Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙතෙක් සොයාගෙන ඇති අසාමාන්‍ය ග්‍රහලෝක

විශ්වයේ ඉමක් කොණක් පිළිබඳව අද වන තුරුත් නිසියාකාරව සොයාගෙන නැහැ. එහි පවතින ග්‍රහ තරුවලින් අද වන තුරුත් මිනිසා හඳුනාගෙන තිබෙන්නේ අංශුමාත්‍රයක් පමණ යි. මේ අංශුමාත්‍රය තුළත් ඉතා අසාමාන්‍ය පන්නයේ ග්‍රහලෝකයන් රැසක් පවතිනවා. මේ ඉන් කිහිපයක් පිළිබඳ තොරතුරු යි.

Gliese 436b – හෞතික විද්‍යා නියමයන් අභියෝගයට ලක් කරන ග්‍රහලොව

Youtube

මෙම ග්‍රහලොව ස්ථානගත වී ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 30ක් පමණ ඈතින්, අපට සිංහ රාශියට අයත් සේ දිස්වන තාරකාවක් වටා පරිභ්‍රමණය වෙමිනු යි. මෙම ග්‍රහලොව හෞතික විද්‍යා නියමයන් අභියෝගයට ලක් කරනවා.

මෙම ග්‍රහලොව පිහිටා ඇත්තේ, අප සෞරග්‍රහමණ්ඩලයේ සූර්යයාට ආසන්නවම පිහිටා ඇති බුධ ග්‍රහලොව එහි සිට සූර්යයාට පවතින පරතරයට වඩා 15 ගුණයක් සිය සූර්යයාට ආසන්නයෙනු යි. කෙසේ නමුත් මෙහි මතුපිට අයිස් ස්ථරයක් පවතිනවා. එමෙන්ම මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 439ක් හෙවත් ෆැරන්හයිට් අංශක 822ක්. වඩා අසාමාන්‍ය කාරනාව වන්නේ මෙවන් ඉහළ උෂ්ණත්වයක දීත් ඒ මත අයිස් ස්ථරයක් පිහිටීම යි. මෙය කර වෙමින් පවතිනවා. මෙයට හේතුව මෙම ග්‍රහලොවෙහි ඇති ඉතාමත් බලවත් ගුරුත්වාකර්ෂණ බලය යි. මේ නිසා එහි මතුපිටින් නික්මෙන ජල වාෂ්ප පවා වහාම සම්පීඩනය වී ඝණ අයිස් සෑදෙනවා. මේ නිසා එම අයිස් ස්ථරය දියවීමකට ලක් වන්නේ නැහැ. මෙම ග්‍රහලොව පෘථිවි දින 2කුත් පැය 15.5ක් තුළ එක් වරක් සිය සූර්යයා වටා භ්‍රමණය වෙනවා.

55 Cancri E- දියමන්තියෙන් සෑදුණු ලොවක්

Youtube

මෙම ග්‍රහලොව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරකින්, කටක රාශිය තුළ යි. මෙය ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙගුණයක් වන අතර, පෘථිවිය මෙන් අට ගුණයක පමණ බරක් දරනවා. මෙහි ඝණත්වය පෘථිවියට වඩා බොහෝ වැඩියි. මෙම ග්‍රහලොවෙහි අප සූර්යයාට වඩා වැඩි ප්‍රමාණයක කාබන් අන්තර්ගත වෙනවා.

මෙම ග්‍රහලොවෙහි බරින් වැඩි ප්‍රමාණයකට හේතුවන්නේ එහි ඇති කාබනුයි. එමෙන්ම, ඒ මතුපිට සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400ක් හෙවත් ෆැරන්හයිට් අංශක 4417ක් බවට සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඒ මත පීඩනයත් ඉතා වැඩි යි. මේ හේතු නිසා එහි මතුපිට සම්පූර්ණයෙන්ම පාහේ දියමන්තිවලින් වැසී ඇති බවට අනුමාන කෙරෙනවා. මෙය සිය මවු තරකාවට බොහෝ සෙයින් සමීපව පිහිටා ඇති අතර, එය වටා වූ කක්ෂය ඔස්සේ එක් වටයක් පරිභ්‍රමණය වන්නට ගතවන්නේ පෘථිවි පැය 18ක් පමණ යි.

Hd 189733b- වීදුරු වැසි වසින ග්‍රහලොව

Youtube

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 62ක් පමණ ඈතින් පිහිටි මෙම ග්‍රහලොව අප සෞරග්‍රහමණ්ඩලයේ පිහිටි විශාලතම ග්‍රහලොව වන බ්‍රහස්පතිටත් වඩා මඳ වශයෙන් විශාල යි. මෙය දීප්තිමත් නිල්, දම් පැහැයකින් බබලන අතර, මීට හේතු වී ඇත්තේ එහි ඇති අසාමාන්‍ය වායුගෝලය යි. මෙහි වායුගෝලයේ බහුතරය සමන්විත වන්නේ සිලිකේට පරමාණු හා අණුවලිනු යි. එමෙන්ම මෙහි සුළං ප්‍රවාහවල වේගය උපරිම වශයෙන් පැයට කි.මී 5,400 දක්වා වූ අතිශය ඉහළ අගයකට පත්විය හැකි යි. මෙය තත්පරයකට කිලෝමීටර 2ක් තරම් වූ වේගයක් වන අතර ශබ්දයේ වේගය මෙන් 7 ගුණයක් වෙනවා. එමෙන්ම මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 900ක් හෙවත්, ෆැරන්හයිට් අංශක 1652ක් තරම් වූ ඉහළ අගයකට පත් විය හැකි යි.

මෙම ග්‍රහලොව හා සබැඳි තවත් විශේෂතම කාරණයක් වන්නේ උක්ත තත්ත්වයන් යටතේ දී එහි වායුගෝලයේ වීදුරු කැබලි ඇති වී, ඒවා වර්ෂාව ලෙස එහි මතුපිටට පතිත වීම යි. මෙම වීදුරු වර්ෂාවක් සහිත සුළඟක් පෘථිවියෙහි සමකය මත ඇති වූවා නම්, එයට පෘථිවිය  වටා වටයක් සම්පූර්ණ කරන්නට ගතවන්නේ මිනිත්තු 5කුත් තත්ත්පර 30ක් පමණ යි.

Wasp-12b- ආලෝකය ‘අනුභව කරන’ ග්‍රහලොව

thenicee.com

මෙම ග්‍රහලොව කළු කුහර හැරුණු විට විශ්වයෙහි හමුවන වඩාත් අඳුරු පැහැති ග්‍රහ වස්තුවක්. ව්‍යවහාරයේ පවතින්නේ මෙය ඊට වැටෙන ආලෝකය ‘අනුභව’ කරන බව යි.

මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන් බ්‍රහස්පති මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙය මීට වැටෙන ආලෝකයෙන් 94%ක පමණ ප්‍රමාණය අවශෝෂණය කිරීමෙහි ලා සමත්. මෙහි ආලෝකය වැටෙන පැත්තේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 4,600ක් හෙවත් ෆැරන්හයිට් අංශක 8,312ක් පමණ වෙනවා. මෙහි එක් පැත්තක් සෑම විටම සිය මවු තාරකාවට මුහුණලා පිහිටනවා. මේ නිසා සෑම විටම මෙහි එක් පැත්තකට දහවල උදා වී පවතින අතර, අනෙක් පැත්තට රාත්‍රිය උදා වී පවතිනවා. සූර්යයාට මුහුණ නොපා පවතින පැත්තේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,200ක් හෙවත් ෆැරන්හයිට් අංශක 3,992ක් පමණ වෙනවා. මේ ඉහළ උෂ්ණත්ව හේතුවෙන් ජල වාෂ්ප ඇති වී වලාකුළු ඇති වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එයට වැටෙන ආලෝකය පරවර්ථනය වීම අවම වෙනවා. කොටින්ම මින් නැගෙන විවිධ අංශු එහි මවු තාරකාව පෙදෙසටත් විසිරී යනවා.

Psr J1719–1483 B- පල්සරයක් වටා කක්ෂ ගත් වී ඇති තාරකාවක්

static.boredpanda.com

මෙම ග්‍රහලොව කක්ෂගත වී ඇත්තේ පල්සරයක් හෙවත් ඉතා දැඩි ඝණත්වයක් සහිත, කුඩා නියුට්‍රෝන තාරකාවක් වටා යි. මෙම තාරකාව ප්‍රමාණයෙන් විශාල නගරයක් තරම්. මෙම පල්සරයෙහි විෂ්කම්භය සැතපුම් 12ක් හෙවත් කිලෝමීටර 19ක් පමණ වෙනවා. එහෙත් එහි ඝණත්වය අප සූර්යයාගේ මෙන් 1.4 ගුණයක් පමණ වෙනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, උක්ත ග්‍රහලොව ඉතා ඉක්මණින් මෙම පල්සරය වටා පරිභ්‍රමණය වීම යි. ඒ සඳහා එය ගන්නා කාලය පෘථිවි පැය 2ක් තරම් වෙනවා.

මෙම ග්‍රහලොවෙහි විෂ්කම්භය පෘථිවි විෂ්කම්භය මෙන් ආසන්න වශයෙන් සිවු ගුණයක් පමණ වන අතර, ස්කන්ධය පෘථිවිය මෙන් 330 ගුණයක් පමණ වෙනවා. මෙය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4000ක් පමණ දුරකිනු යි. මෙහි හරය දියමන්තිවලින් සුසැදියැ යි අනුමාන කෙරෙනවා.

කවරයේ පින්තූරය- usatoday.com

Related Articles