Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසර සඳහා යුනෙස්කෝ සංවිධානය නම් කළ නව ලෝක උරුම

එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරක දීම ලොව පුරා ස්වභාවික හා සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ලෝක උරුම ලෙස නම් කරනවා. ඒවා යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශිත ලෝක උරුම ලෙස පසුව නම් වෙනවා.

යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම නම් කරන කමිටුව 43 වෙනි වතාවට ජූනි 30 වන දින අසර්බයිජානයට රැස්වෙන අතර එම සමුළුව ජූලි 10 වන දින දක්වා පැවැත්වෙනවා. සමුළුව අවසානයේ දී ඔවුන් විසින් නව ලෝක උරුම ලෙස ස්ථාන 29ක් නම් කරනවා. ඒ අනුව මින් පසුව මෙම ස්ථාන 29 ද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වෙනවා. එම ස්ථාන 29න් කිහිපයකුයි මෙම ලිපියට පාදක වෙන්නේ. 

ඉන්දියාවේ රාජස්ථාන්හි ජායිපූර් නගරය 

ජායිපූර් (Oh My Rajasthan!)

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ වර්තමාන අගනගරය වන ජායිපූර් නගරය සංස්කෘතික වටිනාකමකින් යුක්ත ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝවේ ඒ සම්බන්ධ කමිටුව විසින් තීරණය කර තිබෙනවා.

ඉපැරණි රාජධානි නගරයක් වන ජායිපූර් හදුන්වන්නේ රෝස නගරය (pink city) ලෙස යි. එය රාජස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. 1729 දී පමණ මෙම අලංකාර නගරය නිර්මාණය කර ඇති අතර ඉන්දියාවේ සැලසුම් සහගතව ඉදිකළ පළමු නගරය ලෙස මෙය සැලකෙනවා. වෛදික ගෘහනිර්මාණ ශිල්පයෙන් අලංකාර වූ නගරය දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වෙනවා. ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ සම්ප්‍රදායික හින්දු ගෘහ නිර්මාණ ශිල්පයෙන් බැහැරව නිර්මාණය කර තිබීම යි.

ඉරාකයේ පැරණි බැබිලෝනියා නගරය 

බැබිලෝනියා නගරය (Malay Mail)

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් ඉරාකයේ පැරණි නගරයක් වන බැබිලෝනියාව ද මෙම වසරේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. මෙම නගරයට එහි ඇති එල්ලෙන උයන ද අයත් වෙනවා. එල්ලෙන උයන ලෝක පුදුම හතෙන් එකක් ලෙස නම් කර තිබුනේ මීට බොහෝ කාලයකට ප්‍රථමව යි. මීට ප්‍රථමව මෙම නගරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට අදහස් කර තිබුණ ද ඉරාකයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවය එම තීරණය කල් දැමීමට සමත් වෙනවා. නමුත් මේ වසරේ දී නගරය ලෝක උරුමයක් ලෙස නම් කිරීම ඉරාක රජය ලැබූ ජයග්‍රහණයක් ලෙස සඳහන් වෙනවා.

මියන්මාරයේ බැගැන් 

බැගැන් (Frontera)

බෞද්ධ විහාර දහස් ගණනක් පිහිටි මියන්මාරයේ බැගැන් පෞරාණික නගරය මේ වසරේ දී යුනෙස්කෝව විසින් සංස්කෘතික වටිනාකමක් සහිත ලෝක උරුමයක් බවට පත්කර තිබෙනවා. මෙම නගරයට අධික සංචාරක ආකර්ශනයක් පවතින අතර ප්‍රදේශය පුරා වායු බැලුන චාරිකා ඉතා ප්‍රසිද්ධ යි.

පරටී – බ්‍රසීලය 

පරටී (United Hub – United Airlines)

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි පිහිටි පරටි නම් වෙරළබඩ නගරය ද මේ වසරේ දී ලෝක උරුම ලැයිස්තුවට එකතු කර තිබෙනවා. එය ලෝක උරුම ලැයිස්තුවට එකතු වී තිබෙන්නේ ස්භාවික වැදගත් ස්ථානයක් ලෙස යි. ඓතිහාසික වරායකින් මෙම වෙරළ නගරය සමන්විත වෙන අතර 17 වන සියවසේ යුරෝපයට යාත්‍රා වූ නෞකා බොහෝ ප්‍රමාණයක් මේ ඔස්සේ යාත්‍රා වී තිබෙනවා. අද වන විට ලොව පුරා සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට මෙම වෙරළබඩ නගරය පත් වී තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රදේශය ලොව ජෛවවිද්‍යාත්මක වශයෙන් උසස් ප්‍රදේශයක් ලෙස ද නම් වී තිබෙනවා.

ඕම්බිලින් ගල් අගුරු ආකර – ඉන්දුනීසියාව 

ඕම්බිලින් ගල් අගුරු පතල (UNESCO World Heritage Centre)

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ කැලෑබද ප්‍රදේශයක පිහිටි 19 වන සියවසට අයත් ඕම්බිලින් ගල් අගුරු පතල ද 2019 වසරේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ප්‍රදේශයේ ගිනිකොණ දිග ආසියාවේ පළමු ගල් අගුරු කැනීම් සිදුකළ ප්‍රදේශය ලෙස සඳහන්.

මුල් යුගයේ දී ගල් අගුරු ආකරවල වැඩ කටයුතු සිදු වූ ආකාරය එහිදී භාවිතා වූ උපකරණ හා විවිධ යන්ත්‍ර හා විශාල ප්‍රමාණයේ දෝනා මෙහිදී සංචාරකයන්ට දැකගත හැකිවෙනවා. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයට සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.

මෙවර නම් කරන ලද ලෝක උරුම 29 අතර ලොව පුරාම විවිධ රටවල නොයෙක් ආකාරයේ වටිනා කමින් යුක්ත ස්ථාන අයත් වෙනවා. චීනයේ, අයිස්ලන්තයේ, පෝලන්තයේ, කැනඩාවේ, ස්පාඤ්ඤයේ, කොරියාවේ, බ්‍රිතාන්‍යයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ, පෘතුගාලයේ හා තවත් බොහෝ රටවල් ප්‍රමාණයක ලෝක උරුම රාශියක් මෙවර ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය - Frontera

මූලාශ්‍රයයන් - 

nationalgeographic.com

thejakartapost.com

bbc.com

Related Articles