Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

කොරෝනාවෛරසය හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. 2019 වසරේ අග භාගයේ දී චීනයේ හුබේ පළාතේ වූහාන් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැතිරී ගිය කොරෝනාවෛරසයේ ඊළඟ කේන්ද්‍රස්ථානය බවට පත්වන්නේ යුරෝපය යි. ස්පාඤ්ඤය ප්‍රංශය හා එක්සත් රාජධානියෙන් සීග්‍ර ලෙස ආසාදිතයන් වාර්තා වෙන අතර වෛරසය වඩා වේගයෙන් ව්‍යාප්ත වන රටවල් බවට ඒවා පත්වෙනවා. නමුත් මේ වන විට එම සියලු රටවල්වලට වඩා ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනාවෛරස ව්‍යාප්තිය වේගවත් වී තිබෙනවා.

අද වන විට (ජූනි 5) කොවිඩ් 19 වෛරසයේ වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ආසාදිතයන් ප්‍රමාණය 1,917,101ක් ලෙස සටහන් වෙන අතර මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගිය පළමු හා එකම රට වන්නේත් ඇමෙරිකා එක්සත් ජනපදය යි. අද වන විට වාර්තා වන මරණ ප්‍රමාණය 109,979ක්. සුවය ලැබූ මුළු රෝගීන් ප්‍රමාණය ලෙස වාර්තා වන්නේ 439,194ක්. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනාවෛරසය ආසාදනය වූ අයෙක් මිය යාමේ ප්‍රතිශතය ලෙස මේ වන විට දැක්වෙන්නේ 14%ක්. රෝගියෙක් සුව වීමේ ප්‍රතිශතය 86%ක් ලෙස දැක්වෙනවා.

ආසාදිතයන් ප්‍රමාණය අතින් දෙවන තැන හිමි වී තිබෙන්නේ දකුණු ඇමෙරිකානු රටක් වන බ්‍රසීලයට යි (ආසාදිතයන් ප්‍රමාණය 618,554ක්). තෙවන තැන ලබාගෙන තිබෙන්නේ රුසියාව යි (ආසාදිතයන් ප්‍රමාණය 449,834ක්).

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනාවෛරස් ව්‍යාප්තිය 

කොවිඩ් මරණ වැඩිපුරම ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් (aljazeera.com)

කොවිඩ් 19 වෛරසයේ පළමු ආසාදිතයා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන්නේ පසුගිය ජනවාරි මාසයේ දී යි. පළමු කොවිඩ් මරණය වාර්තා වන්නේ පෙබරවාරි මාසයේ දී යි. මාර්තු මාසයේ අග වන විට අමෙරිකාවෙන් රෝගීන් 50ක් වාර්තා වන අතර එම මාසය අවසන් වන විට සියලු ප්‍රාන්ත කරා වේගයෙන් වෛරසය පැතිර යනවා. ජනවාරි 31 වන දා ඇමෙරිකානු මධ්‍යම රජය විසින් එරටට හදිසි සෞඛ්‍ය අනතුරු තත්ත්වයක් නිවේදනය කරනවා. පෙබරවාරි දෙවැනි දා ඇමෙරිකානු රජය විසින් චීනයේ සිට ඇමෙරිකාව වෙත පැමිණෙන පුද්ගලයන්ට රට තුළට ඇතුළුවීම තහනම් කරනවා. නමුත් ඒ අතර සිටි ඇමෙරිකානු පුරවැසියන්ට සිය රටට ඇතුළු වීමට බාධාවක් එල්ල වන්නේ නෑ. 

කොරෝනාවෛරසය පිළිබඳව වූ අවතක්සේරුව 

කොරෝනාවෛරසය පිළිබඳව අවතක්සේරුවෙන් කතාකරන නායකයෙක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ව හදුන්වනු ලබනවා  (forbesimg)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යන්ගෙන් ඇමෙරිකානු රජය වෙත එල්ලවන ප්‍රබල චෝදනාව වන්නේ ඔවුන් වෛරස ව්‍යාප්තිය ආරම්භයේ දී එය සුළු කොට තැකීම යි. හුදෙක් මෙය සුළු සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මුල්ම කාලයේ වෛරසය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා. මුල්ම කාලයේ වෛරසය ව්‍යාප්ත වීමේ වේගයට සාපේක්ෂව PCR පරීක්ෂණ වේගවත් වන්නේ නෑ. අවසානයේ දී වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඇමෙරිකානු සෞඛ්‍ය සේවාවට දැරිය නොහැකි තරම් අගයක් ගනු ලබනවා.පසුව ඇමෙරිකානු ජනාධිතිවරයාගේ චෝදනාව එල්ල වන්නේ චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය දෙසට යි. ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය හිතාමතාම රෝගයේ බරපතලකම සැඟවූ බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා කරනවා.

මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා යාම 

ඇමෙරිකා එක්සත් ජනපදයේ මුළු ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යන ආකාරය (worldometers)

මාර්තු 13 වන දා නව රෝගීන් 553ක් වාර්තා වෙන අතර එය ක්‍රමක්‍රමයෙන් වැඩි වී අප්‍රේල් 4 වන දා වන විට දිනකට වාර්තා වෙන නව රෝගීන් ප්‍රමාණය ලෙස 34 517ක් සටහන් වෙනවා. ඉන් පසුව මේ දක්වා සෑම දිනකම පාහේ අලුතෙන් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය 20 000 ඉක්මවා ගොස් තිබෙනවා. අප්‍රේල් 24 වන දා අලුතෙන් වාර්තා වූ රෝගීන් 38 958 ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනකට වාර්තා වූ ඉහළම රෝගීන් ප්‍රමාණය යි. මේ වන විට අලුතෙන් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයේ අඩු වීමක් දකින්න ලැබෙන අතර ජූලි 2 වන දා වාර්තා වූ රෝගීන් ප්‍රමාණය ලෙස සටහන් වන්නේ 21 882ක්.

ඇමෙරිකාවේ දෛනික මරණ ප්‍රමාණය (worldometers)

ඇමෙරිකාවේ මුල්ම මරණය පෙබරවාරි 27 වන දා වාර්තා වන අතර ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් ඉහළ යන මරණ ප්‍රමාණය මැයි 26 වන දා වන විට ලක්ෂය ඉක්මවා යනවා. දැනට අමෙරිකාවෙන් දිනකට වාර්තා වූ ඉහළම මරණ ප්‍රමාණය ලෙස සඳහන් වන්නේ 2683ක්. ඒ අප්‍රේල් 21 වන දා යි. දිනකට වාර්තා වෙන මරණ ප්‍රමාණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩු වීමක් දකින්න ලැබෙන අතර ජූනි 2 වන දා නව මරණ ප්‍රමාණය ලෙස 1134 ක් සටහන් වෙනවා.

ප්‍රාන්තවල වෛරසයේ ව්‍යාප්තිය 

ඇමෙරිකාව තුළ වෛරසයේ වැඩිම ව්‍යාප්තිය මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන ප්‍රාන්තය වන්නේ නිව් යෝර්ක්. නිව් යෝර්ක්වලින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 375,133ක්. සටහන් වන මරණ ප්‍රමාණය 24,133ක් ලෙස සඳහන් වෙනවා. ඉන්පසුව වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ නිව් ජර්සි ප්‍රාන්තයෙන් එය පිලිවෙලින් 162,530ක් හා 11,970ක්. සෑම ප්‍රාන්තයකටම වෛරසය පැතිරී යාමට අමතරව මේ වන විට ඇමෙරිකානු සිරගෙවල්වලට හා නෞකා කිහිපයකට ද වෛරසය බෝ වී තිබෙනවා.

කවරයේ පින්තූරය -insider

මූලාශ්‍රයයන් -
Worldometers

Zeenews.india

Ndtv

Related Articles