Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවෛරසයේ A ප්‍රභේදය ශ්‍රී ලංකාවේ

ලොව පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මේ වන විට වසංගතය ලොව පුරා රටවල් 180ට වැඩි ගණනකට බලපා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව, ඕනෑම රටක තහවුරු වූ ආසාදිතයින්ගේ ගණනට වඩා තුන් ගුණයකටත් වැඩි ඉහළ අගයක් ගන්නවා. චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වී පසුව යුරෝපය කේන්ද්‍රකරගෙන පැතිරී ගිය වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගෙන වර්තමානයේ දී වේගයෙන් පැතිර යනවා. එය අනාගතයේ දී අප්‍රිකානු මහද්වීපය කෙන්ද්‍රකරගෙන පැතිරී යනු ඇතැ යි සෞඛ්‍ය විශේෂඥයන් මත පල කරනවා. 

කොරෝනා ප්‍රතිශක්තිකරණ සොයා කරන පර්යේෂණ මඟින් තවමත් සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයාගන නැහැ. බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් ඒ සඳහා ඉතා සාර්ථකව උත්සාහ කරන බව සඳහන් වෙනවා. එසේ ළඟ දී දිනක ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගත්තත්, එය ගෝලීයව ලබා දෙන්නට අඩු තරමින් තව වසරක් වත් ගත වෙන බවයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ.

මේ වන විට කොරෝනාවෛරසයේ ආකාරයන් කිහිපයක් ලොවපුරා සංසරණය වන අතර සමහර ආකාරයන් අනෙක් ආකාරවලට වඩා වෙනස් බව යි විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ. එම වෛරසයේ A,B, හා C ලෙස හඳුන්වන මූලික ආකාර තුනක් විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාවේ දකින්න ඇත්තේ කොරෝනාවෛරසයේ A ආකාරය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පසුගිය දා සඳහන් කරනවා.

මෙරට කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් අතර එම වෛරසයේ A ආකාරයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් තවදුරටත් සඳහන් කර සිටිනවා. එම විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ කොවිඩ් වෛරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය කිරීමේ (whole genomic sequencing) දී මේ බව අනාවරණය කර ගෙන තිබෙනවා. 2012 වසරේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය ඩෙංගු ඇතුළු ලංකාවේ විවිධ වෛරස් පිළිබඳව පර්යේෂණ පවත්වන අතර මෙවැනි පරීක්ෂණයක් ලංකාවේ කර ඇත්තේ පළමු වතාවට යි.

රට රටවල්වල කොවිඩ් 19 වෛරසයේ වෙනස් ආකාර 

විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයන් පිරිස (bbc)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID-19 ලෙස නම් කළ රෝගය ඇති කරන නව කොරෝනාවෛරසය SARS-CoV2 ලෙසත් හඳුන්වනු ලබනවා. එම වෛරසයේ A,B හා C ලෙස හඳුන්වන මූලික ආකාර තුනක් ලෝකයේ විවිධ රටවල ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. මින් A කාණ්ඩයට අයත් ප්‍රභේදයන් එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව යන රටවලින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. මෙහි C ප්‍රභේදය ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපයේ පැතිරී ඇති බව සඳහන් වෙනවා.

COVID-19 රෝගයේ, A කාණ්ඩයට අයත් වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යන බවට මේ වන විට සිදු කළ මූලික පරීක්ෂණවල දී හඳුනා ගැනීමට හැකිව තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ විසින් මෙම පර්යේෂක කණ්ඩායම මෙහෙයවා ඇති අතර එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයට අනුයුක්ත වෛද්‍ය චන්දිමා ජීවන්දර සහ අනෙකුත් පර්යේෂණ විද්‍යාඥයින් පර්යේෂණය සඳහා සහාය වී තිබෙනවා.

පර්යේෂණ සඳහා සියලුම මුල්‍ය අනුග්‍රහය සෞඛ්‍ය අමාත්යංශය ලබා දී තිබෙනවා. ඊට අමතරව මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන වෛරසයේ A ප්‍රභේදය කොරෝනාවෛරසය ශරීර ගත වූ රෝගීන්ගේ ජෛව සාම්පලවලින් වෙන්කර ගත් වෛරසයේ RNA දත්ත සැකැස්ම විශ්ලේෂණය කිරීමෙන් හදුනා ගැනීමට පර්යේෂක කණ්ඩායම සමත් වී තිබෙනවා. A3, A1a, හා A2a මාදිලි දෙකක් ලෙස එම A ප්‍රභේදයන් හතර නම් කර තිබෙනවා.

පර්යේෂණයේ වැදගත්කම 

ලංකාවේ වෛරස් ප්‍රභේදය (3.bp)

ඕනෑම රටක වෛරසයයක් පැතිර යාමේ දී එහි ප්‍රධාන කොටස් තුනක් පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. වෛරසය කොතරම් ප්‍රබල ද, ධාරකයාගේ ප්‍රතිරෝධිතාවය, හා පාරිසරික සාධක යි. මෙම පර්යේෂණය මඟින් වෛරසයේ පැතිරයාම පිළිබඳව අදහසක් ගත හැකි යි. 

පර්යේෂණය මඟින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වෛරසයක ජාන සැකැස්ම විමර්ෂණය කර තිබෙනවා. පෙර දී මෙම පර්යේෂණයන් සිදු කෙරුනේ, වෛරසයේ ප්‍රවේණිගත ලක්ෂණ සහිත RNA (Ribo Nucleic Acid නම් න්‍යෂ්ටික අම්ල) වෙන්කරගෙන වැඩිදුර පර්යේෂණ සඳහා වෙනත් රටක රසායනාගාරයකට යැවීමෙන්. මේ වන විට ජාන සැකැස්ම විමර්ශනය කිරීමට තරම් විද්‍යාත්මක පර්යේෂණ මෙරට දියුණු කිරීමට හැකි වීම පිළිබඳව තමන් සතුටු වන බවත් එය ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රමුඛ ජයග්‍රහණයක් බවත් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන මහචාර්යවරිය සඳහන් කරනවා.

ලෝකයේ විවිධ ප්‍රදේශවල දකින්න ලැබෙන වෛරසය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් ආකාරයක් ගන්නවා. ඇමෙරිකාවේ, යුරෝපයේ මරණ ප්‍රමාණය ඉහළ අගයක් ගැනීමටත් තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව ඇතුළු දකුණු ආසියාව හා අග්නිදිග ආසියානු කලාපවල ආසාදිතයන් වාර්තා වුව ද වාර්තා වෙන මරණ ප්‍රමාණය අවම අගයක් ගැනීමටත් එම වෛරස කාණ්ඩවල ඇති වෙනස්කම හේතුවන බව සඳහන් වෙනවා.

රටක් අනිවාර්යයෙන්ම තම රටේ සැරිසරන වෛරස් ප්‍රභේදය පිළිබඳව පර්යේෂණ සිදු කර තිබීම වැදගත් බව මෙම පර්යේෂක කණ්ඩායම සඳහන් කරනවා. වෙනත් රටක් විසින් වෛරසය සඳහා එන්නතක් හෝ වෙනත් ආකාරයේ ඖෂධයක් නිර්මාණය කළහොත් එය තම රටට ගැලපේ ද යන්න සොයා බැලීමට වෛරස් ප්‍රභේදයේ නිරවද්‍යතාවය බලපානු ලබනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ එන්නතක් අත්හදා බැලුවොත් ශ්‍රී ලංකාවට එය යොදා ගැනීමට හැකි ද යන්න මේ මඟින් තීරණය කළ හැකි වෙනවා. එසේ සඳහන් කරන්නේ  ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ යි. වෛරසයේ හැසිරීම පිළිබඳව තම කණ්ඩායම තවදුරටත් පර්යේෂණ සිදු කරන එම මහාචාර්යවරිය තවදුරටත් සඳහන් කරනවා.

මූලාශ්‍රයයන්:

Sjp.ac.lk

BBC

කවරයේ පින්තූරය - ichef

Related Articles