමග ටියුනීසියාව උග්‍ර ආර්ථික අර්බුදයකට හා පාලන ක්‍රමය පිළිබඳව ගැටළුවකට මුහුණ පා සිටින රටක් ලෙස නම් කළ හැකි යි.

ඒ හේතුවෙන් රටේ සෑම අංශයමක් ම අඩපණ වී ඇති බවත්, දූෂණ හා අක්‍රමිකතාවලින් රාජ්‍ය සේවය පිරී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. රට මේ වන විට සම්පූර්ණ ආර්ථික අවපාතයකට මුහුණ දී සිටිනවා.

ඉතාමත් හොඳින් පවත්වාගෙන ගිය රටේ මහජන සෞඛ්‍ය සේවය ද මේ වන විට අඩාල වී තිබෙනවා. ඊට මූලික හේතුව වී ඇත්තේ පවතින් උග්‍ර ඖෂධ හිඟය යි.

අලුත උපන් බිළිඳුන් 11 දෙනෙකු මියයාම

ඉල්ලා අස් වූ සෞඛ්‍ය ඇමතිවරයා (PMR News)

ටියුනස් හි ප්‍රධාන රෝහලක් වන රබ්ටා (Rabta) මාතෘ රෝහලේ අලුතෙන් උපත ලබන බිළින්දන් 11 දෙනෙකු පැය 24ක් ඇතුළත මරණයට පත් වීම ටියුනිසියාවේ ආන්දෝලනාත්මක පුවත් මවන සිදුවීමක් විය. මෙම  සිදුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යංශය හා වගකිව යුතු අනෙකුත් පාර්ශව කටයුතු ආරම්භ කරනවා. සිදුවීම පිළිබඳව අධිකරණයෙන් සහාය පැතීමට ද ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා.

රුධිරයේ ආසාදනයක් නිසා මෙම මරණ ඇතිවෙන්නට ඇතැ යි දැනට සැක පහළ කරන අතර, විධිමත් පරීක්ෂණවලින් තවම නිශ්චිත හේතුවක් සොයාගෙන නෑ. මේ පිළිබඳව නිශ්චිත පරීක්ෂණ පවත්වා ඊට වගකිය යුතු පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව එරට අගමැති යූසෙෆ් චැහැඩ් ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය බිළිඳුන්ගේ පවුලේ පිරිස් ද මෙම විමර්ශනය විධිමත්ව සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

සමාජ මාධ්‍යන්ගෙන් එල්ලවෙන චෝදනා

මේ පිළිබඳව විරෝධතා දක්වන පිරිසක් (Al Arabiya)

මේ පිළිබඳව විවිධ සාමාජ මාධ්‍යන් ඔස්සේ, වගකිව යුතු ඉහළ පෙළේ සෞඛ්‍ය වෘත්තියවේදීන්ට දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා. එසේම රජයේ හා මහජන සේවයේ ඇති දූෂණ අක්‍රමිකතා මේ සඳහා බල පා ඇති බවත්, ඒවායේ වැඩි දුරටත් සඳහන් වෙනවා. මහජන සෞඛ්‍ය සේවය දියුණු කිරීම සඳහා යෝග්‍ය නව ක්‍රියා පටිපාටියක් රජය විසින් හඳුන්වාදිය යුතු බවත් සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් වෙනවා.

ටියුනීසියාවේ ප්‍රධාන නගරයේ වීදීවලට රැස් වූ පිරිසක් කාඩ්බෝඩ් ඇසුරුම් හා බෝනික්කන් අත තබාගෙන මෙම සිදුවීමට එරෙහිව විරෝධතාවයක් ද සංවිධානය කරනවා.

මහජන සෞඛ්‍ය සේවය හොදින් ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව වසා ගැනීමට ඇමතිවරයා ඉල්ලා අස්වෙන බවත් මෙය සම්පූර්ණයෙන් ම ජනතාව මුලා කිරීමක් බවත් විපක්ෂ කණ්ඩායම් පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ටියුනීසියානු ජනාධිපතිවරයා ආරක්ෂක කවුන්සලයේ හමුවීමක් ද කැඳවා තිබෙනවා. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විවිධ පියවර ගැනීම් සම්බන්ධයෙන් එහි දී කතාබහට ලක් වී තිබෙනවා.

නව සෞඛ්‍ය ඇමතිවරිය (Gulf News)

විධිමත් පරීක්ෂණවලින් අනතුරුව සෞඛ්‍ය ඇමතිවරයා නැවත පත් කරන්නේ ද නැතහොත්, වෙනත් අයෙක් ඒ වෙනුවට නිර්දේශ කරන්නේ ද යන්න තීරණය කරන බව ටියුනිසියානු අගමැතිවරයා ප්‍රකාශ කරනවා. නමුත්, මේ වන විටත් නව සෞඛ්‍ය ඇමතිවරිය ලෙස එරට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමතිනි බෙන් ෂෙයික් ව (Ben Sheikh) පත් කර තිබෙනවා.

කවරයේ පින්තූරය- Medical Xpress

මූලාශ්‍රයයන්-

bbc.com

aljazeera.com

reuters.com

Related Articles