Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තව අවුරුදු දාහකින් එහා මිනිස්සු මොන වගේද වේවිද?

මීට අවුරුදු දහදාහකට විතර කලින් හිටපු මිනිස්සුන්ට කිරි බොනව කියන්නේ වහ බොනවා වගේ වැඩක් කියල ඔබ දැනන් හිටියාද?  කිරි බීමේ නොහැකියාව හෙවත් lactose tolerance මීට ශත වර්ෂ සියයකට පමණ පෙරාතුව වර්ධනය වීමට කලින් මිනිසා කිරිවලට ආසමිත්කතාවක් දැක් වූ බවයි විද්‍යාඥයන් පවසන්නේ.

බොහෝ සමීක්ෂණ වලට අනුව පසුගිය වසර එකසියපනහ ඇතුලත මිනිසාගේ සාමාන්‍ය උස ප්‍රමාණය දළ වශයෙන් සෙන්ටිමීටර් දහයකින් පමණ වැඩිවී තිබෙනවා.

පසුගිය වසර හැටපහක පමණ කාලය අතරතුර මිනිසෙකුගේ සාමාන්‍ය ආයු ප්‍රමාණය වසර විස්සකින්  පමණ ඉහල ගොස් තිබෙනවා.

විද්‍යාවේ දියුණුවත් සමග මිනිස් සංහතිය සෑහෙන දුරක් ඇවිත් ඇති බව පැහැදිලියි. තාක්ෂණයේ ප්‍රගතියතට සමගාමීව පසු ගිය වසර සියය තුළ පමණක් අපේ එදිනෙදා ජීවිතය කෙතරම් වෙනස් වී ඇතිද යන්න විශ්වාස කරන්න බැරි තරම්. වසර 200,000ක පමණ ඉතිහාසයක් තියෙන සත්ව විශේෂයකට අවුරුදු සීයක් කියන්නේ සාපේක්ෂව ඉතාකෙටි කාලයක්. එතරම් කෙටි කාලයක් ඇතුළත මිනිස් ජීවතය මෙතරම් වෙනස් වීමකට භාජනය වී ඇත්නම් තව අවුරුදු දාහකින් මිනිසුන් කොහොම ඉඳියිද?

මේවගේ දේවලුත් වැඩි ඇතක නෙමෙයි (d.ibtimes.co.uk)

මේවගේ දේවලුත් වැඩි ඇතක නෙමෙයි (d.ibtimes.co.uk)

Smartphone එකක් නැතුව කොපමණ කාලයක් ඔබට ඉන්න පුලුවන්ද? දවසක්, දෙකක්? ඉදිරි දශක කිහිපය ඇතුළත නිපදවෙන පරිගණක මිනිස් මොළයේ ආගණන හැකියාවට (computational speed) ළඟා වනු ඇති බව විද්‍යාඥයන් පවසනවා. ඒ දළ වශයෙන් තත්පරයකට ගණනය කිරීම්  (calculations) 10^5ක්.

මේ පරිගණකවලට මිනිසුන් සමග කතා කිරීමේ හැකියාවට අමතරව සවන්දීමේ හා මතක තබා ගැනීමේ හැකියාවද ලැබෙනු ඇති. මේ හරහා transhumanism හෙවත් පස්චාත්-මානව අවධියකට අප ගමන් කරනු ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයයි. නැනෝ තාක්ෂණය (nanotechnology) ආශ්‍රිතව නිපද වෙන ඉතා කුඩා ප්‍රමාණයේ රොබෝ යන්ත්‍ර (nanobots) මිනිස් සිරුරට ඇතුල් කර ඒ හරහා මානව හැකියාවන් වැඩි දියුණු කිරීමේ ඉඩකඩ තිබේ.

දැක්කම පොඩ්ඩක් බය හිතුනත් නියම තාක්ෂණයක් (sites.bu.edu)

දැක්කම පොඩ්ඩක් බය හිතුනත් නියම තාක්ෂණයක් (sites.bu.edu)

මෙමගින් ලෙඩ රෝග මැඩපැවැත්වීම, ප්‍රතිශක්තිකරණය තීව්ර කිරීම, ක්‍ෂුද්‍ර සැත්කම් (microsurgery) යනාදිය සිදු කිරීම කර හැක. දැනට මිනිස් සිරුරේ ඇති සීමා මායිම් හා අඩු ලුහුඬු කම් මින් මග හැරෙනු ඇති අතර අනාගත මිනිසා ජයිව-යාන්ත්‍රික (man and machine) සත්වයෙක් ලෙස හැඳින්විය හැක.

මේ කියන තාක්ෂණයට යොදාගන්නේ ප්‍රමාණයෙන් ඉතා කුඩා රොබෝවන් අති විශාල ප්‍රමාණයක් (slideshare.net)

මේ කියන තාක්ෂණයට යොදාගන්නේ ප්‍රමාණයෙන් ඉතා කුඩා රොබෝවන් අති විශාල ප්‍රමාණයක් (slideshare.net)

Utility fog හෙවත් උපයුක්ත වලාව යනු නුදුරු අනාගතයේ දැක ගත හැකි වැදගත් නිර්මාණයක්. ක්‍ෂුද්‍ර රොබෝවරුන් (microscopic robots) ඇති විශාල සංක්‍යාවකින් සමන්විත මෙය ඔබේ වුවමනාවට සරිළන ලෙස ක්ෂණිකව හැඩ ගසා ගැනීමට පුළුවන්. ගොඩනැගිලි ඉදි කිරීමේදී මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ. තමන්ට කැමති වෙලාවක ගොඩනැගිල්ලක් මෙමගින් නිපදවා ගත හැකි අතර, එය ඉවත් කර ඒ වෙනුවට වෙනත් යමක් තනා ගැනීමද ක්ෂණයකින් සිදුකර ගත හැක. උදාහරණයක් ලෙස, උදේ නැගිටලා වැඩට යන කොට ඔබේ නිවසේ හැඩය මුළුමනින් වෙනස් කර එය පලතුරු කඩයක් බවට පරිවර්තනය කර ගත හැක. හැබැයි ඉතින් ඕක ’මෙතන තිබ්බ ලෑලි ගෙදර කෝ’ වගේ සීන් එකක් වෙන්නත් බැරි නෑ.

කෝ ඇත්තටම?

කෝ ඇත්තටම?

දැනට ලෝකයේ භාෂාවන් 7000ක් පමණ භාවිතා වෙනවා. නාගරීකරණය හා ගෝලීයකරණය ඉහල යාමත් සමග මෙම සංක්‍යාව භාෂා 100ක් දක්වා පහත වැටෙනු බවට විශ්ලේෂකයින් අනාවැකි පල කරතිබෙනවා.

ගෝලීය උණුසුම ඉහල යාම හා ඕසෝන් ස්ථරය තව දුරටත් සිදිරු වීම අපේ අනාගතයට අති විශාල බලපෑමක් ඇති කරන බව පැවසීමට හඳහන් බලන්න අවශ්‍ය නැහැ.

පොළොවට පතිත වන පාර ජම්බුල කිරණ (UV rays) ඉහළ යාමත් සමග, ඉන් ඇති විය හැකි හානිය අවම කිරීම සඳහා මිනිස් සම ස්වාභාවිකවම  අඳුරු පැහැයක් වෙත පරිණාමය වනු ඇත.

උෂ්ණත්වය ඉහළ යෑමත් සමග මිනිස් සිරුරේ ප්‍රමාණයද වෙනස් වනු ඇත. (උසින් වැඩි කෙසඟ සිරුරකට උෂ්ණත්වය පිට කිරීම පහසුය). මෙවැනි පරිණාමික වෙනස් කම් සඳහා වසර සිය දහස් ගණනක් ගත වන අතර  ස්වභාවධර්මයෙන් ආරක්ෂා වීමේ අප සතු විශේෂ හැකියාව මතද එය රඳා පවතියි.

ජානමය විකෘතී වීම මගින් ඇසේ වර්ණය උනත් වෙනස් වෙන්න පුළුවන්. (mlgtestforum.midlifegamers.co.uk)

ජානමය විකෘතී වීම මගින් ඇසේ වර්ණය උනත් වෙනස් වෙන්න පුළුවන්. (mlgtestforum.midlifegamers.co.uk)

ජානමය විකුර්තීන් (mutations) හේතුවෙන් ඇතිවන ගති ලක්ෂණ වෙනස් වීමද සැලකිය යුතුයි. අලුත් අක්ෂි වර්ණයක්, එහෙමත් නැත්නම් භෞතික හැකියාවක් මේ විකුර්ති හේතුවෙන් දක්නට ලැබීමේ ඉඩකඩ ඇත. දැනටමත් ලෝහ වර්ග හා අනෙකුත් විෂ සහිත දේ අහාරයට ගත හැකි මිනිසුන් පිළිබඳ ඉඳ හිට වාර්තා වෙනවා. Tetrachromacy නමැති දුර්ලභ තත්වයෙන් පසුවෙන අයට සාමාන්‍ය මිනිසුන් මෙන් 100 ගුණයක් වර්ණ දැකීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා. අනාගතයේදී මෙවැනි විකුර්තීන් වැඩි විය හැකි බව අනුමාන කරන්න පුළුවන්, හැබැයි ඒ එවැනි වෙනස්කම් මගින් මිනිස් උන්නතියට කිසියම් වාසි දායක තත්වයක් ඇති වන්නේ නම් පමණයි. පරිණාමවාදයේ (විශේෂයෙන් natural selection හෙවත් ස්වභාවික වරණයේ) ස්වභාවය එයය . X-Men, Deadpool වගේ mutantsල සෙට් එකක් දකින්න ලැබෙයි කියල හිතන්න නම් අමාරුයි.

නමුත් කෘතීම වරණය (artificial selection) හෙවත් මිනිසා විසින් හඳුන්වාදෙන වෙනස් කම් මගින් ඉදිරියේදී මිනිස් පරිණාමය තීරණය වනු ඇති බව විද්වතුන්ගේ අදහසයි.

ඉපදීමට කලින් ළදරුවන්ගේ ජාන වෙනස් කිරීමෙන් ඔවුන් තුළ ශරීරගතව තිබිය හැකි ලෙඩ රෝග මර්දනය කරනවා පමණක් නොව දෙමවුපියන්ගේ කැමැත්ත අකමැත්ත පරිදි තම දරුවාගේ ගති ලක්ෂණ හැඩ ගසා ගත හැක.

Lucy ලුසී කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයත් මේ වගේ අමුතු හැකියාවන් තියන කෙනෙක් (io9.gizmodo.com)

Lucy ලුසී කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයත් මේ වගේ අමුතු හැකියාවන් තියන කෙනෙක් (io9.gizmodo.com)

මේ නිසා ඉදිරි අනාගතෙය්දී ඉපදෙන මිනිසුන් අපට වඩා නිරෝගී, කාර්යක්ෂම හා පෙනුමෙන් වැඩි දියුණු පිරිසක් වනු ඇතත්, එහි අහිතකර බලපෑමක්ද තිබිය හැකියි. හැම දෙනාම විවිධත්වයකින් තොර එකිනෙකාට බොහෝ දුරට සමාන ජාන වර්ග වලින් සමන් විත වීම හේතුවෙන් අලුතෙන් එන රෝගයකට ඔරොත්තු දීමේ නොහැකියාවක් ඇති වීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. සරලව කියනවා නම් මෙවන් තත්වයක් තුළ එක අලුත් ලෙඩක් ඇති මුළු මහත් මිනිස් සංහතියම විනාශ වී යන්නට.

ලෝකප්‍රකට විද්‍යාඥයකු වන ස්ටීවන් හෝකිං පවසන පරිදි අනාගතයේ එක් තරා දිනයක උල්කාපාතයක් කඩා වැටීමෙන් හෝ පරමාණු යුද්ධයක ප්‍රථිපලයක් වශයෙන් මිනිස් සංහතිය විනාස වීමේ අවදානක් තිබෙනවා. නමුත් අභ්‍යවකාශය තරණය කර වෙනත් ග්‍රහලෝක හා චන්ද්‍රයින් මත මිනිස් ජන පද ඇති කිරීමෙන් අපේ අනාගතය සුරක්ෂිත කර ගත හැකි බවයි ඔහු පවසන්නේ.

මේවා ගැන නම් හිතන්නත් බයයි (popularmechanics.com)

මේවා ගැන නම් හිතන්නත් බයයි (popularmechanics.com)

අභ්‍යවකාශය ජය ගැනීම – ඒ කිව්වේ මිනිස් ජන පද බිහි කිරීම – අනගාතයේ අනිවාර්යයෙන් සිදු විය හැක්කක් යැයි පැවසීම අතිශෝක්තියක් නෙමෙයි. එපමණක් නොව මිනිස් මොළය පරමාණුවෙන් පරමාණුවට පිටපත් කර එම තොරතුරු පරිගණකයකට upload කිරීමෙන් අවසානයේ දවසක මරණය පවා ජය ගැනීමට මිනිසාට හැකි වේවි. මෙමගින් ආලෝකයේ වේගයෙන් තොරතුරු රටා (information patterns) ලෙස පරිගණක පද්ධති හරහා ගමන් කිරීමේ හැකියාව ඔහුට උදා වනු අතර, මිනිස් සිරුර මුළුමනින්ම අත් හැර දැමීමේ හැකියාවද ලැබෙනු ඇත.

මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේ කියල හිතෙන්න පුළුවන්. හැබැයි දැනටමත් මෙවන් පෙරළිකාර සොයා ගැනීම් සඳහා ලොව පුරා විද්‍යාඥයන් ඇති විශාල සංක්‍යාවක් ක්‍රියා කරමින් සිටිනවා.

Source: ASAPScience.com

කවරයේ පින්තුරය: iamclu.deviantart.com

Related Articles