Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුණු ආවරණ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම නිවේදනය

2019 වසරේ අග භාගයේ දී චීනයෙන් ආරම්භ වූ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් රැසකට වසංගතයක් සේ පැතිර ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය සඳහා නිතරම සබන් යොදා දෑත් සේදීම, ජනාකීර්ණ ස්ථානයන්හි දෙදෙනෙකු අතර අවම මීටරයක පරතරයක් පවත්වා ගැනීම හා මුහුණු ආවරණ පැළදීම වැනි දේ සෞඛ්‍ය අංශ විසින් ජනතාවට නිර්දේශ කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මුහුණු ආවරණ පැළදීම සම්බන්ධයෙන් වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ  තීරණය මේ වන විට නැවතත් සංශෝධනය වී තිබෙනවා. සියලු දෙනාම මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව එම සංවිධානය මුල දී නිවේදනය කර තිබුණා. නමුත් මේ වන විට එම තීරණය වෙනස් කර සියලු දෙනා මුහුණු ආවරණ පැළදීම යෝග්‍ය වන බවට ඔවුන් නිවේදනය කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙර මතය 

සියල්ලෝම මුඛ ආවරණ පැළදීමෙන් මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය සේවකයන්ට මුඛ ආවරණ හිගයක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා (newscientist)

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳිය යුතු බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් කොරෝනා වෛරසයට ගොදුරු වූ බවට සැක කෙරෙන අයෙකු, නැතිනම් උණ, කිවිසුම් යාම, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇති කෙනෙකු මුඛ ආවරණය පැළඳිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

මුඛ ආවරණ පැළඳිය යුතු පුද්ගලයන් කොටස් දෙකකට බෙදා දක්වනවා. එම කොටස් දෙකට අයත් පුද්ගලයන් පමණක් මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වන බව සඳහන් කරනවා. රෝගී සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්, කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කෙනෙකුට සාත්තු කරන පුද්ගලයන් එම කොට්ඨාශයන් දෙක යි. 

නිරෝගී අයෙක් මුඛ ආවරණ පැළඳීම මඟින් අවට වාතයේ පවතින වෛරසය ශරීරගත වීම වැළක්වීමට හැකියාවක් නොලැබෙන බැවින් ඔවුන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව ද සඳහන් කරනවා. තවද සියල්ලෝම මුඛ ආවරණ පැළදීමෙන් මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය සේවකයන්ට මුඛ ආවරණ හිඟයක් ද ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. 

මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් වන අලුත්ම නිවේදනය 

රෙදිවලින් සාදා ගන්නා මුහුණු ආවරණ හෝ පළදින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා (trtworld)

පසුගිය ජූනි 6 වන දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අමතරව මුඛ ආවරණ ද පැළදීම සඳහා සියලු රටවල රජයයන් විසින් දිරිමත් කිරීම් කළ යුතු බව යි. මුහුණු ආවරණය මඟින් වෛරස ව්‍යාප්තිය මෙපමණ ප්‍රමාණයකින් පාලනයව වන බව නිශ්චිතව පැවසිය නොහැකි වුවත්  මුහුණු ආවරණ පැළඳීම හොඳ අදහසක් බව නව පර්යේෂණ නිර්දේශයන්ගේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් පසුගිය සිකුරාදා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ යාවත්කාලීන වන පරීක්ෂණ ප්‍රතිඵලයන් සමග මෙම තීරණයට එළඹුණු බව යි. 

පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන අයට, වෙළඳසැල් සේවකයන්ට, ජනාකීර්ණ වීදිවල ගැවසෙන පුද්ගලයන්ට, පාරිභෝගිකයන් සමග ගණුදෙනු කරන කාර්යාල සේවකයන්ට එම රටවල රජයන් විසින් මුහුණු ආවරණ පළඳින ලෙස දිරිමත් කළ යුතු බව ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවකට එකතු වෙමින් ඔහු වැඩි දුරටත් අදහස් දක්වනවා.

මුහුණු ආවරණය ගුණාත්මක විය යුතු යි

සායනික මුහුණු ආවරණ (army-technology)

මුහුණු ආවරණයක් පැළදීමේ දී එහි ගුණාත්මකභාවය පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී සඳහන් කරනවා. සියලු දෙනාට සායනික මුහුණු ආවරණ පැළදීමට හැකියාව නොමැති බැවින් රෙදිවලින් මසන ලද මුඛ ආවරණ හෝ ජනතාවට පැළඳීමේ හැකියාව පවතිනවා. 

නමුත් එම මුහුණු ආවරණ ඵලදායි වීමට අවම තරමින් ස්ථර තුනකින්වත් සමන්විත විය යුතු වෙනවා. කපු වැනි අවශෝශෝෂක ද්‍රව්‍යයක් අභ්‍යන්තර ස්ථරය ලෙසත් පොලිප්‍රොපිලින් වැනි පෙරනයක් මධ්‍ය ස්ථරය ලෙසත් පොලියෙස්ටර් මිශ්‍රිත පිටත ස්තරයකින් යුක්ත මුඛ ආවරණ, පැළඳීම සඳහා සුදුසු වෙන බවත් මේවා ගෘහස්තව නිෂ්පාදනය කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. සිල්ක්, ජලය කාන්දු වන රෙදි වර්ග හා ඇදෙනසුලු රෙදි වර්ග ද මුහුනුට දැරිය නොහැකි තාපයක් පිටකරන රෙදි වර්ග ද මේ සඳහා නුසුදුසු වෙනවා.

හුදෙක් මුහුණු ආවරණයක් පැළදීමෙන් පමණක් තමන් වෛරසයෙන් ගැලවෙනු ඇතැ යි නොසිතිය යුතු බවත්, එය අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශයන්ගෙන් එකක් පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. “තනි මුහුණු ආවරණයක් කෙලෙස ඔබව සම්පුර්ණයන් ආරක්ෂා කරන්න ද?”යි අසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යි. ඒ නිසා පුද්ගල දුරස්ථභාවය, නිතර දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය පුරුදුවල තව දුරටත් නියැලෙන ලෙස ඔහු සඳහන් කරනවා. ඒ හේතුවෙන් මුහුණු ආවරණ පැළඳ සිටිය ද ඒ මත රඳා නොසිට ඔබේ ආරක්ෂාව සහ ඔබ අවට සිටින පුද්ගලයන්ගේ ආරක්ෂා පිළිබඳ සැලකිලිමත් විය යුතු යි. 

දැනටමත් මුඛ ආවරණ අනිවාර්ය කර ඇති රටවල් 

රෙදි මුහුණු ආවරණ ස්ථර තුනකින් සමන්විත යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ (mos) 

ඇමෙරිකාවේ යම් යම් ප්‍රාන්තවල, ඔස්ට්‍රේලියාව, පෘතුගාලය, හා ප්‍රංශය වැනි රටවල මේ වන විට පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී (වෙළඳ සැල් හා ඖෂධ ශාලා) හා පොදු ප්‍රවාහනය භාවිතයේ දී  මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ඉතාලිය තුළ වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇති ප්‍රදේශවල නීතිය අනුව නිවසින් පිටත යන සියලු දෙනා මුව හා නාසය වසා ගෙන යා යුතු ය යන්න නීතියක් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ජර්මනියේ සියලුම දෙනා තම නිවසින් ඉවතට යාමේ දී මුව ආවරණයක් භාවිතා කළ යුතු බවට එරට රාජ්‍ය නායිකා ඇන්ගෙලා මර්කෙල් ප්‍රකාශ කර තිබෙනවා. බ්‍රිතානයේ ද නව නීතියක් ලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද පොලීසිය විසින් මහාමාර්ගවල ගමන් කිරීමේ දී මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙනවා.

කවරයේ පින්තූරය - .newscientist

මූලාශ්‍රයයන්: 

BBC.com

Focus Science

Related Articles